Home Sinhala සඳකැන් හා ලහිරු කුමාර එක්ව ඉන්දියානු ඉනිම වනසති

සඳකැන් හා ලහිරු කුමාර එක්ව ඉන්දියානු ඉනිම වනසති

225

සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ දෙවන නිල නොවන ටෙස්ට් තරගය අද (31) හුබ්ලි හිදී ඇරඹුණි.

තරගයේ මුලින්ම පන්දුවට පහර දීම තෝරා ගත් ඉන්දියානුවන් තම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 269ක් රැස් කළේය. ඊට පිළිතුරු වශයෙන් තම පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව අද දිනය අවසන් විට කඩුලු 4ක් දැවී ලකුණු 87ක් ලබා සිටි අතර ඒ විට පිටියේ පිතිකරණයේ නියැලෙමින් සිටි නිරෝෂන් දික්වැල්ල සහ ප්‍රියමාල් පෙරේරා පිළිවෙළින් ලකුණු 27ක් සහ 15ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියේ ය.

දික්වැල්ලගේ ශතකය අපතේ යයි

ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය සංචාරයට මුල පුරමින් බෙලගවි හිදී ආරම්භ වූ පළමු නිල නොවන ටෙස්ට්…

ඉන්දියානුවන් මෙම තරගයට අවතීර්ණ වූයේ පළමු තරගය ජය ගැනීමත් සමඟම තරගාවලියේ 1-0ක් ලෙස ඉදිරියෙන් සිටීමේ වාසියත් සමඟිනි.

තරගයේ කාසිය වාසිය දිනා ගනිමින් මුලින්ම පන්දුවට පහර දීමට ඉන්දීය නායක ප්‍රියන්ක් පන්චාල් තීරණය කළ අතර එහි දී ඉන්දීය ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ දකුණත් පිතිකරුවන් දෙදෙනෙකු වූ නායක පන්චාල් සමග අභිමන්‍යු ඊස්වරන් ය.

එහෙත් පළමු තරගයට හාත්පසින්ම වෙනස් ආරම්භයක් ලබා ගනිමින් එම තරගයේ දැවැන්ත ආරම්භයක් ලබාගත් ඔවුන් දෙදෙනාටම ආ විගස ක්‍රීඩාගාරය වෙත හැරී යන්නට වූයේ ලහිරු කුමාරගේ පන්දු හමුවේ දික්වැල්ල අතට උඩ පන්දු ලබා දෙමිනි. ඔවුන් දෙදෙනාම කිසිදු ලකුණක් ලබා ගැනීමට පෙර දවා ගැනීමට වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර සමත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට අතිසාර්ථක ආරම්භයක් ලබා දෙමිනි. ඒ වන විට ඉන්දීය ලකුණු පුවරුව 2/1 ලෙස දිස්විය.

මුල් කඩුලු දෙකම එකවර දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසියේ දකුණත් පිතිකරුවන් දෙදෙනෙකු වන අන්මොල්පරිට් සිං සහ සිදේශ් ලාඩ් ය. ඔවුන් දෙදෙනා එක්ව කෙමෙන් කෙමෙන් පිටියේ තැන්පත් වෙමින් ලකුණු 63ක කෙටි සබඳතාවක් ගොඩනගනු ලැබීය. පසුව ලකුණු 32ක් ලබා සිටි සිදේශ් ලාඩ් මුළු ලකුණු 64 දී දැවී ගියේ විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ නිරෝෂන් දික්වැල්ල අතට උඩපන්දුවක් ලබා දෙමිනි.

පසුව පිටියට පිවිසියේ ඉන්දීය කඩුලු රකින ශ්‍රීකර් භරත් ය. ඉන්දීය ඉනිමේ හොඳම පිතිකරණ සබඳතාවයට හිමිකම් කියමින් අන්මොල්පරිට් සිං සමඟ ලකුණු 91ක සබඳතාවයක් ගොඩනැගීමට භරත් සමත් වූයේ ඉන්දීය ගැලවුම්කරුවා ද බවට පත්වෙමිනි.

