යොවුන් ඔලිම්පික් උළෙලත් කල් යයි

144
Olympics.org

පවතින තත්වයන් සැලකිල්ලට ගනිමින් 2022 සෙනෙගාලයේ දී පැවැත්වීමට නියමිතව තිබූ යොවුන් ඔලිම්පික් උළෙල 2026 සඳහා කල් දැමීමට සෙනෙගාල ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් යෝජනාවට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ එකඟතාව හිමි වී ඇත.

“ඔලිම්පික් නැවත පවත්වනවාට වඩා අවලංගු කිරීම පහසුයි”

යොවුන් ඔලිම්පික් උළෙල 2026 දක්වා කල් ගිය ද එහි සත්කාරකත්වයේ කිසිදු වෙනසක් සිදු නොවන අතර මෙම කල් දැමීම මගින් අන්තර්ජාතික ජාතික ඔලිම්පික් කමිටුව, ජාතික ඔලිම්පික් සංගම් සහ අන්තර්ජාතික ක්‍රීඩා සම්මේලනයට තමන්ගේ සැලසුම් හරියාකාරව සිදු කර ගැනීමට හැකි වනු ඇත.

තවද මෙම කල්දැමීම මගින් සෙනෙගාලයට යෞවන ඔලිම්පික් තරගාවලිය ඉතා විශිෂ්ට ලෙස සංවිධානය කිරීමට ඉඩ සැලසෙන අතර මෙතෙක් දුරට එම ක්‍රීඩා උළෙල සංවිධානය කර ඇති ආකාරය අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධානියාගේ සහ සෙනෙගාල ජනාධිපතිවරයාගේ පැසසුමට ද ලක් විය.

එසේම ඔලිම්පික් කමිටුවේ සාමාජිකයෙක් මෙන්ම Dakar 2022 සංවිධායක මණ්ඩලයේ ප්‍රධානියා ද වන Mamadou Diagna හට තම සම්පූර්ණ විශ්වාසය තබා ඇති අතර අප්‍රිකාවේ පැවැත්වෙන මුල්ම ඔලිම්පික් තරගාවලිය වන මෙම යෞවන ඔලිම්පික් තරගාවලියේ සාර්ථකත්වය සඳහා සියල්ලන්ම ඉතා කැපවීමෙන් කටයුතු සිදු කරනු ඇතැයි බලාපොරොත්තු වේ. 

තවත් ප්‍රධාන පෙළේ මැරතන් තරගයකට තිත

මෙම තීරණය බොහෝ යොවුන් ක්‍රීඩකයන් හට බලාපොරොත්තු සුන් වීමක් වන අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් අන්තර්ජාතික ඔලිම්පික් කමිටු ප්‍රධානියා ප්‍රකාශ කර සිටියේ මෙම ගිවිසුම මගින් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සහ සෙනෙගාලය අතර ඇති අන්‍යෝන්‍ය අවබෝධය මනාවට විදහා දැක්වෙන බවයි.

“මෙම ගිවිසුම මගින් සෙනෙගාලය සහ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව අතර ඇති අන්‍යෝන්‍ය අවබෝධය මනාව පෙන්නුම් කරනවා. මම මගේ ස්තුතිය පුද කරන්න කැමතියි සෙනෙගාල ජනාධිපතිවරයාට. ඔහු ඉතාම හොඳ මිතුරෙක් මෙන්ම හොඳ සහයෝගය ලබා දෙන්නෙක්. 

මෙම සියලු හේතු නිසාවෙන් මා හට විශ්වාසයි සෙනෙගාල, අප්‍රිකානු මහද්වීපයේ සහ ලොව පුරා සිටින යෞවන ක්‍රීඩකයන් හට 2026 වසරේ දී ඉතා හොඳ ඔලිම්පික් තරගාවලියක් සංවිධානය කිරීමට අප හට හැකි වෙයි කියලා” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම මෙම තීරණය පිළිබඳව අදහස් දක්වමින් සෙනෙගාල ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ මෙම යොවුන් ඔලිම්පික් තරගාවලිය නැවත සංවිධානය කිරීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව අවශ්‍ය සියලූම සහයෝගය ලබා දීමට තමන් සූදානම් බව නැවත මතක් කිරීමට කැමති බවත්, අප්‍රිකාවේ පැවැත්වෙන මුල්ම ඔලිම්පික් උළෙල සාර්ථක සහ අමතක නොවන එකක් බවට පත්කර ගැනීමට තමන් මෙය අවස්ථාවක් කරගන්නා බවයි.

මෙම ගිවිසුම ඊයේ (15) දින අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක මණ්ඩලය විසින් අනුමත කර ඇති අතර එය එළඹෙන සිකුරාදා (17) අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සැසිවාරයේ දී ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<