13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ හයවැනි දිනය ලෙස අද (07) නිමා වූයේ ශ්‍රී ලංකා පදක්කම් සටහනට රන් පදක්කම් 7ක්, රිදී පදක්කම් 13ක් හා ලෝකඩ පදක්කම් 11ක් එක් කරමිනි. මේ වන විට සමස්ත පදක්කම් 172ක් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම පදක්කම් සටහනේ තුන්වැනි ස්ථානය දිනා ගැනීමට සමත්ව සිටී. 

තරගාවලියේ හයවැනි දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 24ක්, රිදී පදක්කම් 45ක් හා ලෝකඩ පදක්කම් 72ක් දිනා ගැනීමට සමත්ව ඇත. ඔවුන් සමස්ත පදක්කම් සටහනේ තුන්වැනි ස්ථානය ලබාගෙන සිටින අතර ඉන්දීය කණ්ඩායම තවමත් පෙරමුණ ගෙන ඇත්තේ රන් පදක්කම් 81ක්, රිදී පදක්කම් 41ක් හා ලෝකඩ පදක්කම් 23ක් දිනා ගනිමිනි. 

වාර්තා අලුත් කරමින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඉදිරියටම

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පස්වැනි දිනය අද (06) නිමාවට වූ අතර….

අද දිනයේ පළමු පදක්කම ලෙස ශ්‍රී ලංකා පදක්කම් සටහනට රන් පදක්කමක් එක් කිරීමට කාන්තා මැරතන් තරගය සඳහා සහභාගි වූ හිරුණි විජයරත්න සමත් විය. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක SAG මැරතන් තරග ඉසව්වේ රන් පදක්කම දිනා ගත් පළමු අවස්ථාව ලෙස මෙය සටහන් විය. 

හෙල්ල විසිකිරීම කාන්තා තරග ඉසව්වේ දී ද ශ්‍රී ලංකා පදක්කම් මල්ලට තවත් රන් පදක්කමක් එක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා නදීශා ලේකම්ගේ සමත් විය. එම තරග ඉසව්වේ රිදී පදක්කම ද ශ්‍රී ලංකාව සතු වූ අතර එය නදීකා ලක්මාලි විසින් වාර්තා කළාය. 

ශ්‍රී ලංකා පදක්කම් සටහනට තවත් රන් පදක්කම් දෙකක් එක් කිරීමට කාන්තා හා පිරිමි මීටර් 400*4 සහය දිවීම් කණ්ඩායම සමත් වූයේ තියුණු අවසානයක් කරා තරගය රැගෙන යමිනි.

එම රන් පදක්කම් සමඟින් දකුණු ආසියානු මලල ක්‍රීඩා අණසක තමන් සතුකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර ඔවුන් මලල ක්‍රීඩාවෙන් රන් පදක්කම් 15ක් දිනා ගත් අතර ඉන්දීය කණ්ඩායම එහි දෙවන ස්ථානයට පත්ව සිටියේ රන් පදක්කම් 13ක් දිනා ගනිමිනි. 

ඒ අනුව SAG හි මලල ක්‍රීඩා තරග අද නිමා වූ අතර අද දිනයේ පැවති සියලු මලල ක්‍රීඩා තරග තොරතුරු සඳහා පහත Link එක Click කරන්න.

ලොමු ඩැහැගැන්වූ අවසන් තරගයක් සමඟින් ශ්‍රී ලංකාවට රන් 15ක්

දෙසැම්බර් මස 01 සිට 10 දක්වා පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු……

අද දිනයේ පැවති වෙඩි තැබීම තරගවල දී මීටර් 25 rapid fire තරග ඉසව්ව සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම එහි ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය. 

මලල ක්‍රීඩා තරගවලට අමතරව පිහිනුම් තරග ඉසව්වල අවසන් තරග කීපයක් අද දිනයේ පැවති අතර එහි දී ද ශ්‍රී ලංකා කණ්ඩායම පදක්කම් රැසක් දිනා ගැනීමට සමත් විය. මීටර් 800 කාන්තා නිදහස් ආර තරග ඉසව්වේ රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට රමුදි සමරකෝන් සමත් වූ අතර රෙවාන් සේනාරත්න පිරිමි මීටර් 400 individual medley තරග ඉසව්වේ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය. 