ලකුණු 65ක් ලබා සිටි අන්මොල්පරිට් සිං මලින්ද පුෂ්පකුමාරගේ පන්දුවක් හමුවේ භානුක රාජපක්ෂ අතට උඩ පන්දුවක් ලබා දී ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 155ක් ලෙස සටහන් වන විට ය.

එහෙත් ඉන්පසු පැමිණි කිසිම පිතිකරුවෙකුට පිටියේ සාර්ථක වීමට ඉඩ ලබා නොදීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් වග බලා ගත් අතර එසැණින් ක්‍රියාත්මක වූ ලක්ෂාන් සඳකැන් ශිවම් ඩූබෙව සහ ජයන්ත් යාදව්ව පිළිවෙළින් ලකුණු 15කට හා එකකට දවා ගැනීමට සමත් වූයේ අනෙක් අන්තයේ සිටි භරත්ව හුදකලා කරමිනි. ඔවුන් දෙදෙනාම පන්දුව කෙළින්ම කඩුල්ලේ දැවටීමෙන් දැවී යන විට ඉන්දීය ලකුණු පුවරුව 194/6 ලෙස දිස් විය.

Thirimanne believes power hitting not central to success

With scores below 300 becoming increasingly rare in modern one-day…

අනතුරුව පිටියට පිවිසි ආධිත්‍ය සර්වටේ ද ලකුණු 10ක් රැස්කර සිටිය දී සඳකැන්ගේ පන්දුවක් හමුවේ කමිඳු මෙන්ඩිස් අතට උඩ පන්දුවක් ලබා දී දැවී ගියේ ඉනිමේ හත් වන කඩුල්ල ලෙසිනි. එවිට මුළු ලකුණු සංඛ්‍යාව 214ක් ලෙස සටහන් විය.

ඉන්පසුව පිටියට එක් වූ රාහුල් චහාර් සමඟ ලකුණු 55ක සබඳතාවයක් පැවැත්වීමට භරත්ට හැකියාවක් ලැබුණු අතර ඒ අතරින් චහාර් ලකුණු 21ක දායකත්වයක් ලබා දුන්නේ ය. ලහිරු කුමාරගේ පන්දුවක් හමුවේ කඩුලු රකින දික්වැල්ල අතට ලබා දී චහාර් අට වන කඩුල්ල ලෙසින් දැවී ගියේ ඉන්දීය ලකුණු පුවරුව 269ක් ලෙස සටහන් වන විට ය.

ඒ සමඟින්ම අනෙක් අන්තයෙන් යළිත් ක්‍රියාත්මක වූ ලක්ෂාන් සඳකැන් විසින් නො.10 පිතිකරු ලෙස පිටියට පිවිසි සන්දීප් වොරියර්ව කිසිදු ලකුණක් ලබා ගැනීමට පෙර දවා ගනු ලැබුවේ නැවත වරක් ශ්‍රීකර් භරත්ව පිටියේ හුදකලා කරමිනි.

අවසානයේ තම විශිෂ්ට හුදකලා ඉනිමට තිත තබමින් ඉන්දීය ඉනිමේ නියමුවා බවට පත් වූ භරත් අවසන් කඩුල්ල ලෙසින් දැවී ගියේ ඉන්දීය ඉනිම ලකුණු 269කට සීමා කරමිනි. ලහිරු කුමාරගේ පන්දුවක් හමුවේ ප්‍රියමාල් පෙරේරා අතට උඩ පන්දුවක් ලබා දී ඔහු දැවී ගියේ 117කටය.

පිටිය සිසාරා පහරවල් එල්ල කරමින් ඉන්දීය පිතිකරණයට මහත් අස්වැසිල්ලක් වූ ඔහුගේ විශිෂ්ට ශතකය අතිශයින්ම ප්‍රශංසනීය ඉනිමකි.

