13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පස්වැනි දිනය අද (06) නිමාවට වූ අතර අද දිනයේ ද ශ්‍රී ලංකා පදක්කම් සටහනට පදක්කම් රැසක් එක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය. 

එහිදී අද දිනය තුල රන් පදක්කම් 7ක්, රිදී පදක්කම් 10ක් හා ලෝකඩ පදක්කම් 17ක් එක් කිරීමට එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් පදක්කම් සටහනේ තුන්වැනි ස්ථානයේ රැඳී සිටී. 

ශ්‍රී ලංකාව පදක්කම් 100 පසුකරමින් නැවතත් තෙවැනි තැනට

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පස්වැනි දිනය වූ අද (05) නිමා වූයේ ශ්‍රී ලංකා පදක්කම් එකතුවට තවත් රන් පදක්කම්……

තරගාවලියේ සිව්වැනි දිනය ලෙස ඊයේ (05) දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 17ක්, රිදී පදක්කම් 35ක් හා ලෝකඩ පදක්කම් 55ක් සමඟින් සමස්ත පදක්කම් 107ක් දිනා සිටි අතර සමස්ත පදක්කම් සටහනේ තුන්වැනි ස්ථානය දිනා ගැනීමට සමත්ව සිටියේය.

අද දිනයේ දී සිදු වූ සුවිශේෂී තරග ඉසව් ලෙස මලල ක්‍රීඩා තරග ඉසව්, පිහිනුම්, පාපැදි, බැඩ්මින්ටන්, ගොල්ෆ් හා බර ඉසිලීමේ තරග ඉසව් දැක්විය හැක. 

ශ්‍රී ලංකාවට දකුණු ආසියානු මලල ක්‍රීඩා වාර්තාවක් හිමිකර දීමට පිරිමි මීටර් 4×100 සහය දිවීමේ කණ්ඩායම අද සමත් වූ අතර එම ඉසව්ව රන් පදක්කමකින් නිමා කරමින් ඔවුන් මෙම වාර්තාව පිහිටු විය. එම කණ්ඩායමට හිමාශ ඒශාන්, චානුක සන්දීප, විනෝජ් සුරංජය හා යුපුන් ප්‍රියදර්ශන ඇතුළත් විය. 

මීටර් 4×100 කාන්තා තරග ඉසව්ව සඳහා සහභාගි වූ ලක්ෂිකා සුගන්ධි, සාරංගි සිල්වා, සදීපා හෙන්ඩර්සන් හා අමාශා ද සිල්වා එම තරග ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට සමත් විය. 

දිනය අවසානයේ මලල ක්‍රීඩා පිටියේ පදක්කම් දිනා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැන ගන්න පහත Link එක Click කරන්න.

100×4 අට දෙනාම රන් ශූරයෝ; නිලානි දෙවැනි රන් පදක්කමට

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග ඉසව් හි සිව්වැනි දිනය අද (06) සාර්ථකව නිමාවට පත්වූයේ…..

තරගාවලියේ අද පැවති බර ඉසිලීමේ තරග ඉසව්වන් වලදී ශ්‍රී ලංකාවට පදක්කම් කීපයක් හිමි විය. කිලෝග්‍රෑම් 67 බර පන්තිය නියෝජනය කළ චතුරංග ලක්මාල් එහි රිදී පදක්කම දිනා ගත් අතර කාන්තා කිලෝග්‍රෑම් 63 බර පන්තිය නියෝජනය කළ ආශිකා බාස්කර් එහි ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට සමත් විය. 

බර ඉසිලීමේ තරගාවලියේ පිරිමි කිලෝග්‍රෑම් 81 බර පන්තිය නියෝජනය කළ චින්තන ගීතාල් විදානගේ එහි ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය. 

මේසපන්දු තරග සඳහා සහභාගි වූ එරන්දි වරුෂවිතාන හා ඉෂාරා මධුමාලි එහි ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට සමත් විය. 

මේ අතර අද පැවති පාපැදි තරගවල දී පිරිමි elite තරග වටයේ රිදී පදක්කම අවීෂ මාවත විසින් ජයග්‍රහණය කළ අතර කාන්තා elite වටයේ රිදී හා ලෝකඩ පදක්කම් ද්විතවයම ශ්‍රී ලංකාවට හිමිකර දීමට දිනේශා දිල්රුක්ෂි හා උදේෂානි කුමාරසිංහ සමත් විය. 

ක්‍රිකට් තරග අතරින් අද ශ්‍රී ලංකා කාන්ත ක්‍රිකට් කණ්ඩායම සත්කාරක නේපාලය පරාජය කරමින් අවසන් සටනට අසුන් දිනා ගන්නට සමත් වුනා. එම තරගය ගැන සියලු තොරතුරු පහත ලිපියෙන්.

නේපාලය පරදවමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ SAG අවසන් තරගයට!