ශ්‍රී ලංකා පදක්කම් දඩයමට තවත් රිදී හා ලෝකඩ පදක්කමක් හිමිකර දීමට පිහිනුම් කණ්ඩායම සමත් වූ අතර රිදී පදක්කම පිරිමි මීටර් 100 පසුපස ආර තරග ඉසව්ව සඳහා සහභාගි වූ අකලංක පීරිස් සමත් විය. එහි ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ශෙවින්ද ද සිල්වා සමත් විය. 

දිනයේ පිහිනුම් තරග සියල්ලේ තොරතුරු සඳහා පහත Link එක Click කරන්න.

රන් නැතත් ශ්‍රී ලංකා වාර්තාවන් දෙකක් බිඳ වැටුණු දිනයක්

13 වැනි ආසියානු ක්‍රීඩා උළෙල පසුගිය දා නේපාලයේ කත්මණ්ඩු නුවර දී ආරම්භ….

තරගාවලියේ බර ඉසිලීමේ තරග ඉසව් කීපයක් ද අද නිමා විය. ශ්‍රී ලංකා පදක්කම් සටහනට තවත් රන් පදක්කමක් එක් කිරීමට කාන්තා කිලෝග්‍රෑම් 76ට වැඩි බර පන්තිය නියෝජනය කළ තිමාලි හපුතැන්නේ සමත් විය. 

මේ අතර කාන්තා කිලෝග්‍රෑම් 76 බර පන්තියේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට චතුරිකා වීරසිංහ සමත් වූ අතර ඇය snatch ක්‍රමයට කිලෝග්‍රෑම් 83ක් හා clean and jerk ක්‍රමයට කිලෝග්‍රෑම් 101ක් ඔසවමින් එම ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවීමට සමත් විය. ඇය එම ඉසව්වේ රිදී පදක්කම හිමිකර ගැනීමට සමත් විය. 

ශ්‍රී ලංකාවට තවත් පදක්කම් කීපයක් එක් කිරීමට අද පැවති මල්ලවපොර තරග ඉසව් සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය. එහි දී කිලෝග්‍රෑම් 79 බර පන්තියේ රිදී පදක්කම දිනා ගැනීමට සුරේෂ් ප්‍රනාන්දු සමත් වූ අතර කිලෝග්‍රෑම් 70 බර පන්තියේ රිදී පදක්කම දිනා ගැනීමට අනිල් මුණසිංහ සමත් විය. කාන්තා තරග ඉසව්වල දී කිලෝග්‍රෑම් 76 බර පන්තිය නියෝජනය කළ රිවිහාරි වීරසිංහ එහි රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය. 

තරගාවලියේ හයවැනි දිනය නිමා වූයේ ශ්‍රී ලංකාවට රන් පදක්කම් 7ක්, රිදී පදක්කම් 13 ක් හා ලෝකඩ පදක්කම් 11ක් හිමිකර දෙමිනි. 

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට රන් පදක්කම් 31ක්, රිදී පදක්කම් 58ක් හා ලෝකඩ පදක්කම් 83ක් සමඟින් සමස්ත පදක්කම් 172ක් දිනා සිටින අතර ඔවුන් පදක්කම් සටහනේ තවමත් තුන්වැනි ස්ථානයේ රැඳී සිටී. 

ඉන්දියාව ‍රන් පදක්කම් 110ක්, රිදී පදක්කම් 69ක් හා ලෝකඩ පදක්කම් 35ක් සමඟින් පෙරමුණ ගෙන සිටින අතර දෙවන ස්ථානය ලබාගෙන සිටින නේපාලය රන් පදක්කම් 43ක්, රිදී පදක්කම් 34ක් හා ලෝකඩ පදක්කම් 65ක් ජයග්‍රහණය කිරීමට සමත් ව ඇත.

තරගාවලියේ 07 වැනි දිනය ලෙස හෙට (08) දිනයේ දී ද තරග ඉසව් කීපයක් පැවැත්වීමට නියමිත අතර එම තරග ඉසව් පිළිබඳව සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<