වසර 10කට පසු ශ්‍රී ලංකාව සුවිශේෂී තරග සංචාරයක

751

වසර 10ක පමණ කාල පරාසයකින් අනතුරුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ජූනි මාසයේ දී ටෙස්ට් තරග තුනකින් සමන්විත සංචාරයක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල සංචාරයක නිරත වීමට නියමිත අතර මෙම සංචාරය බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය අද (04) ප්‍රකාශයට පත්කරනු ලැබීය.

චන්දිමාල් සහ මැතිව්ස් කෝලිගේ දඩයම පමා කරයි

ඉන්දීය කණ්ඩායමේ සියලු සැලසුම් ව්‍යර්ථ කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේ සියලු ගෞරව තමන් සන්තකයේ ….

එහි දී කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය බාබඩෝස් නුවර ‘Kensington Oval’ ක්‍රීඩාංගණයේ දී ජුනි මස 14 වන දින ආරම්භ වීමට නියමිත අතර එම ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමක් ටෙස්ට් තරගයක් සඳහා සහභාගී වන්නේ පළමු වරට වීම සුවිශේෂත්වකි. ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජුනි මස 06 වන දින ට්‍රිනිඩෑඩ් හි ‘Queens Park Oval’ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත අතර තරගාවලියේ තෙවන හා අවසන් ටෙස්ට් තරගය ජුනි මස 23 වන දින ශාන්ත ලුසියා හි පිහිටි ‘ඩැරන් සැමී ක්‍රීඩාංගණයේ දී’ ආරම්භ වනු ඇත.

මෙම ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම මැයි මස 30 වන දින සිට ට්‍රිනිඩෑඩ් හි ‘බ්‍රයන් ලාරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී’ තුන් දින සංචාරක තරගයක් සඳහා ද සහභාගී වීමට නියමිත ය.

ශ්‍රී ලංකා කණ්ඩායමක් අවසන් වරට බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිදී ටෙස්ට් තරගාවලියක් සඳහා සහභාගී වූයේ 2008 වසරේ දී වන අතර එහි දී ඔවුන් බටහිර ඉන්දීය කොදේව් දූපත්වල දී ලබාගත් පළමු ටෙස්ට් ජයග්‍රහණයට හිමිකම් කියද්දී තරගාවලිය තරග 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. කෙසේ නමුත් ශ්‍රී ලංකාව ඉන් අනතුරුව සීමිත පන්දුවාර තරගාවලි සඳහා එහි සංචාරය කර ඇත. බටහිර ඉන්දීය කොදෙව් දූපත් වලදී දෙරට අතර මේ වන විට ටෙස්ට් තරග 6ක් පවත්වා ඇති අතර ඉන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත්තේ එක් තරගයක් පමණක් වන අතර තවදුරටත් තරග 3ක් පරාජයට පත්වෙද්දී ඉතිරි තරග 2 ජය පරාජයෙන් තොරව නිමාවට පත්වී ඇත.

කෝලි තම දඩබිමේ ගොදුරු සෙවීම ඉක්මන් කරයි

ඉන්දීය ශ්‍රී ලංකා තෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේ දී සේ ම දෙවැනි දිනයේ දී ද තම දඩබිම තමන්ට රිසි අයුරින් චලනය කරවීමට ඉන්දීය ක්‍රීඩකයෝ අද (03) දිනයේ දී ද සමත්…

දෙරට අතර අවසන් වරට පැවති ටෙස්ට් තරගාවලිය 2015 වසරේ ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාවේ දී පැවැත්වුණු අතර එම තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

තරග කාලසටහන 

සංචාරක තරගය: මැයි මස 30 – ජූනි මස 1, Brian Lara Cricket Ground, Trinidad

  • පළමු ටෙස්ට් තරගය: ජූනි මස 6-10, Queen’s Park Oval, Trinidad
  • දෙවන ටෙස්ට් තරගය: ජූනි මස 14-18, Kensington Oval, Barbados
  • තෙවන ටෙස්ට් තරගය: ජූනි මස 23-27, Darren Sammy Cricket Ground, St. Lucia

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න