Home Sinhala පාකිස්තානය හමුවේ ප්‍රබල ඉන්දියාව අසරණ වෙයි

පාකිස්තානය හමුවේ ප්‍රබල ඉන්දියාව අසරණ වෙයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

286
Pakistan vs India

2021 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ Group 2 කාණ්ඩයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර අද (24) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට පාකිස්තානය සමත් වුනා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රීඩකයන් කඩුලු 7ක් දැවී ලකුණු 151ක් රැස් කර ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පාකිස්තාන ක්‍රීඩකයන් කිසිවෙකු නොදැවී පන්දුවාර 17.5ක් අවසානයේ ලකුණු 152ක් වාර්තා කරගැනීමත් සමඟ මෙම තරගය නිමා වුනා.

වාර්ෂික මහා ක්‍රිකට් තරගයක් බඳු වූ මෙම තරගයේ දී දෙපිළම තම සුපිරිම කණ්ඩායම් පිටියට කැඳවීමට තීරණය කර තිබුණා.

ඉන්දීය කණ්ඩායම : Virat Kohli (නායක) KL Rahul, Rohit Sharma, Suryakumar Yadav, Rishabh Pant(කඩුලු රකින්නා), Ravindra Jadeja, Hardik Pandya, Bhuvneshwar Kumar, Mohammed Shami, Jasprit Bumrah, Varun Chakravarthy.

පාකිස්තාන කණ්ඩායම : Babar Azam (නායක) Mohammad Rizwan (කඩුලු රකින්නා) Fakhar Zaman, Mohammad Hafeez, Shoaib Malik, Asif Ali, Shadab Khan, Imad Wasim, Hasan Ali, Haris Rauf, Shaheen Shah Afridi.

කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායකයාගේ ආරාධනාව අනුව ඉන්දීය ඉනිම ආරම්භ කළේ KL Rahul සහ Rohit Sharma. ඔවුන්ගෙන් හොඳ ආරම්භයක් බලාපොරොත්තු වුව ද එය ඉටු වූයේ නැහැ. පළමු පන්දුවාරයේ සිව්වැනි පන්දුවේ දී තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම Rohit Sharma දැවී ගියා.

ඉන් අනතුරුව අනෙක් ආරම්භක පිතිකරු වූ Rahul (3) ද ඉන්දීය ලකුණු පුවරුව 6ක් වන විට පිටියට හැර ගියා. නායක Virat Kohli සහ Suryakumar Yadav එක්ව එතැන් සිට ඉන්දීය ඉනිම ගොඩ ගැනීමට අපමණ වෙහෙසක් ගත්තා. ඔවුන් දෙදෙනා එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 25ක සබඳතාවක් එක් කළා. Yadav පන්දු 8කට මුහුණ දී ලකුණු 11ක් රැස් කරගෙන සිටිය දී දැවී යමින් එම සබඳතාව අවසන් කළා.

ඉන්දීය ක්‍රීඩකයන් පළමු Power play අවස්ථාව අවසන් කරන විට කඩුලු 3ක් අහිමි කරගත්ත ද පන්දුවාරයකට ලකුණු 6ක දල වේගයක් පවත්වා ගෙන තිබුණා.

අනතුරුව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 53ක සබඳතාවක් එක් කිරීමට නායක Kohli සහ අලුතෙන් පිටියට එක් වූ Rishabh Pant සමත් වුනා. Pant තමන් මුහුණ දුන් 30 වැනි පන්දුවේ දී ඉනිම හැර යන විට හතරේ පහර සහ හයේ පහර දෙක බැගින් එල්ල කරමින් ලකුණු 39ක් ලබා සිටියා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි Ravindra Jadeja (13) ද අඩු ලකුණු ප්‍රමාණයකට දැවී ගිය අතර එතෙක් නායකත්වයේ වගකීම් සහිතව පන්දුවට පහර දුන් Kohli ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙසින් ඉන්දීය ලකුණු පුවරුව 133ක් ව පවතින විට දැවී ගියා. ඒ වන විට Kohli පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 57ක් වාර්තා කරගෙන සිටියා.

අනතුරුව Hardik Pandya (11) ද ඉන්දීය ඉනිමේ ලොකු බලාපොරොත්තු සුන් කරමින් දැවී ගියා. ඉන්දීය ඉනිම අවසන් වන විට Bhuvneshwar Kumar (5) සහ Mohammed Shami (0) නොදැවී පිටියේ රැඳී සිටියා.

ඉන්දීය කඩුලු බිඳ හෙළීමේ දී ආරම්භක වේගපන්දු යැවූ Shaheen Shah Afridi ලකුණු 31කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතරව Hasan Ali ද කඩුලු 2ක් දවා ගත්තා.

මෙම තරගයේ දී පාකිස්තානයේ කඩුලු රකින ක්‍රීඩක Mohammad Rizwan තම විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කඩුල්ල පිටුපස ශතක උඩ පන්දුව රැක ගැනීමට සමත් වීම කැපී පෙනෙන සිදුවීමක් වුනා.

