තරග නොකරම දකුණු අප්‍රිකානුවෝ තරගාවලිය ජය ගනී

168

බෙනෝනි, විලෝව්මෝර් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ (14) පැවැත්වීමට නියමිතව තිබූ දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ අතර තෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගය, පැවති අධික වර්ෂාව හේතුවෙන් පන්දුවක්වත් නොයවා නතර කරන ලදි. ඒ කෙසේ වෙතත් තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග 2-0ක් සේ ජය ගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ.

උමේෂ් යාදෙව් කොදෙව්වෝ හඬවයි

ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක උමේෂ් යාදෙව් ගේ විනාශකාරී පන්දු යැවීම හමුවේ අසරණ වූ බටහිර …

තරගය ආරම්භ වීමට නියමිතව තිබූ වේලාව වන විට පැවති වර්ෂාව තරගය පමා කළේය. පිටියේ විනිසුරුවන්ගේ අදහස වූයේ තරගය 2.45 වන විට පිටිය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ආරම්භක වේලාව දැනුම් දෙන බවයි. එහෙත් එම අවස්ථාව වෙද්දී නැවත වර්ෂාව අළුත් වීම හේතුවෙන් තරගය තවත් පමා විය. මේ තත්ත්වය දිගින් දිගටම පැවතීම හේතුවෙන් තරගය පස්වරු 3.45ට නතර කෙරුණි.

තරගාවලියේ වීරයා ලෙසින් දකුණු අප්‍රිකාවේ ඉම්රාන් තාහීර් නම් කