දකුණු අප්‍රිකානු ප්‍රබලයෙකුගෙන් ජාතිවාදීන්ට පණිවිඩයක්

297
Faf du Plessis

පසුගිය මාසයේ දී ඇමරිකාවේ ඇතිවූ සිදුවීම් මාලාව නිසා ක්‍රීඩකයින් ද ඇතුළුව ලොව විවිධ සමාජ මට්ටම්වල විවිධ පුද්ගලයින් ජාතිවාදය හා ජාතිවාදය ලොව වෙලා ගෙන ඇති ආකාරය ගැන විවිධ ආකාරයේ අදහස් පළ කර සිටියා. හිටපු බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු යවන ක්‍රීඩක මයිකල් හෝල්ඩින්ග් ජාතිවාදය ගැන අදහස් දක්වමින් හඬා වැටීම ද ගෙවුණු සතියේ දී කැපී පෙනුණා.

“මගේ ඇඟේ හැමතැනම ලේ තිබුණා” – ඩිවිලියර්ස්

එතෙක් මෙතෙක් ක්‍රිකට් ක්‍රීඩාව තුල බිහි වූ ප්‍රබලතම පන්දු

දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලේසිස් ද දිනක ඔහුගේ Instagram පිටුවේ දීර්ඝ සටහනක් තබා තිබුණා.

“පසුගිය මාස කිහිපයේ දී මම තේරුම් ගත්තා අපි අපේ සටන තෝරාගත යුතුයි කියා. අපි වටේට අපේ රටේ ගොඩක් අසාධාරණකම් වෙනවා. ඒවා නිවැරදි කරන්න ඉක්මන් අවධානය යොමු වෙන්න ඕන. අපිටත් කවුරු හරි පහර දෙන තුරු අපි බලන් නොසිටිය යුතුයි. මම එයට මුහුණ දෙන විදිය හැමවෙලේම වෙන අය එයට මුහුණ දෙන විදියට සමාන වෙන්නේ නැහැ. එහෙම හිතුවොත් අපිට දියුණුවක් නැහැ” ඩූ ප්ලේසිස් පවසා සිටියා.

“මම නිශ්ශබ්දව හිටියා මෙච්චර කල් සියලු දෙනාම කියන දේවල් අහගෙන, මම අදහස් දැක්වූයේ නැහැ මොනවටවත්. නමුත් මට අනික් අයගේ දුක තේරෙනවා. මම දන්නවා මම ඒ පිළිබඳව අදහසක් දැක්වූයේ නැහැ කියලා. මම දන්නවා දකුණු අප්‍රිකාව ජාතිවාදය නිසා ගොඩක් බෙදිලා තියෙන්නේ කියලා. මේ කතා ඔක්කොම අහලා, ඒවා තේරුම් අරන් ඒවාට විසඳුම් සපයන එක මගෙත් වගකීමක්.”

“මේවාට කතා කරන්න මම සර්වසම්පූර්ණ වෙනකම් බලා හිටියොත් මට කවදාවත් කතා කරන්න වෙන්නේ නැහැ. මොකද කවුරුත් සර්ව සම්පුර්ණ නැහැ” ඩු ප්ලේසිස් පවසා සිටියා.

“මට මුලදී වැරදුණා. මම හරියට ඉදිරිය තේරුම් ගත්තේ නැති නිසා මගේ හොඳ වැඩ ගොඩක් වැරදුණා. මම එක වරක් කිව්වා මම හමේ පාට ගණන් ගන්නේ නැහැ කියලා. මගේ අනික් අයගේ ගැටලුවලට මගේ විදියට උත්තර සපයන්න ගියේ. මේක මානුෂීය ප්‍රශ්නයක්.”

“ඉතින් මම කියන්නේ කළු ජීවිතවලට වටිනාකමක් ලැබෙන තුරු කිසිම ජීවිතයකට වටිනාකමක් ලැබෙන්නේ නැහැ කියලා. මා දැන් කතා කරන්නේ මොකද කතා කරන්නට මා පරිපූර්ණ වන තෙක් සිටියහොත් මා දන්නවා කිසි දිනක මට කතා කළ නොහැකි බව. අපි කවුරු කැමති වුනත් නැතත් වෙනසක් සඳහා අපි වැඩ කරන්න ඕන. සංවාදය තමයි වෙනසට මාර්ගය.”  