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ අද (06) පැවති කාන්තා විස්ස තරගයකින් ලකුණු 41ක පහසු ජයක් වාර්තා කර……

ඊයේ ආරම්භ වූ පිහිනුම් තරගාවලියේ තවත් තරග ඉසව් කීපයක් අද දිනයේ දී ද පැවැත්විය. එහි දී පිරිමි මීටර් 1500 නිදහස් ආර තරග ඉසව්ව සඳහා සහභාගි වූ ඩිලංක ශෙහාන් රිදී පදක්කම හිමි කර ගත් අතර වසර 7ක ශ්‍රී ලංකා වාර්තාවක් බිඳ හෙළමින් මීටර් 200 පසුපස ආර තරග ඉසව්වේ රිදී පදක්කම හිමි කර ගැනීමට අකලංක පීරිස් සමත් විය. එහි ලෝකඩ පදක්කම හිමි වූයේ කවින්ද්‍ර නුගවෙල හටය. 

කාන්තා මීටර් 200 පසුපස ආර තරග ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ගංගා සෙනවිරත්න සමත් විය. මැතිව් අබේසිංහ තම තුන්වැනි රන් පදක්කම ද අද දිනා ගැනීමට සමත් වූයේ මීටර් 50 නිදහස් ආර තරග ඉසව්වේ දී ය. 

ශ්‍රී ලංකා පිරිමි බැඩ්මින්ටන් කණ්ඩායම ඊයේ පැවති යුගල තරග ඉසව්වේ අවසන් පූර්ව තරග ජයග්‍රහණය කරමින් අවසන් තරගය සඳහා අද ඉන්දියාව සමඟින් තරග වැදුණු අතර ශ්‍රී ලංකා කණ්ඩායම එහි දී රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය. 

කාන්තා ‍යුගල තරගාවලියේ අවසන් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම් ද්විත්වයම සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ඉතිහාසයේ පළමු වතාවට රන් හා රිදී පදක්කම් ද්විත්වයම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය. එහි දී රන් පදක්කම සඳහා හිමිකම් කීමට කාවින්දි සිරිමාන්නගේ හා තිලිණි හෙන්දහේවා සමත් වූ අතර රිදී පදක්කම හිමි වූයේ අචිනි රත්නසිරිට හා උපුලි වීරසිංහටය. 

දකුණු ආසියානු තරගාවලියේ කඩු සටන් තරග අද ආරම්භ වූ අතර එහි දී පිරිමි sabre තරග ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ආරච්ච්ගේ රොශාන් සමත් වූ අතර කාන්තා epee තරග ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සයීඩුඩ්ඩි අලී සමත් විය. 

ශ්‍රී ලංකා රන් එකතුවට තවත් රන් පදක්කම් දෙකක් එක් කිරීමට අද ආරම්භ වූ ගොල්ෆ් තරග සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. එහි දී කාන්තා ඒකල තරග සඳහා සහභාගි වූ ග්‍රේස් යටවර එහි රන් පදක්කම දිනා ගත් අතර කණ්ඩායම් තරග සඳහා සහභාගි වූ තුහාශිනී සෙල්වරත්නම් හා ටානියා බාලසූරිය එහි රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය. 

කාන්තා ඒකල ලෝකඩ පදක්කම හිමි වූයේ තුහාශිනී සෙල්වරත්නම් හටය. ගොල්ෆ් පිරිමි කණ්ඩායම් තරග ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර එම කණ්ඩායම සඳහා සිසිර කුමාර, චානක පෙරේරා, එන්. රංග හා බී. ඒ. සංජීව ඇතුලත් විය. 

තරගාවලියේ දුනු විදීමේ තරග සඳහා සහභාගි වූ සජීව් ද සිල්වා එහි ජාතික වාර්තාවක් පිහිටු වීමට සමත්වූයේ ලකුණු 660/720ක් ලබා ගනිමිනි. ඔහු මේ වන විට ඒකල තරගාවලියේ තුන්වැනි ස්ථානයේ රැඳී සිටින අතර ඔහු හෙට දිනයේ ඒකල, කණ්ඩායම් හා මිශ්‍ර කණ්ඩායම් අවසන් තරග සඳහා සහභාගි වීමට නියමිතය. 

ඒ අනුව තරගාවලියේ හයවැනි දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 24ක්, රිදී පදක්කම් 45ක් හා ලෝකඩ පදක්කම් 72ක් දිනා ගැනීමට සමත්ව ඇත. ඔවුන් සමස්ත පදක්කම් සටහනේ තුන්වැනි ස්ථානය ලබාගෙන සිටින අතර ඉන්දීය කණ්ඩායම තවමත් පෙරමුණ ගෙන ඇත්තේ රන් පදක්කම් 81ක්, රිදී පදක්කම් 41ක් හා ලෝකඩ පදක්කම් 23ක් දිනා ගනිමිනි.

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<