ලෝක කුසලාන කණ්ඩායමේ නායකත්වය චන්දනට

282

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හා ලාහෝරයේ දී මේ මස 8 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වෙන දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පස්වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

නව වසරේ සිංහයන්ට අභියෝග කරන තරගාවලි

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගත් කළ ගෙවී ගිය 2017 වර්ෂය සිත් තැවුල් සහ කළකිරීම් වලින් පිරුණු..

මේ තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් 17ක් හා නිලධාරීන් තිදෙනෙකු අතුලත් වන අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔවුන්ගේ ක්‍රිකට් උපකරණ සහ ගුවන් බලපත්‍ර වෙනුවෙන් රුපියල් මිලියන 1.1ක (රුපියල් ලක්ෂ එකොළහක්) වැය කර ඇත.  

එක් කණ්ඩායමකට පන්දුවාර 40ක් පිරිනැමෙන මේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙම මස හය වැනිදා ඩුබායි බලා පිටත්ව යනු ඇත. ක්‍රිකට් ආයතනය දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පුහුණුවීම් වෙනුවෙන් එන්. සී. සී. ක්‍රීඩාංගණයේ පැති විකට්ටුව, මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ තණතිල්ල (මධ්‍ය විකට්ටුව) හා පුහුණුකරුවකුගේ සේවය ද සපයනු ලබයි.

මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දෘශ්‍යාබාධිත ලෝක ක්‍රිකට් සංගමයේ 2017 වසරේ මෙරට සාමාජික මුදල වන බ්‍රිතාන්‍ය පවුම් 200ක (රුපියල් 40000ක් පමණ) මුදලක් ද, බංග්ලාදේශයේ දී පැවැත්වෙන වාර්ෂික මහා සභා රැස්වීමට සහභාගි වීමට නියෝජිතයන් දෙදෙනෙකු සඳහා ගුවන් ගමන් බලපත්‍රවලට අදාළ වියදම් ද (ක්‍රිකට් ඒඩ් ආධාර මත රුපියල් 219000/-) සපයා ඇත. ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර ක්‍රිකට් ප්‍රධානි හා ක්‍රිකට් ඒඩ් (ආධාර) අංශ සුපරීක්ෂක උප සභාපති කේ. මතිවානන් මහතා අදාළ අනුග්‍රාහක චෙක්පත කණ්ඩායමේ කළමනාකරු එච්. ජී. චමින්ද පුෂ්පකුමාර කරුණාරත්න මහතා වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී අද (2) නිල වශයෙන් ප්‍රදානය කළේය. දේශීය ක්‍රිකට් අංශ ප්‍රධානි චින්තක එදිරිමාන්න මහතා ද මේ අවස්ථාවට සහභාගී විය.

Main target is to win next World Cup with Sri Lanka – Hathurusingha

Sri Lanka’s new national team head coach Chandika..

ආබාධිතයින් සඳහා වන ක්‍රිකට් සංගමයේ සාමාජිකත්වය දරන මෙවර ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය චන්දන දේශප්‍රිය විසින් දරයි.  2012 සිට මෙහි ශූරතාවය දිනා ඇත්තේ ඉන්දියාව වන අතර 2014 දී ශ්‍රී ලංකාව අවසාන පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

වර්තමාන ශූරයින් වන ඉන්දීය කණ්ඩායමට අමතරව ශ්‍රී ලංකාව, පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය හා ඕස්ට්‍රේලියාව සහභාගි වන මේ තරගාවලියේ මූලික තරග රවුන්ඩ් රොබින් ක්‍රමයට පැවැත්වේ. නේපාල දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන දෘශ්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියට එක්වන පළමු වතාව මෙය වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින මූලික වටයේ තරග කාලසටහන

  • ජනවාරි 9 ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව
  • ජනවාරි 12 බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව
  • ජනවාරි 13 ඉන්දියාව හා ශ්‍රී ලංකාව
  • ජනවාරි 15 නේපාලය හා ශ්‍රී ලංකාව

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<