ඇලෙස්ටෙයාර් කුක්ට නම්බු නාමයක් ලැබෙන්නට යන ලකුණු

190

එංගලන්ත කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු මෙන්ම පුරා වසර 5කට ආසන්න කාලයක් කණ්ඩායමට නායකත්වය දෙමින් විශිෂ්ට ජයග්‍රහණයන් රැසක් කරා කණ්ඩායම මෙහෙය වූ ඇලෙස්ටෙයාර් කුක් වෙත නයිට් නාමයක් පිරිනැමීමට බ්‍රිතාන්‍යය මහ රැජිණ තීරණය කර ඇති බව කියැවෙන පුවතක් එංගලන්තයේ ප්‍රධාන පෙළ මාධ්‍ය ජාලා කිහිපයක්ම වාර්තා කර තිබේ.

ඇන්ජලෝ මැතිව්ස්ගේ ආබාධයේ නවතම තත්වය මෙන්න

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රයිස්ට්චර්ච් හී නිමා වූ දෙවන ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වන ඊයේ…….

ඒ අනුව මෙම සුවිශේෂි ගරු නාමය උදාවන නව වසර ආරම්භයේ දී සංකේතාත්මකව පිරිනැමීමට කටයුතු යොදා ඇති බව එම වාර්තාවන් හී සඳහන් වේ.

මීට මාස කිහිපයකට ඉහත දී ඉන්දීය කණ්ඩායමේ එංගලන්ත සංචාරය අතරතුර පැවති අවසන් ටෙස්ට් තරගයේ දී වසර 12ක ක්‍රීඩා දිවියට සමු දුන් 34 හැවිරිදි මෙම අනර්ඝ පිතිකරුවා එදා මෙදා තුර එංගලන්තය බිහි කළ විශිෂ්ටතම පිතිකරුවා ලෙස සියල්ලන්ගේම ගෞරවාදරයට පාත්‍ර වේ.

ටෙස්ට් තරග 166කට සහභාගී වෙමින් ශතක 33ක් ද සමඟින් ලකුණු 12,472ක් තම පිත්තෙන් වාර්තා කිරීමට ඔහු සමත් වූ අතර එම ලකුණු සංඛ්‍යාව එංගලන්තය වෙනුවෙන් අන්තර්ජාතික ටෙස්ට් තරගයන් හී ක්‍රීඩකයෙකු විසින් වාර්තා කර ඇති වැඩිම ලකුණු ප්‍රමාණය ලෙසින් දැනටමත් වාර්තා පොත් අතරට එක් වී හමාරය.

දක්ෂ පිතිකරුවෙකු මෙන්ම විශිෂ්ට නායකයෙකු ලෙසින් ද සිය දායකත්වය උපරිමයෙන් එංගලන්තය වෙනුවෙන් ලබා දීමට කුක් සමත් වූයේ ඔහු නායකත්වය ලබා දෙමින් මෙහෙය වූ අළු බඳුන කුසලාන තරගාවලි 4ක ජය තම මව්රටට හිමි කර දෙමිනි.

නවසීලන්තයට වාර්තා ගත ටෙස්ට් ජයක්

ක්‍රයිස්චර්ච් හෙග්ලි ඕවල් ක්‍රීඩාංගණයේ දී අද (30) අවසන් වූ ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 423ක පරාජයකට මුහුණ……

ශ්‍රීමත් ඉයන් බොතම් විසින් 2007 වර්ෂයේ දී නයිට් පදවිය දිනා ගැනීමෙන් අනතුරුව ක්‍රිකට් ක්‍රීඩාවට ඉටු කළ මහඟු සේවාව වෙනුවෙන් එම ගෞරව නාමය දිනා ගැනීමට සමත් වූ දෙවැනි එංගලන්ත ජාතික ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් ඇලෙස්ටෙයාර් කුක් ඉතිහාසගත වේ.

කුක් වෙත සිය සුභාශිංශනය පිරිනමමින් එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති කොලින් ග්‍රේව්ස් මහතා මෙසේ සිය අදහස් මාධ්‍ය ප්‍රකාශ කළේය.

“ඔහුගේ දත්ත වාර්තා අරගෙන බැලුවොත් ඕනෑම කෙනෙකුට තේරෙනවා කුක් කියන්නේ කොයිතරම් සුපිරි ක්‍රීඩකයෙක් ද කියලා. ඔහුගේ මෙම විශේෂ දක්ෂතා නිසා අළු බඳුන කුසලානය ඇතුළුව තවත් වැදගත් තරගාවලි රැසක ජයග්‍රහණය ලබාගන්න අපිට පුළුවන් වුනා. සෑම තරුණ ක්‍රීඩකයෙකුටම කුක්ගේ ක්‍රීඩා ජීවිතයෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.”

“අපි ඉතාමත් වාසනාවන්තයි කුක් වැනි අසහාය ක්‍රීඩකයෙකුගේ සේවය ලබන්න. එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගමනයට ඔහු දැක්වූ දායකත්වයට අපි සැමදා ඔහුට ණයගැති.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<