2020 IPL ගැන ස්මිත් කනස්සල්ලෙන්

237
steve smith

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ දී පැවැත්වීමට නොහැකි වීම සම්බන්ධයෙන් රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම් නායක ස්ටීව් ස්මිත් සිය අප්‍රසාදය පළ කර සිටියි.

කෝලි හා බොලිවුඩ් නිළියක් අත්අඩංගුවට?

පසුගිය මාර්තු මාසයේ දී ආරම්භ වීමට නියමිතව තිබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අප්‍රේල් මාසය දක්වා කල් දැමුණු අතර පසුව ඉන්දීය රජය විසින් ගත් අගුළු දැමීමේ ක්‍රියාමාර්ග සමඟින් එය දින නියමයක් නොමැතිව කල්දැමීමට සංවිධායකයන් තීරණය කළේය.

කෙසේ නමුත් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2020 සැප්තැම්බර් මස 19 වැනිදා සිට නොවැම්බර් මස 9 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන බව එහි සංවිධායක කමිටුව විසින් මේ වන විට තහවුරු කර ඇත.

“එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තණතීරු සහ දේශගුණික තත්වයන් සඳහා අපි ඉක්මනට හැඩගැසෙන්න අවශ්‍යයි. සමහර විට ඒ තණතීරු සහ දේශගුණික තත්වයන් ඉන්දියාව හා සමාන වෙන්නත් පුළුවන්. හැබැයි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා කරනකොට ඒ ගැටලු ලොකුවට සලකන්න බැහැ” රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම නිර්මාණය කරනු ලබන වීඩියෝවක් වෙත අදහස් දක්වමින් ස්මිත් පැවසීය.

වයස්ගතම එංගලන්ත ක්‍රීඩකයා එක්දින සංචිතයෙන් ඉවතට

මීට පෙර 2014 වසරේ දී ද ඉන්දීය මහ මැතිවරණ කාලසීමාවක් තුල IPL තරගාවලිය ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ නිසා එරට ක්‍රිකට් පාලනාධිකාරිය සහ තරග සංවිධායක කමිටුව එක්ව එම IPL තරගාවලියේ තරග විස්ස ඉන්දියාව තුල නොපවත්වා එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුල පවත්වමින් තරගාවලිය සාර්ථක ලෙස අවසන් කළේය.

“මීට පෙර 2014 වසරේ දී ද IPL තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී තිබ්බා. ඒ තරගාවලිය තුල ක්‍රීඩා කරපු ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම ඉන්නවා මෙවර තරගාවලිය තුලත් ක්‍රීඩා කරන. මෙවර IPL තරගාවලිය ඉන්දියාව තුල පැවැත්වීමට නොහැකි වීම ගැන ඇත්තටම මට කනගාටුයි. ඒ වගේම දුකයි. මේ කොරෝනා වසංගත තත්වය නිසා ගොඩක් රටවල් තවමත් සාමාන්‍ය වෙලා නැහැ. තාම ඔවුන්ගේ පුහුණුවීම් ආරම්භ කරලත් නැහැ. ඒක නිසා ක්‍රීඩකයින්ට මේක වෙනස්ම විදිහේ අත්දැකීමක් වෙයි කියලා මට හිතෙනවා” යැයි ස්මිත් වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

Times of India ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<