LSG වේගපන්දු යවන්නාට තරවටු කරයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

547

Royal Challengers Bangalore සමඟ පසුගිය දා පැවති තරගයේ දී පෙන්නුම් කළ ආවේගශීලී හැසිරීම නිසා Lucknow Super Giants ක්‍රීඩක Avesh Khanට තරවටු කිරීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබෙනවා.

Lucknow Super Giants නියෝජනය කරන Avesh Khan, ඉන්දීය ප්‍රිමියර් ලීග් ආචාරධර්ම පද්ධතියේ 2.2 වගන්තිය කඩ කරමින් පළමු කාණ්ඩයේ වරදක් කළ බව පිළිගෙන තියෙනවා. ඒ නිසා එම සිදුවීම සම්බන්ධයෙන් ඔහුට දඬුවම් කරන්න කටයුතු කරනවා වගේම එය තරග තීරකගේ අවසාන තීරණය මත තීරණය වෙනවා,” යැයි ඉන්දීය බලධාරීන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වුනා.

තරගයේ ජයග්‍රහණයට ලකුණක් අවශ්‍ය වූ මොහොතේ Jaydev Unadkat දැවී ගිය අතර එම දැවී යාමෙන් පසු පිටියට පිවිසි Avesh Khanට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමේ වගකීම හිමි වුනා.

අවසන් පන්දුව යැවීමට පෙර පිතිකරණයේ නොයෙදුණ පිතිකරු පන්දු යැවීමට පෙර සීමා ඉර පසු කර තිබීම නිසා Harshal Patel විසින් එම ක්‍රීඩකයා දුවද්දී දැවී යාමකට හසු කර ගැනීමට උත්සහ කළත්, එය සාර්ථක වුනේ නැහැ.

එම සිදුවීමෙන් පසු අවසන් පන්දුව පිත්තේ දවටා ගැනීමට Avesh Khanට නොහැකි වූවත් කඩුලු රකින්නා වෙත ඇදී ගිය පන්දුවට දිවයමින් ලකුණක් සම්පූර්ණ කිරීමට පිතිකරුවන්ට හැකි වූ අතර එම පන්දුව කඩුල්ලට එල්ල කිරීමට Dinesh Karthikට හැකි වුනේ නැහැ.

එම අවසන් ලකුණ සම්පූර්ණ කිරීමත් සමඟ Avesh Khan සිය හෙල්මටය ගලවා පොළවේ ගසනු දක්නට ලැබූ අතර එම සිදුවීම නිසා ඔහුට තරවටු කිරීමට තරග තීරකයා තීරණය කර තිබෙනවා.

මෙම තරගයේ දී දඬුවමකට යටත් වූ එකම ක්‍රීඩකයා Avesh Khan නොවන අතර තරගයේ රඳවා ගත් අඩු පන්දුවාර වේගය නිසා ඉන්දීය රුපියල් ලක්ෂ 12ක දඩයක් RCB නායක Faf du Plessisට පනවා තිබෙනවා.

Royal Challengers Bangalore ක්‍රීඩකයින් Lucknow Super Giants සමඟ පැවති තරගයේ රඳවා ගත් අඩු පන්දුවාර වේගය නිසා ඔවුන්ට දඩයක් පැනවීමට කටයුතු කර තිබෙනවා.

එය මේ තරග වාරයේ කණ්ඩායමක් එම වරද සිදු කළ පළමු අවස්ථාව වන අතර නායක Faf du Plessisට ඉන්දීය ලක්ෂ 12ක දඩයක් පැනවීමට කටයුතු කරනවා,” යැයි තරග සංවිධායකයින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වුනා.

මෙවර IPL තරගාවලියේ සියලු තරග සජීව ලෙස ඔබ වෙත ThePapare.com ඔස්සේ නැරඹිය හැකි. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

Hindustan times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<