නුවරඑළියේ බොක්සිං ක්‍රීඩාව නඟාසිටුවීමේ උත්සාහයක්

96

නුවර එළිය අධ්‍යාපන කලාපයේ පාසල්වල බොක්සිං ක්‍රීඩාව නඟාසිටුවීම සඳහා උපකරණ ලබා දීමේ වැඩසටහනක් පසුගිය 14 වැනිදා ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විය. ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ලෙස කටයුතු කරන ඩයන් ගෝමස් මහතා විසින් උපකරණ ලබා දීම සිදුකරන ලදි.

දශකයක් පුරා ක්‍රීඩාවට හදවතින්ම

ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com අපි, විජයග්‍රාහී 10 වසරක ගමන්…

එංගලන්තයේ පිහිටි බොක්සිං සමාජයක් වන Islington බොක්සිං සමාජයේ සභාපති Lenny Hagland මහතා සහ මොහාන් සමරසිංහ මහතා මෙම උපකරණ ලබා දීමේ වැඩසටහන සඳහා ශ්‍රී ලංකා බොක්සිං සංගමයට ප්‍රධාන ලෙස දායකත්වය ලබා දී තිබේ.

ඩයන් ගෝමස් මහතා විසින් නුවරඑළිය අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යක්ෂ සුසන්ත වීරසේන මහතා වෙත උපකරණ භාර දීම සිදු කළ අතර එම උපකරණ එළඹෙන මාස 3 තුළ පැවැත්වීමට නියමිත බොක්සිං ක්‍රීඩාව පුහුණු කිරීමේ වැඩසටහනේ දී තෝරාගත් පාසල් 25 සඳහා බෙදා දීම සිදු කිරීමට නියමිතය. මෙම උපකරණ ලබා දීමේ වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් සුසන්ත වීරසේන මහතා මෙසේ පැවසීය.

“ශ්‍රී ලංකාවේ බොක්සිං ඉතිහාසයේ පළමු වරට නුවරඑළිය අධ්‍යාපන කලාපයට ලබා දුන් මෙම බොක්සිං උපකරණ ලබා දීමේ වැඩසටහන, ඉදිරි අනාගතයේ දී අති දක්ෂ බොක්සිං ක්‍රීඩකයින් බිහිකිරීමේ හැරවුම් ලක්ෂ්‍යය වන බව නොඅනුමානයි.”

ශ්‍රී ලාංකිකයෙකු ජාත්‍යන්තර බොක්සිං තනතුරකට

ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ වර්තමාන උපසභාපති ධූරයේ කටයුතු කරන ඕබ්‍රි පීරිස් මහතා…

වැඩසටහනින් පසු ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතා මෙසේ පැවසීය.

“ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ බොක්සිං ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමට සහ ක්‍රීඩාව ක්‍රියාත්මක වන පාසල්වලට තව තවත් සහයෝගය ලබා දීමට ශ්‍රී ලංකා බොක්සිං සංගමය කටයුතු කරනවා.”

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<