Home Sinhala ඕමානය පැරද වූ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට!

ඕමානය පැරද වූ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට!

ACC Men's Emerging Teams Asia Cup 2023

3061
ACC Men's Emerging Teams Asia Cup 2023

2023 නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ අවසන් තරගය ලෙස අද (18) ශ්‍රී ලංකා A සහ ඕමාන A කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයෙන් පහසු ජයක් ලබා ගත් ශ්‍රී ලංකා A කණ්ඩායම තරගාවලියේ අවසන් පූර්ව වටය වෙත සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඕමානය පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා.

ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුලු 8ක් දැවී ලකුණු 259ක් ලබා ගැනීමට සමත් වුනා. මෙහි දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපුරුදු ආරම්භක පිතිකරු යුගලය වූ අවිශ්ක ප්‍රනාන්දු සහ ලසිත් කෲස්පුල්ලේ විසින් ඉනිමට ලකුණු 55ක ආරම්භක සබඳතාවක් ලබා දුන් අතර මෙහි දී අවිශ්ක ලකුණු 25ක් ලබා ගැනීමෙන් පසුව දැවී ගියා.

එතැන් සිට ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 29ක් එක් වන අතරේ කඩුලු දෙකක් බිඳ වැටුණු අතර ඉන්පසුව පිටියේ එක් වූ සහන් ආරච්ච්ගේ සහ පසිඳු සූරියබණ්ඩාර විසින් නැවත ඉනිම ස්ථාවර කිරීමට සමත් වුනේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 110ක විශිෂ්ට සබඳතාවක් පිහිටුවමිනුයි.

ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව 194ක් වන විට ලකුණු 60ක් ලබා සිටි පසිඳුගේ ඉනිම නිමා වූ අතර ඊට මොහොතකට පසු ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙස සහන් ආරච්ච්ගේ ලකුණු 48කට දැවී ගියා.

කෙසේ වෙතත් ඉනිමේ අවසන් භාගයේ දී චාමික කරුණාරත්න සහ නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 41ක සබඳතාවක් පිහිටුවීමට සමත් වෙමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ ලකුණු සංඛ්‍යාව 250 සීමාව ඉක්මවා රැගෙන යාමට සමත් වුනා.

මෙහි දී චාමික විසින් ලකුණු 20ක් සහ දුනිත් නොදැවුණු ලකුණු 21ක් ලබා ගත්තා. ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු යැවීමෙන් සාර්ථක වූ Aqib Ilyas විසින් ලකුණු 58කට කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වුනා.

මෙම තරගය පැවැත්වුණු තණතීරුව තරමක් මන්දගාමී එකක් වූ නිසාම ශ්‍රී ලංකා පිතිකරුවන් විසින් ඉවසිලිවන්ත ලෙස ලබා ගත් මෙම ලකුණු ප්‍රමාණය ඕමානයට අතිශය අසීරු හඹා යෑමක් බව පෙනෙන්නට තිබුණා.

ඕමාන ඉනිම ආරම්භයේ පටන් ම ඒ බව තහවුරු වූ අතර, ඉනිමේ පළමු පන්දුවාරයේ පටන් එකින් එක කඩුලු බිද වැටීමට පටන් ගත්තා.

ඒ අනුව ඕමාන පිතිකරුවන් විසින් මුහුණ දීමට සමත් වුනේ පන්දුවාර 17කුත් එක් පන්දුවකට පමණයි.

ඔවුන්ගේ ඉනිම ලකුණු 42කට සීමා වූ අතර මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් චාමික කරුණාරත්න කඩුලු 3ක් දවා ගනිද්දී, දුනිත්, ප්‍රමෝද් මදුශාන් සහ ලහිරු සමරකෝන් අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා. ඊට අමතරව සහන් ආරච්ච්ගේ විසින් එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුනා.

ඕමාන A කණ්ඩායමට එරෙහිව ලබා ගත් ලකුණු 217ක අති දැවැන්ත ජයග්‍රහණය නිසා ශ්‍රී ලංකාව තරගාවලියේ A කාණ්ඩයේ ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් වුනේ ප්‍රසාද ලකුණු 4ක් සහ දළ ලකුණු වේගය 1.693ක් වැනි ඉහළ අගයකට රඳවා ගනිමිනුයි.

මෙම තරගයේ වීරයා සම්මානය තරගයේ වැඩිම ලකුණු ලාභියා වූ පසිඳු සූරියබණ්ඩාර හට හිමි වුනා.

  • ශ්‍රී ලංකා A259/8 (50) පසිඳු සූරියබණ්ඩාර 60, සහන් ආරච්ච්ගේ 48, ලසිත් කෲස්පුල්ලේ 42, Aqib Ilyas 4/58
  • ඕමාන A42/10 (17.1) Kashyap Prajapati 18, චාමික කරුණාරත්න 3/3, ප්‍රමෝද් මදුශාන් 2/6, දුනිත් වෙල්ලාලගේ 2/10

එමෙන්ම අද ඇෆ්ගනිස්තාන A සහ බංග්ලාදේශය A කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයෙන් ලකුණු 21ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වූ බංග්ලාදේශය A කාණ්ඩයේ ලකුණු සටහනේ දෙවන ස්ථානය ස්ථිර කර ගැනීමට සමත් වුනා.