ඉන්දීය ඉනිමේ අවසන් කඩුලු තුනම ලකුණු 269 දී දැවී ගිය අතර පන්දු යැවීමෙන් ලක්ෂාන් සඳකැන් හා ලහිරු කුමාර දෙදෙනාම කඩුලු 4 බැගින් දවා ගනිමින් ඉන්දීය ඉනිම සුනුවිසුනු කර දැමීය. අනෙක් කඩුලු දෙක දවා ගනු ලැබුවේ මලින්ද පුෂ්පකුමාර සහ විශ්ව ප්‍රනාන්දු දෙදෙනා විසිනි.

මෙහි දී ලහිරු කුමාර 53/4 සහ සඳකැන් 64/4 ලෙස තම පන්දු යැවීම් වාර්තාව සටහන් කළහ.

ඉන්පසු තම පළමු ඉනිම සඳහා පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය බවට පත්වූයේ දකුණත් පිතිකරුවන් දෙදෙනෙකු වූ සධීර සමරවික්‍රම සහ පැතුම් නිස්සංක යුගලයයි. එහෙත් ඉතා අසාර්ථක ආරම්භයක් ලබා ගත් ඔවුන් දෙදෙනාවම ආ විගස ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඉන්දීය වේග පන්දු යවන්නන් සමත් වූයේ තරගය ඔවුන් දෙසට ද නැඹුරු කරගනිමිනි.

එහි දී පැතුම් නිස්සංක කිසිදු ලකුණක් ලබා ගැනීමට පෙර සන්දීප් වෝරියර්ගේ පන්දුවක් හමුවේ ජයන්ත් යාදව්‍ට උඩ පන්දුවක් ලබා දී මුලින්ම දැවී ගිය අතර එහි දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 0/1ක් ලෙස දිස් විය.

ඉන්පසුව සධීර සමරවික්‍රම ද ලකුණු 8ක් ලබා සිටිය දී දැවී ගියේ ශිවම් ඩූබෙගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි. මුල් කඩුලු දෙක දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්වූයේ 26/2ක් ලෙස යි. ඒ වන විට කඩුල්ලේ රැඳී සිටි වමත් පිතිකරු භානුක රාජපක්ෂ සමඟ නො.4 පිතිකරු ලෙස පිටියට එක්වූයේ ශ්‍රී ලංකා නායක සහ දකුණත් පිතිකරු අශාන් ප්‍රියන්ජන් ය.

ඉන්දීය අණසක හමුවේ නායක ප්‍රියන්ජන් හුදකලා වෙයි

සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය සංචාරයට මුල පුරමින් පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට්…

එහෙත් වැඩි වෙලාවක් යන්නට මත්තෙන් ලකුණු 18ක් ලබා සිටි භානුක ද දැවී ගියේ ශ්‍රී ලංකා කණ්ඩායම තවත් අසීරු අඩියකට ඇද දමමිනි. සන්දීප් වොරියර්ගේ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියේ ඊස්වරන් අතට උඩපන්දුවක් ලබා දෙමිනි. එම අවස්ථාව වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 30/3ක් බවට පත්විය.

අනතුරුව පිටියට එක්වූයේ පළමු තරගයේ ශතකයක් ලබා ගනිමින් සාර්ථක වූ ශ්‍රී ලංකා පිලේ කඩුලු රකින්නා සහ වමත් පිතිකරුවෙකු වන නිරෝෂන් දික්වැල්ලයි. තම පිතිකරණ ස්ථානයේ උසස්වීමක් ලබා නො.5 ස්ථානය සඳහා පිතිකරණට පිවිසි දික්වැල්ල අද දිනයේ ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත් වූයේ නොදැවී ලකුණු 27ක් රැස් කරමිනි.

එහෙත් අනෙක් අන්තයේ පිතිකරණයේ රැඳී සිටි නායක ප්‍රියන්ජන් ද ලකුණු 18කට දැවී ගියේ ශ්‍රී ලංකා පිතිකරණ අංශය තවත් අන්ත අසරණ කරමිනි. මුලු ලකුණු 52 දී සිව්වැනි කඩුල්ල වශයෙන් ඔහු දැවී ගියේ ශිවම් ඩූබෙගේ පන්දුවක් හමුවේ අන්මොල්පරිට් සිං අතට උඩපන්දුවක් ලබා දෙමිනි. ඉන්පසු පිටියට එක්වූයේ දකුණත් මැදපෙළ පිතිකරු ප්‍රියමාල් පෙරේරා ය.

