ක්‍රීඩකයෙක් සුවය ලබා පිටියට එද්දී තවත් අයෙක්ට ආබාධයක්

416

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාව පුහුණු තරග දෙකක් සඳහා සහභාගී වන අතර එහි දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන පළමු තරගය අද (24) කාරිඩිෆ් හිදී ආරම්භ වූ අතර එම තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු වළලුකර ආශ්‍රිතව ආබාධයකට ලක්විය.

මාලිංග නොමැතිව ශ්‍රී ලංකාව පන්දු යැවීම තෝරා ගනී

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකාව සහභාගී වන පළමු පුහුණු තරගය දකුණු අප්‍රිකාව සමග අද (24) කාඩිෆ් හිදී පැවැත්වෙන

වයස අවුරුදු 21ක් වන අවිශ්ක පළමු පුහුණු තරගයේ දකුණු අප්‍රිකානු ඉනිමේ 18 වැනි පන්දුවාරය තුල පන්දුවක් රැක ගැනීමට යාමේ දී ලිස්සා ගොස් ඇදවැටීම නිසා මෙසේ ආබාධයකට ලක්විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ භෞතික චිකිත්සක අජන්ත වත්තේගම ඉක්මනින්ම පිටියට පැමිණ ඔහුගේ තත්වය පරික්ෂා කොට ගිලන් ඇඳක් මඟින් ඔහුව පිටියෙන් ඉවතට රැගෙන යාමට කටයුතු කළේය.

අභියෝගයට අභියෝග කරන්නට දිමුත් සූදානම්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස කටයුතු කරන දිමුත් කරුණාරත්න ඔහු ඉදිරියේ තිබෙන අභියෝගය

අවිශ්ක පසුගිය දා පැවැත්වුණු ශ්‍රී ලංකා – ස්කොට්ලන්ත දෙවන එක්දින තරගයේ දී අගනා අර්ධ ශතකයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු කඩුල්ල සඳහා සාර්ථක ආරම්භයක් ලබා දීමට සමත් විය.

කෙසේ නමුත් ආබාධයකට ලක්ව සිටි කුසල් ජනිත් පෙරේරා සිය ආබාධ තත්වයෙන් සුවය ලබා නැවතත් ක්‍රිකට් පිටියට පැමිණ සිටියි. මෙම පුහුණු තරගයේ පළමු පන්දුවාර 21 තුල කුසල් ජනිත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස ක්‍රීඩා කළ අතර ඉන්පසුව ඔහු යම් විවේකයක් ලබා ගැනීමට කුසල් මෙන්ඩිස්ට සිය අත් ආවරණ ලබා දුන්නේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන තරග කාලසටහන

  • ජුනි 1  – නවසීලන්තය – කාර්ඩිෆ්
  • ජුනි 4  – ඇෆ්ගනිස්තානය – කාර්ඩිෆ්
  • ජුනි 7  – පාකිස්තානය – බ්රිස්ටල්
  • ජුනි 11  – බංග්ලාදේශය – බ්රිස්ටල්
  • ජුනි 15  – ඕස්ට්‍රේලියාව – ඕවල්
  • ජුනි 21 – එංගලන්තය – ලීඩ්ස්
  • ජුනි 28 – දකුණු අප්‍රිකාව – චෙස්ටර් ලී ස්ට්රීට්
  • ජූලි 1  – බටහිර ඉන්දීය කොදෙව් – චෙස්ටර් ලී ස්ට්රීට්
  • ජූලි 6  – ඉන්දියාව – ලීඩ්ස්

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<