13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ අටවන දිනය වූ අද (09) නිමා වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් 8ක් හා ලෝකඩ පදක්කම් 15ක් හිමිකර දෙමිනි. ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් පදක්කම් සටහනේ තුන්වැනි ස්ථානයේ රැඳී සිටින අතර ඔවුන් ලබාගෙන සිටින මුළු පදක්කම් සංඛ්‍යාව 230කි. 

ඉතිහාසගත වාර්තාවක් සමඟින් සිංහ පැටවු පදක්කම් 200 පසුකරයි

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ හත්වැනි දිනය අද (08) නිමා වූයේ…….

තරගාවලියේ හත්වැනි දිනය ලෙස ඊයේ දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 36ක්, රිදී පදක්කම් 71ක් හා ලෝකඩ පදක්කම් 94ක් සමඟින් මුළු පදක්කම් 201ක් දිනා ගැනීමට සමත්ව සිටියේය.

අද දිනයේ දී තරග ඉසව් කීපයකම අවසන් තරග පැවති අතර එයට ටෙනිස්, කඩු සටන්, වෙඩි තැබීම, පිහිනුම්, ක්‍රිකට්, පැසිපන්දු, බොක්සිං, ජූඩෝ, ස්කොශ්, කබඩි හා මල්ලවපොර ඇතුළත් විය. 

අද දිනයේ ආරම්භය සටහන් වූයේ කාන්තා දුනු විදීම Individual Compound තරග ඉසව්වේ රිදී පදක්කමත් ලෝකඩ පදක්කමත් සමඟිනි. එම රිදී පදක්කම අනුරාධා කරුණාරත්න විසින් වාර්තා කළ අතර එම ඉසව්වේ ලෝකඩ පදක්කම තක්ශිලා දමයන්ති විසින් වාර්තා කළාය. 

3×3 පැසිපන්සු පිරිමි තරගාවලියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සමත් වූ අතර එම ඉසව්වේ රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට කාන්තා කණ්ඩායම සමත් විය. 

ඊයේ ආරම්භ වූ මල්ලවපොර තරග ඉසව්වේ තරග කීපයක් අද පැවැත්විය. එහි දී කාන්තා කිලෝග්‍රෑම් 68 බර පන්තියේ රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට මධුවන්ති රූපසිංහ සමත් වූ අතර පිරිමි කිලෝග්‍රෑම් 74 රිදී පදක්කම හිමිකර ගැනීමට ලක්මාල් විජේසූරිය සමත් විය. 

අද පැවති වෙඩි තැබීමේ අවසන් තරග ඉසව්වල දී ශ්‍රී ලංකා කණ්ඩායම පදක්කම් කීපයක් හිමිකර ගැනීමට සමත් විය. මීටර් 10 වායු පිස්තෝල මිශ්‍ර කණ්ඩායම් තරග සඳහා සහභාගි වූ සුරංග ප්‍රනාන්දු හා අමාලි කුලතුංග එහි රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය. 

මෙවර ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරග පසුගිය දා නිමා වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට රිදී පදක්කම හිමිකර දෙමිනි. අද පැවති පිරිමි ක්‍රිකට් අවසන් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම සුදුසුකම් ලබා සිටියහ. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූයේ රිදී පදක්කමයි. ඒ පිළිබඳව සියලු තොරතුරු සඳහා පිවිසෙන්න. 

SAG පිටියේ ක්‍රිකට් බලාපොරොත්තු රිදියෙන් නිමවෙයි!

ශ්‍රී ලංකාවට හිමි වන්නට තිබූ තවත් SAG රන් බලාපොරොත්තුවක් අද දිනයේ…….

ඊයේ ආරම්භ වූ බොක්සිං තරගවල අවසන් තරග වට කීපයක් අද දිනයේ දී පැවැත්විය. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම පදක්කම් කීපයක් හිමිකර ගැනීමට සමත් විය. තරගාවලියේ කිලෝග්‍රෑම් 64 light walterweight තරග ඉසව්වේ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට දිනිදු සපරමාදු සමත් විය. 