මේ අනුව නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට A කාණ්ඩයේ මුල් ස්ථාන දෙක දිනා ගත් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමත් වූ අතර තරගාවලිය ආරම්භයේ පටන් ලකුණු සටහනේ පෙරමුණේ රැඳී සිටි ඇෆ්ගනිස්තාන A කණ්ඩායම තරගාවලියෙන් ඉවතට විසි වී ගියා.

තරගාවලියේ මූලික වටයේ අවසන් තරග දෙක හෙට (18) නේපාල සහ එක්සත් අරාබි එමීර් A කණ්ඩායම් අතරත්, ඉන්දියා A සහ පාකිස්තාන A කණ්ඩායම් අතරත් පැවැත්වීමට නියමිතයි.

නමුත් මේ වන විටත් එම කණ්ඩායම් නියෝජනය කරනා B කාණ්ඩයේ පළමු ස්ථාන දෙක (ඉන්දියාව සහ පාකිස්තානය) තීරණය වී හමාරයි. හෙට ඉන්දු – පාකිස්තාන ගැටුමේ තීරණය අනුව එම කාණ්ඩයේ මුල් ස්ථාන දෙක (ඉන්දියාව සහ පාකිස්තානය අතරින්) තීරණය වනු ඇති අතර එළඹෙන සිකුරාදා (21) ශ්‍රී ලංකාව සමඟ අවසන් පූර්ව වටයේ දී ක්‍රීඩා කරන කණ්ඩායම ද තීරණය වනු ඇති.

තරගාවලියේ සියලු විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Sri Lanka A Team
259/8 (50)

Oman A
42/10 (17.1)

Batsmen R B 4s 6s SR
Avishka Fernando b Ayaan Khan 25 38 3 0 65.79
Lasith Croospulle c Shoaib Khan b Ayaan Khan 43 49 7 1 87.76
Minod Bhanuka st Suraj Kumar b Jay Odedra 9 20 0 0 45.00
Pasindu Sooriyabandara b Aqib Ilyas 60 75 5 0 80.00
Sahan Arachchige st Suraj Kumar b Aqib Ilyas 48 63 1 0 76.19
Lahiru Samarakoon b Jay Odedra 1 5 0 0 20.00
Ashen Bandara c Kashyap Prajapati b Aqib Ilyas 11 10 1 0 110.00
Dunith Wellalage not out 21 22 1 0 95.45
Chamika Karunarathne c Jay Odedra b Aqib Ilyas 20 14 0 2 142.86
Dushan Hemantha not out 5 4 0 0 125.00


Extras 16 (b 1 , lb 7 , nb 0, w 8, pen 0)
Total 259/8 (50 Overs, RR: 5.18)
Bowling O M R W Econ
Kaleemullah 6 0 28 0 4.67
Wasim Ali 10 0 52 0 5.20
Ayaan Khan 10 0 39 2 3.90
Jay Odedra 9 0 44 2 4.89
Samay Shrivastava 5 0 30 0 6.00
Aqib Ilyas 10 0 58 4 5.80


Batsmen R B 4s 6s SR
Kashyap Prajapati c Minod Bhanuka b Lahiru Samarakoon 18 25 2 0 72.00
Jatinder Singh b Dunith Wellalage 0 2 0 0 0.00
Aqib Ilyas c Minod Bhanuka b Pramod Madushan 1 5 0 0 20.00
Ayaan Khan c Lasith Croospulle b Pramod Madushan 1 13 0 0 7.69
Shoaib Khan b Lahiru Samarakoon 0 1 0 0 0.00
Wasim Ali c Dunith Wellalage b Sahan Arachchige 6 19 1 0 31.58
Suraj Kumar c Minod Bhanuka b Chamika Karunarathne 10 20 1 0 50.00
Rafiullah c Sahan Arachchige b Chamika Karunarathne 2 6 0 0 33.33
Samay Shrivastava lbw b Chamika Karunarathne 0 2 0 0 0.00
Jay Odedra not out 2 6 0 0 33.33
Kaleemullah lbw b Dunith Wellalage 1 4 0 0 25.00


Extras 1 (b 0 , lb 0 , nb 0, w 1, pen 0)
Total 42/10 (17.1 Overs, RR: 2.45)
Bowling O M R W Econ
Dunith Wellalage 3.1 0 10 2 3.23
Pramod Madushan 5 2 6 2 1.20
Lahiru Samarakoon 5 0 21 2 4.20
Sahan Arachchige 2 1 2 1 1.00
Chamika Karunarathne 2 0 3 3 1.50