ඉන්දියානුවන් ලකුණු 269ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමේ වාසිය නිසි ආකාරව ලබා ගැනීමට අසමත් වූ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ පිතිකරණ විලාශය පළමු ටෙස්ට් තරගයට කිසිසේත් දෙවැනි නොවීය.

කෙසේ වෙතත් අද දිනය නිම වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 87/4ක් ලෙස සටහන් වූ අතර එහි දී නිරෝෂන් දික්වැල්ල ලකුණු 27ක් ද, ප්‍රියමාල් පෙරේරා ලකුණු 15ක් ද ලබා නොදැවී පිටියේ රැඳී සිටියේ ය. තරගයේ තීරණාත්මක දෙවන දිනය හෙටයි.

Result


West Indies
108/3 (13.4)

Pakistan
105/10 (21.4)

Batsmen R B 4s 6s SR
Imam-ul-Haq c Shai Hope b Sheldon Cottrell, 2 11 0 0 18.18
Fakhar Zaman b Andre Russell 22 16 2 1 137.50
Babar Azam c Shai Hope b Oshane Thomas 22 33 2 0 66.67
Haris Sohail c Shai Hope b Andre Russell 8 11 1 0 72.73
Sarfaraz Ahmed c Shai Hope b Jason Holder 8 12 1 0 66.67
Mohammad Hafeez c Sheldon Cottrell, b Oshane Thomas 16 24 2 0 66.67
Imad Wasim c Chris Gayle b Jason Holder 1 3 0 0 33.33
Shadab Khan lbw b Oshane Thomas 0 1 0 0 0.00
Hasan Ali c Sheldon Cottrell, b Jason Holder 1 4 0 0 25.00
Wahab Riaz b Oshane Thomas 18 11 1 2 163.64
Mohammad Amir not out 3 6 0 0 50.00


Extras 4 (b 0 , lb 0 , nb 2, w 2, pen 0)
Total 105/10 (21.4 Overs, RR: 4.85)
Fall of Wickets 1-17 (2.6) Imam-ul-Haq, 2-35 (5.5) Fakhar Zaman, 3-45 (9.4) Haris Sohail, 4-62 (13.1) Babar Azam, 5-75 (16.1) Sarfaraz Ahmed, 6-77 (16.6) Imad Wasim, 7-78 (17.3) Shadab Khan, 8-81 (18.3) Hasan Ali, 9-83 (19.3) Mohammad Hafeez, 10-105 (21.4) Wahab Riaz,

Bowling O M R W Econ
Sheldon Cottrell, 4 0 18 1 4.50
Jason Holder 5 0 42 3 8.40
Andre Russell 3 1 4 2 1.33
Carlos Brathwaite 4 0 14 0 3.50
Oshane Thomas 5.4 0 27 4 5.00


Batsmen R B 4s 6s SR
Chris Gayle c Shadab Khan b Mohammad Amir 50 34 6 3 147.06
Shai Hope c Mohammad Hafeez b Mohammad Amir 11 17 1 0 64.71
Darren Bravo, c Babar Azam b Mohammad Amir 0 4 0 0 0.00
Nicholas Pooran not out 34 19 4 2 178.95
Shimron Hetmyer not out 7 8 0 0 87.50


Extras 6 (b 0 , lb 3 , nb 0, w 3, pen 0)
Total 108/3 (13.4 Overs, RR: 7.9)
Fall of Wickets 1-36 (4.3) Shai Hope, 2-46 (6.2) Darren Bravo,, 3-77 (10.5) Chris Gayle,

Bowling O M R W Econ
Mohammad Amir 6 0 26 3 4.33
Hasan Ali 4 0 39 0 9.75
Wahab Riaz 3.4 1 40 0 11.76



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<