කාන්තා කිලෝග්‍රෑම් 51-54 bantom බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සංජීවනී කුරේ සමත් විය. කාන්තා කිලෝග්‍රෑම් 45-48 light fly weight තරග ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි වූයේ නදීකා පුෂ්පකුමාරි හටය. 

මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව වඩාත්ම සාර්ථක වූ තරග ඉසව්වක් ලෙස පිහිනුම් තරග ඉසව්  සැලකිය හැකි අතර අද දිනයේ පැවති අවසන් පිහිනුම් තරගවල දී ද ශ්‍රී ලංකා කණ්ඩායම කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් විය. 

මීටර් 200 පිරිමි individual medley තරග ඉසව්ව සඳහා සහභාගි වූ මැතිව් අබේසිංහ එහි ජාතික වාර්තාව අලුත් කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. මෙවර තරගාවලියේ තම 6 වැනි රන් පදක්කම ජයග්‍රහණය කිරීමට මැතිව් අබේසිංහ සමත් වූයේ මීටර් 100 නිදහස් ආර තරග ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කරමිනි. 

එහි ලෝකඩ පදක්කම හිමි වූයේ අකලංක පීරිස් හටය. අද දිනය තම සාර්ථකම දිනය බවට පත්කරගත් මැතිව් මීටර් 50 සමනල ආර තරග ඉසව්ව ද රන් පදක්කමක් සමඟින් නිමා කළේ නව ජාතික වාර්තාවක් පිහිටුවමිනි. එහි ලෝකඩ පදක්කම අකලංක පීරිස් හට හිමි විය. 

අද දිනයේ බිඳ වැටුණු තුන්වැනි ජාතික වාර්තාවට හිමිකම් කීමට සඳු ශාවින්දි සමත් වූ අතර ඇය මීටර් 50 සමනල ආර තරග ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගනිමින් මෙම වාර්තාව පිහිටු වීමට සමත් විය. 

පිහිනුම් තරග ඉසව්වේ අවසන් දිනය වූ අද පැවති කාන්තා මීටර් 4×100 සහය පිහිනුම් තරග ඉසව්වේ රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. එම තරග ඉසව්ව සඳහා සහභාගි වූ පිරිමි කණ්ඩායම නිවැරදි ආරම්භයක් ලබා නොගැනීම නිසා තරගයෙන් ඉවත් කෙරුණි. 

මැතිව්ගේ ගෙලට රන් 7ක් සහ රිදී පදක්කමක්

නේපාලයේ කත්මණ්ඩු අගනුවර දී පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු……

කඩු සටන් තරග ඉසව්වේ අද පැවති කණ්ඩායම් තරගවල දී ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි කණ්ඩායම් ලෝකඩ පදක්කම් තුනක් ජයග්‍රහණය කිරීමට සමත් විය. ඒ කාන්තා Sabre හා Epee, පිරිමි Foil යන තරග ඉසව්වල දී ය. 

දකුණු ආසියානු තරග ඉතිහාසයේ පළමු වතාවට කබඩි අවසන් තරගයක් සඳහා සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකා පිරිමි කබඩි කණ්ඩායම අද තම අවසන් තරගය සඳහා ඉන්දියාව සමඟින් තරග වැදිණි. එහි දී ලකුණක් ලෙස ජයග්‍රහණය ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර ශ්‍රී ලංකාවට රිදී පදක්කම හිමි විය. 

තරගාවලියේ අටවැනි දිනය ලෙස අද නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 39ක්, රිදී පදක්කම් 79ක් හා ලෝකඩ පදක්කම් 118ක් සමඟින් මුළු පදක්කම් 236ක් ජයග්‍රහණය කිරීමට සමත්ව සිටියහ. 

ඉන්දියාව රන් පදක්කම් 159ක්, රිදී පදක්කම් 91ක් හා ලෝකඩ පදක්කම් 44ක් සමඟින් තවමත් පදක්කම් සටහනේ පෙරමුණ ගෙන සිටින අතර දෙවන ස්ථානය ‍රන් පදක්කම් 49ක් ලබා ගත් නේපාලයට හිමිව ඇත. 

තරගාවලියේ නවවැනි හා අවසන් දිනය ලෙස හෙට (10) ක්‍රියාත්මක වීමට නියමිතය. 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<