කාය වර්ධනය කපිලගෙන් කිත්සිරිට

218

ශ්‍රී ලංකා කාය වර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස කිත්සිරි ප්‍රනාන්දු මහතා පත්වූ අතර, එහි ලේකම්වරයා ලෙස තේරී පත්වූයේ කාමරහේවගේ පුලස්ති තරංග මහතායි.

මෙහිදී පුලස්ති තරංග මහතා ඡන්ද 86ක් ලබාගත් නමුත් ඔහු සමග ලේකම් තනතුර සඳහා තරග වැදුණු කිත්සිරි හේමාල් ඩයස් මහතාට හිමිවූයේ ඡන්ද 4ක් පමණක් වීමද විශේෂත්වයකි.

දෙහිවල එස්.ද.එස්. ජයසිංහ විදුහල් පරිශ්‍රයේදී පැවැති මෙම නිලවරණයන් උප සභාපතිවරුන් ලෙස ප්‍රසන්න පීරිස්, ආර්.එස්. සිල්වා හා ජී.එම්. ප්‍රියන්ත කුමාර යන මහත්වරුන් පත්වෙද්දී උප ලේකම් තනතුර හිමිවූයේ කේ.සී.සී.එස්. ප්‍රනාන්දු මහතාටය.

භාණ්ඩාගාරික ලෙස කේ.ඒ.ඒ.එන්. ජයතිලක මහතා පත්වෙද්දී වසන්ත ප්‍රනාන්දු

මහතා උප භාණ්ඩාගාරික ලෙස තේරී පත්විය.