මකායා නිට්නි, හර්ෂල් ගිබ්ස් හා වර්නන් ෆිලැන්ඩර් ඇතුළු දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් තිස් දෙනෙක් පසුගිය අඟහරුවාදා තමන් Black Lives Matter විරෝධතා මාලාවට සහය දෙන බව පවසා සිටියා. 

IPL තියන්න Emirates ලෑස්ති වෙයි

ඉන්දියාවේ දරුණු ලෙස පැතිර යන COVID-19 වෛරස ව්‍යාප්තිය නිසා IPL

Pat Symcox හා Boeta Dippenaar වැනි හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් පසුගිය දිනෙක වේගපන්දු යවන ක්‍රීඩක Lungi Ngidi හට සිය අප්‍රසාදය පළ කර තිබුණේ BLM විරෝධතා මාලාවට සහය දීම නිසයි. Pat Symcox හා Boeta Dippenaar හට විරෝධය පළ කරමින් මේ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් 30 දෙනා ඔවුන්ගේ සහය Ngidiට ලබා දී තිබුණා.   

“Black Lives Matter වැඩපිළිවෙළට සහය දීම ගැන අපි Lungi Ngidiට ප්‍රසංශා කරනවා. අපිත් කැමතියි ඔහුට සහය වෙන්න. අපිට දැනගන්නට ලැබුණා Lungiට චෝදනා එල්ල වෙනවා කියලා. අපි බලාපොරොත්තු වෙනවා දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය හිටපු හා වත්මන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයින් සමඟ එකතු වෙලා පුළුල් ලෙස BLM වැඩ පිළිවෙළට සහය දෙයි කියලා” ඔවුන් පවසා තිබුණා.

“අපිට දැනගන්නට ලැබුණා Ngidiට අභියෝග කරලා තියෙන්නේ Pat Symcox, Boeta Dippenaar, Rudi Steyn හා Brian McMillan වැනි හිටපු ක්‍රීඩකයින් කියලා. අපි ඔවුන්ගේ මතය හෙලා දකිනවා” Ngidiට සහය දක්වන ක්‍රීඩකයින් sports 24 වෙත පවසා තිබුණා.

Dippenar, Ngidi විවේචනය කරමින් පවසා තිබුණේ සියලුම ජීවිත වැදගත් බවත්, Ngidi එරට මිය යන සුදු ජාතික වගාකරුවන් ගැනත් කතා කළ යුතු බවත්ය.  

“දකුණු අප්‍රිකාවේ අඳුරු අතීතය ගැන හිතන කොට කළු ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින්ට වසර ගණනක් ජාතිවාදී හැසිරීම්වලින් පීඩා විඳින්නට සිදු වුනා. ඔවුන් තේරුම් ගන්න ඕන මේ වගේ පරණ සිතුවිලි කෙතරම් නරක ද කියලා” Ngidiට සහය දෙන ක්‍රීඩකයින් සඳහන් කර තිබුණා.

කොරෝනා සුව වීමෙන් පසුව භට්ටී පාකිස්තාන කණ්ඩායම සමඟ එක්වෙයි

පාකිස්තාන දඟපන්දු යවන ක්‍රීඩක කාශිෆ් භට්ටී හට එංගලන්තයේ සිටින පාකිස්තාන ක්‍රිකට්

පොලිස් නිලධාරියෙකු විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතික ඇමරිකානුවා මරා දැමීමෙන් අනතුරුව ලොව පුරා ජාතිවාදය පිළිබඳව දැඩි කතා බහක් ඇති වුනා. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් වන මයිකල් හෝල්ඩින්ග්, ක්‍රිස් ගේල් හා ඩෑරන් සැමී ද BLM විරෝධතාවයන්ට සහය දක්වමින් ඔවුන්ගේ අදහස් දක්වා තිබුණා. 

එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය ආරම්භයට පෙර මයිකල් හෝල්ඩින්ග් ජාතිවාදය ගැන දැඩි ප්‍රකාශයක් සිදු කළ සිටියා. ඔහු පවසා සිටියේ කළු ජාතිකයින්ට ඉතා අමානුෂික ලෙස සලකන බවත් මනුෂ්‍ය සංහතිය ජාතිවාදය ගැන ඉගෙන ගන්නා තුරු මේ ගැටලුව නොවිසඳෙන බවත්ය. 

Hindustan times ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<