දකුණු අප්‍රිකාව කොදෙව් සංචාරය අතහැර IPL යයි ද?

195

Covid-19 වයිරස ව්‍යාප්තිය නිසා දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය කැරිබියන් සංචාරය අතහැර දමනු ඇතැයි වාර්තා වෙනවා. දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් බොහොමයක් සැප්තැම්බර් – නොවැම්බර් කාලරාමුව තුළ IPL තරගාවලියට සහභාගී වීමට ද නියමිතව තිබීම විශේෂත්වයක්.

බෙයාර්ස්ටෝව් අයර්ලන්ත බලාපොරොත්තු සුන් කරයි

“බටහිර ඉන්දීය කොදෙව් සංචාරය දින නියමයක් නොමැතිව කල් දැම්මා” දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් අධ්‍යක්ෂ හිටපු නායක ග්‍රැහැම් ස්මිත් පවසා සිටියා. දකුණු අප්‍රිකාව ජූලි 23 සිට අගෝස්තු 16 දක්වා කොදෙව් කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරග දෙකක් හා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පහක් ද ක්‍රීඩා කරන්නට මුලදී සැලසුම් කර තිබුණා. දකුණු අප්‍රිකානු කණ්ඩායම පසුගිය ජූලි මාසයේ දී ශ්‍රී ලංකාව සමඟ එක්දින තරග තුනක් හා විස්සයි විස්ස තරග තුනක් ක්‍රීඩා කරන්නට සැලසුම් කර තිබුනත් ඒ තරගාවලියටත් අයිති වූයේ මේ ඉරණමමයි.

“IPL පැවැත්වෙන නිසා අපිට දැන් වෙලාව හොයා ගන්න අමාරු වෙලා තියෙන්නේ. අපේ ක්‍රීඩකයින්ට සැප්තැම්බර් මස මුල ඉඳන් ඉඩකඩ ලබා දෙන්න ඕනේ සංචාරය කරන්නට රජයේ අවසර ලබා ගන්න” මේ වසරේ IPL තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන අතර සැප්තැම්බර් මස 19 සිට නොවැම්බර් මස 8 දක්වා තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

2020 IPL ගැන ස්මිත් කනස්සල්ලෙන්

“වයිරස බලපෑම නැත්තම් නොවැම්බර් මාසය ඉඳන් දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් කාලසටහන ඉතා කාර්යබහුල වෙනවා. අපිට මඟ හැරුණු තරගාවලි ගොඩක් ඒ කාලය තුළ ක්‍රීඩා කරන්නට සිදු වෙයි.”

රජයේ නිසි අවසරයන් නොලැබීම නිසා CPL තරගාවලියට සහභාගී වීමට නියමිතව සිටි කොලින් ඉන්ග්‍රම්, Anrich Nortje, රයිලි රූසෝ, Tabraiz Shamsi හා රසී වැන් ඩර් ඩුසෙන් යන ක්‍රීඩකයින්ට සෙනසුරාදා වන විට ට්‍රිනිඩෑඩ් වෙත යාමට නොහැකි වුණු අතර අනිවාර්ය කර තිබුණු දින 14ක ස්වයං නිරෝධායන කාලසීමාව සම්පූර්ණ කිරීමට අසමත් වීම නිසා ඔවුන්ට CPL තරගාවලිය මඟ හැරෙනවා. තරගාවලිය සඳහා එක්වන එකම දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා වන්නේ ඉම්රාන් තාහිර්.

කෙසේ වෙතත් IPL තරගාවලියට එක්වන දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩූ ප්ලේසිස්, තාහිර්, ලුන්ගි න්ගිඩි, කගිසෝ රබාඩා, හාර්ඩස් විල්ජෝන්, ක්වින්ටන් ඩි කොක්, ඒ. බි ඩ්විලියර්ස්, ඩේවිඩ් මිලර්, ක්‍රිස් මොරිස් සහ ඩේල් ස්ටේන් හට නිසි කාලයට එක්සත් අරාබි එමීර් රාජ්‍යට යන්නට තවමත් අවසර ලැබී නැතත් ඔවුන් රජයේ අවසරය ඉක්මනින් ලැබේ යැයි බලාපොරොත්තු වෙනවා.

කෝලි හා බොලිවුඩ් නිළියක් අත්අඩංගුවට?

දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම එළඹෙන සැප්තැම්බර් 1 දා සිට 16 දා දක්වා එංගලන්තයේ දී විස්සයි විස්ස තරගාවලියක් හා එක්දින තරගාවලියක් ක්‍රීඩා කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<