දඟපන්දු යවන්නන්ට අභියෝගාත්මකයි – ජෙෆ්රි වැන්ඩර්සේ

273

ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය නියෝජනය කරන ජෙෆ්රි වැන්ඩර්සේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන සූදානම පිළිබඳව අදහස් දක්වා සිටියා. ශ්‍රී ලංකාව තම අත්වැරදීම් නිවැරදි කරගනිමින් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේ අරමුණින් ක්‍රීඩා කරනු ඇතැයි ඔහු එහි දී පවසා සිටියා.

මේක හීනයක් සැබෑ වුනා වගේ – ජීවන් මෙන්ඩිස්

මීට වසර 9කට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එක්දින වරම් දිනා ගත් පා…

ශ්‍රී ලංකා කණ්ඩායමේ නව නායකයා වන දිමුත් කරුණාරත්න තම කණ්ඩායම මනා ලෙස හසුරවමින් කණ්ඩායමේ වාසනාව උරගා බැලීමට සූදානම් වන අතර මෙම තරගාවලියට පෙර පැවති තරගාවලි තුනෙන් දෙකක දී ම අවසන් මහා තරගය දක්වා පැමිණීමට ශ්‍රී ලංකාව සමත් වීම විශේෂත්වයකි.

ජෙෆ්රි වැන්ඩර්සේ 2017 ඔක්තෝබර් මාසයේ සිට ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර නැත. ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමවල යම් පසුබෑමකට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මුල් ස්ථාන වලට අභියෝගයක් වනු ඇතැයි ඔහු පවසා ඇත.

“අපි පුළුවන් තරම් හොඳට සෙල්ලම් කරලා ජයග්‍රහණය කරන්න උත්සාහ කරනවා. අපි ආවේ පරාජය වෙන්න නෙමෙයි” ඔහු පවසා සිටියා.

“අපි ආවේ නැවත වරක් ඒක ජයග්‍රහණය කරන්න. අපේ රට වෙනුවෙන් සටන් කරන්න.”

“ඕන කෙනෙක්ට මත පල කරන්න පුළුවන් කණ්ඩායම් ගැන. ඒත් කණ්ඩායමේ එකමුතුව තමයි වටින්නේ. අපි කොහොමද පුහුණු වුනේ කියන එක, අපි කොහොමද සැලසුම් සකස් කරේ කියන එක වගේම අපි කොහොමද ඒ සැලසුම්වලට ක්‍රීඩා කරන්නේ කියන එක තමයි තරගයේ ජයග්‍රහණය තීරණය කරන්නේ.”

“හැමවෙලේම ඍණාත්මක අදහස් තියෙන්න පුළුවන්. විශේෂයෙන් අපි ගැන. අනික් කණ්ඩායම් ගැන උනත් එවන් අදහස් තියෙන්න පුළුවන්. අපි අසාර්ථක උනත් අපි නැවතත් රිද්මයට ඇවිල්ලා තරග ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා පෙන්වන එක තමයි වැදගත්.”

යකඩ පොල්ලෙන් පහර කා පැමිණි අවසන් මහා තරගයේ වීරයා

1979 වසරේ දෙවැනි වරට පැවැත්වුණ ක්‍රිකට් ලෝක කුසලානයට සත්කාරකත්වය ලබා දුන්නේ…

1996 ලෝක කුසලාන ශූරයන් වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලානය සඳහා විශේෂ වෙනස්කම් කීපයක් සමඟින් සහභාගි වීම බොහෝ දෙනාගේ අවධානයට යොමු වී තිබූ අතර එම වෙනස්කම් කණ්ඩායමේ ප්‍රදාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතාගේ සැලසුම්වලට අනුව සිදුව ඇත.

නායක දිමුත් කරුණාරත්න 2015 ලෝක කුසලානයෙන් අනතුරුව සහභාගි වන පළමු ජාත්‍යන්තර තරගය මෙය වේ. කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙක් වන ලහිරු තිරිමාන්න ද 2017 දෙසැම්බර් සිට ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර නොමැත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන තරග පසුගිය දා දකුණු අප්‍රිකාව සමඟින් පැවති පුහුණු තරගයෙන් ආරම්භ වූ අතර එම තරගය ලකුණු 87කින් පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය. කාඩිෆ් හි පැවති තරගයේ පළමු ඉනිම වෙනුවෙන් දකුණු අප්‍රිකාව කඩුලු 7 කට ලකුණු 338 ක් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් හා නායක දිමුත් වෙනුවෙන් තම උපරිමය ඉටු කිරීමට සූදානම් බව ජෙෆ්රි වැන්ඩර්සේ පවසා සිටියා.

“මට විශ්වාසයි මට කණ්ඩායම වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් කියලා” තවමත් 29 වන වියෙහි පසුවන ජෙෆ්රි පවසා සිටියා.

“දඟපන්දු යවන්නෙක් ලෙස අභියෝගයක් තියනවා හතරේ හා හයේ සීමාවන් එතරම් විශාල නොවන නිසා. අපිට හැමවෙලේම පීඩනයක් එල්ල කරමින් කඩුලු ලබා ගන්න උත්සාහ කරන්න වෙනවා.”

පංචාල්ගේ පිතිකරණයට විශ්ව සහ දික්වැල්ලගෙන් නැවතීමේ තිත

සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය සංචාරයට මුල පුරමින් පැවැත්වෙන …

“මම හිතන්නේ මට විශ්වාසය හා දක්ෂතාවය තියනවා. මම හොඳින් පුහුණුවීම් කරනවා.”

“දිමුත් කණ්ඩායමට ආදර්ශයක්. ඔහුට ඉක්මන් ලකුණු ලබාගන්න පුළුවන්. ඔහු ගොඩක් වටිනා ක්‍රීඩකයෙක්. තරගයේ දී වගේම තරගයෙන් පිටතදීත් ”

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 11කට සහභාගි වී ඇති ජෙෆ්රි එහි දී බිදහෙලා ඇති කඩුලු සංඛ්‍යාව 11ක්. ඔහුගේ ලකුණු සාමාන්‍ය 5.74ක් ලෙස වාර්තා වේ.

2019 ලෝක ක්‍රිකට් වසන්තයට තවත් ඉතිරිව ඇත්තේ දින 4ක් පමණි. මැයි මස 30 වැනිදා එංගලන්ත දකුණු අප්‍රිකා තරගයෙන් ලෝක කුසලානය ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය නවසීලන්තයට එරෙහිව ජුනි මස 1 වැනිදා පැවැත්වේ.

ලෝක කුසලාන තරගාවලියේ නිල වෙබ් අඩවියක් ලෙස කටයුතු කරන ThePapare.com ලෝක කුසලාන තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<