කෝලි හා බොලිවුඩ් නිළියක් අත්අඩංගුවට?

5759
Virat Kohli and Tamannaah Bhatia
(CricketTimes)

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි හා බොලිවුඩ් නිළියක් වන Tamannaah Bhatia දෙදෙනාව අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් මදුරාසියේ මහා අධිකරණයකට පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා. ඒ ඔවුන් අන්තර්ජාලය ඔස්සේ සූදු හා ඔට්ටු ඇල්ලීම ප්‍රවර්ධනය කරන වෙබ් අඩවි හා ජංගම දුරකථන යෙදවුම්වලට සහය දෙන බව පවසමිනුයි. 

වයස්ගතම එංගලන්ත ක්‍රීඩකයා එක්දින සංචිතයෙන් ඉවතට

එම පෙත්සමේ කරුණු දක්වා තිබුණේ සූදුව හා ඔට්ටු ඇල්ලීම ඉන්දියාව තුළ තහනම් බවත්, ඔට්ටු ඇල්ලීම නිසා තමිල් නාඩුව තුළ සිය දිවිනසා ගැනීම් සැලකිය යුතු ලෙස වැඩිවී ඇති බවත්ය.

DNA වෙබ් අඩවිය පවසන ආකාරයට මෙම පෙත්සම ලබන සතියේ දී විභාග කිරීමට නියමිතයි.

“සංවිධායකයින් විශාල මුදල් ත්‍යාග මුදල් ලබා දෙන නිසා අන්තර්ජාලය ඔස්සේ ඔට්ටු ඇල්ලීමට තරුණ තරුණියන් ඇබ්බැහි වෙනවා.”

“ඔට්ටු ඇල්ලීම වෙබ් අඩවිවල සංවිධායකයින් විරාත් කෝලි ඇතුළු ජනප්‍රිය ක්‍රිකට් තරු, Tamannah ඇතුළු සිනමා තරු යොදාගෙන මේ තරුණ තරුණියන්ගේ මනස විනාශ කරනවා” යැයි පෙත්සමේ සඳහන් වී තිබුණා.

IPL නරඹන්න ඉන්න ප්‍රේක්ෂකයින්ට සුබ ආරංචියක්

“මෙලෙස ඔට්ටු ඇල්ලීමට ඇබ්බැහි වීම සමාජයට ඉතා භයානක අනතුරු ගේනවා වගේම ඉන්දියානු ව්‍යවස්ථාවේ 21 වැනි වගන්තියට ද පටහැනියි. ඒ නිසා මෙම පෙත්සමින් එම අන්තර්ජාලය ඔස්සේ ඔට්ටු ඇල්ලීම තහනම් කරන ලෙස ඉල්ලා සිටිනවා.”

“ඇල්කොහොල් හා දුම්වැටි කෙනෙකුට හානියක් කරන්න වසර 15ක් පමණ ගත්තත් අන්තර්ජාලය ඔස්සේ ඔට්ටු අල්ලද්දී පොඩි කාලයකින් ලොකු හානියක් වෙනවා. ජනප්‍රිය පුද්ගලයින් නිසා ඔවුන් ඒවාට ඇදී යනවා වගේම ඔවුන් මේ පිළිබඳ මහජන මතය වෙනස් කරනවා” පෙත්සම්කරු වන Suryaprakasam, WION වෙත පවසා තිබුණා. 

IPL අවසන් තරගය කල් යයි

“යොවුන් දරුවන් පොඩි මුදලකින් පටන් ගන්නේ පසුව තමන්ගේ වැටුප, පවුලේ ආදායම යන සියල්ලමත් ඊටත් පසුව ණයට ගත්ත මුදලුත් මෙයට වැය කරනවා. ණයකරුවන්, ණය ඉල්ලා ගෙන ගෙදරට ආවාම ඔවුන් අනවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. මේ වගේ ගොඩක් දේවල් පසුගිය දා වාර්තා වුනා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<