ලකුණු 152ක හඹා යන ඉනිමක ආරම්භක පිතිකරුවන් වූයේ Mohammad Rizwan සහ නායක Babar Azam. ඔවුන් දෙදෙනා ප්‍රබල ඉන්දීය පන්දු යවන්නන් අමාරුවේ දමමින් තරගයේ 18 වැනි පන්දුවාරයේ දී තම ඉලක්කය සපුරා ගැනීමට සමත් වුනා.

මෙම පිතිකරුවන් දෙදෙනා ඉදිරියේ ඉන්දීය නායක Virat Kohliට සිදුවූයේ තම පන්දු යවන්නන් පිළිබඳ විශ්වාසයක් තබා ගැනීමට පමණයි.

ඔවුන් පළමු Power play අවස්ථාවේ දී ලකුණු 43ක් රැස්කර ගැනීමට සමත් වූ අතර පළමු පන්දුවාර 10 අවසානයේ දී ඉන්දීය ක්‍රීඩකයන්ගේ නළල රැලි ගන්වමින් ලකුණු 71ක් රැස් කරගෙන සිටියා. ඔවුන් දෙදෙනා එක්ව ඉනිමේ 100 වැනි ලකුණ රැස් කළේ පන්දු 78කින්.

අද තරගයේ දී Rizwan රැස් කළේ තම විස්සයි විස්ස තරග දිවියේ 9 වැනි අර්ධ ශතකයයි. Babar Azam ඉන්දියාවට එරෙහිව තම පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයට සහභාගී වෙමින් අර්ධ ශතකය වාර්තා කළේ  40 වැනි පන්දුවේ දී. එය ඔහුගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ 21 වැනි අර්ධ ශතකය වුනා.

පාකිස්තාන ඉනිමේ ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාර 5 තුළදී අවශ්‍යව තිබුනේ තවත් ලකුණු 31ක් පමණයි. එය ඉනිමේ තවත් පන්දු 12ක් ඉතිරිව තිබිය දී රැස් කරගැනීමට ඔවුන් සමත් වුනා.

එහි දී Mohammad Rizwan පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 79ක් ලබා ගත්තා. නායක Babar Azam ද ඊට නොදෙවෙනි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 52ක දී නොදැවී ලකුණු 68ක් රැස් කරගත්තා. ඊට හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් ද ඇතුළත් කිරීමට ඔහු සමත් වුනා.

ඉන්දියාව – කඩුලු 7ක් දැවී 151 (20) : Virat Kohli 57, Rishabh Pant 39, Shaheen Shah Afridi 3/31, Hasan Ali 2/44.

පාකිස්තානය – කිසිවෙකු නොදැවී 152 (17.5) : Mohammad Rizwan නොදැවී 78,  Babar Azam නොදැවී 68.

  • තරගයේ වීරයා – Shaheen Shah Afridi (පාකිස්තානය)

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු  ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<


Result


India
151/7 (20)

Pakistan
152/0 (17.5)

Batsmen R B 4s 6s SR
KL Rahul b Shaheen Shah Afridi 3 8 0 0 37.50
Rohit Sharma lbw b Shaheen Shah Afridi 0 1 0 0 0.00
Virat Kohli c Mohammad Rizwan b Shaheen Shah Afridi 57 49 5 1 116.33
Suryakumar Yadav c Mohammad Rizwan b Hasan Ali 11 8 1 1 137.50
Rishabh Pant c & b Shadab Khan 39 30 2 2 130.00
Ravindra Jadedja c Mohammad Nawaz b Hasan Ali 13 13 1 0 100.00
Hardik Pandya c Babar Azam b Haris Rauf 11 8 2 0 137.50
Bhuvneshwar Kumar not out 5 4 0 0 125.00
Mohammed Shami not out 0 0 0 0 0.00


Extras 12 (b 6 , lb 1 , nb 1, w 4, pen 0)
Total 151/7 (20 Overs, RR: 7.55)
Fall of Wickets 1-0 (0.4) Rohit Sharma, 2-0 (2.1) KL Rahul, 3-0 (5.4) Suryakumar Yadav, 4-0 (12.2) Rishabh Pant, 5-0 (17.5) Ravindra Jadedja, 6-0 (18.4) Virat Kohli, 7-0 (19.3) Hardik Pandya,

Bowling O M R W Econ
Shaheen Shah Afridi 4 0 31 3 7.75
Imad Wasim 2 0 10 0 5.00
Hasan Ali 4 0 44 2 11.00
Shadab Khan 4 0 22 1 5.50
Mohammad Hafeez 2 0 12 0 6.00
Haris Rauf 4 0 25 1 6.25


Batsmen R B 4s 6s SR
Mohammad Rizwan not out 78 55 6 3 141.82
Babar Azam not out 68 52 6 2 130.77


Extras 6 (b 0 , lb 2 , nb 0, w 4, pen 0)
Total 152/0 (17.5 Overs, RR: 8.52)
Bowling O M R W Econ
Bhuvneshwar Kumar 3 0 25 0 8.33
Mohammed Shami 3.5 0 42 0 12.00
Jasprit Bumrah 3 0 22 0 7.33
Varun Chakravarthy 4 0 33 0 8.25
Ravindra Jadedja 4 0 28 0 7.00