A කණ්ඩායමේ නායකත්වය ප්‍රියංජන්, තරංග සහ දුමිඳුට

1958

එළඹෙන 6 වැනිදා ආරම්භ වන අයර්ලන්ත A – ශ්‍රී ලංකා A නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක අශාන් ප්‍රියන්ජන් වෙත ලබා දී තිබෙන අතර එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය උපුල් තරංග වෙත ලබා දී ඇත.

ඊට අමතරව ජනවාරි මස 1 වැනිදා හා 2 වැනිදා පැවැත්වෙන දෙදින පුහුණු ක්‍රිකට් තරගය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය හෂාන් දුමිඳු වෙත ලබා දී තිබේ.

අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමක් ලබන වසර මුලදී ශ්‍රී ලංකාවට

ප්‍රබල වමත් ආරම්භක පිතිකරුවෙක් වන උපුල් තරංග ද ශ්‍රී ලංකා A එක්දින සංචිතයට ඇතුළත් කර ඇති අතර චරිත් අසලංක, සම්මු අශාන්, මිනෝද් භානුක හා අසිත ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, හසිත බෝයගොඩ යන යොවුන් ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ද මේ සංචිතයන් සඳහා  ඇතුළත් කර තිබීම සුවිශේෂී වේ.

එක් දෙදින පුහුණු ක්‍රිකට් තරගයකින්, සිව්දින ක්‍රිකට් තරග දෙකකින් හා එක්දින ක්‍රිකට් තරග පහකින් සමන්විත මේ තීරණාත්මක හා තරගකාරී ක්‍රිකට් තරගාවලිය 2019 ජනවාරි 1 වැනිදා සිට 29 වැනිදා දක්වා ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම හා අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වේ.

2013 වසරේ ජුනි මස 1 වැනිදාට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් A කණ්ඩායම සිව්දින ක්‍රිකට් තරග 29ක් සඳහා සහභාගී වී ඇති අතර එහි දී තරග 9ක් ජයග්‍රහණය කර ඇත්තේ තරග 6ක් පමණක් පරාජය වෙමිනි. ඊට අමතරව තවත් තරග 14ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.

Photos: Sri Lanka A vs Ireland A – Pre Series Media Briefing

 

ශ්‍රී ලංකා A කණ්ඩායම හා අයර්ලන්ත A කණ්ඩායම අතර අවසන් වසර 5ක කාලය පුරාවට කිසිදු ක්‍රිකට් තරගයක් පවත්වා නොමැති අතර ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම අවසන් වසර 5ක කාලය පුරාවට බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය, එංගලන්තය, නවසීලන්තය හා බංග්ලාදේශ යන රටවල්වල A කණ්ඩායම් සමඟ තරග වැදී ඇත.

මැතිව්ස් වෙනුවට කඩුලු රකින පිතිකරුවෙක්

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වුණු දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය …

ඒ අතරින් පසුගිය දා අවසන් වූ ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ දී සහභාගී වූ සිව්දින ටෙස්ට් තරග තුනෙන් එක් තරගයක් ජයග්‍රහණය කර ඇති අතර තරග 3කින් සමන්විත නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය.

ජනවාරි මස 2 සහ 3 යන දිනවල අයර්ලන්ත ‘A’ කණ්ඩායම කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී පුහුණු තරගයකට සහභාගී වන අතර දෙරට අතර පැවැත්වෙන පළමු සිව්දින ක්‍රිකට් තරගය ජනවාරි මස 6 වැනිදා සිට 9 වැනිදා දක්වා කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ජනවාරි මස 13 වැනිදා සිට 16 වැනිදා දක්වා පැවැත්වෙන දෙවැනි සිව්දින තරගය මෙන්ම පළමු සහ දෙවැනි එක්දින ක්‍රිකට් තරග ද හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඉන්පසුව පැවැත්වෙන තෙවැනි සහ සිව්වැනි එක්දින තරග කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර අවසන් එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා A සංචිතයන්

සිව්දින තරග සඳහා – අශාන් ප්‍රියන්ජන් (නායක), ඇන්ජලෝ පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, ලහිරු මිලන්ත, හසිත බෝයගොඩ, පැතුම් නිස්සංක, සම්මු අශාන්, කමිඳු මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, මනෝජ් සරත්චන්ද්‍ර, ලසිත් ඇඹුල්දෙනිය, නිශාන් පීරිස්, අමිල අපොන්සු, නිසල තාරක, චාමික කරුණාරත්න, ශෙහාන් මදුසංක, මොහොමඩ් ශිරාස්, දිලේෂ් ගුණරත්න.

ඇලෙස්ටෙයාර් කුක්ට නම්බු නාමයක් ලැබෙන්නට යන ලකුණු

එංගලන්ත කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු මෙන්ම පුරා ….

එක්දින තරග සඳහා – උපුල් තරංග (නායක), මිලින්ද සිරිවර්ධන (උපනායක), අවිශ්ක ප්‍රනාන්දු, සඳුන් වීරක්කොඩි, සම්මු අශාන්, කමිඳු මෙන්ඩිස්, ශෙහාන් ජයසූරිය, ලසිත් ඇඹුල්දෙනිය, රමේෂ් මෙන්ඩිස්, අමිල අපොන්සු, ජීවන් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු, ජෙහාන් ඩැනියල්, ඉසුරු උදාන, ඉශාන් ජයරත්න

දෙදින පුහුණු තරගය සඳහා – හෂාන් දුමිඳු (නායක), හශේන් රාමනායක (උපනායක), සඳුන් වීරක්කොඩි, ඕෂද ප්‍රනාන්දු, හසිත බෝයගොඩ, නුවනිඳු ප්‍රනාන්දු, අශේන් බණ්ඩාර, දුශාන් විමුක්ති, මිනෝද් භානුක, මහේෂ් තීක්ෂණ, තරිඳු කෞෂාල්, අකාෂ් සේනාරත්න, කල්හාර සේනාරත්න, කලණ පෙරේරා, අක්තාබ් කාඩර්

තරග කාලසටහන

  • ජනවාරි 1 වැනිදා සහ 2 වැනිදා – දෙදින පුහුණු තරගය – කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේ දී
  • ජනවාරි 5 වැනිදා සිට 8 වැනිදා දක්වා – පළමු සිව්දින තරගය – කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී
  • ජනවාරි 13 වැනිදා සිට 16 වැනිදා දක්වා – දෙවැනි සිව්දින තරගය – හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී
  • ජනවාරි 19 වැනිදා – පළමු එක්දින තරගය – හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී
  • ජනවාරි 21 වැනිදා – දෙවැනි එක්දින තරගය – හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී
  • ජනවාරි 24 වැනිදා – තෙවැනි එක්දින තරගය – කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී
  • ජනවාරි 26 වැනිදා – සිව්වැනි එක්දින තරගය – කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී
  • ජනවාරි 29 වැනිදා – තෙවැනි එක්දින තරගය – කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී

මේ තරගාවලියට සහභාගී වන අයර්ලන්ත ක්‍රිකට් ‘A’ කණ්ඩායම මේ වන විට දිවයිනට පැමිණ ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<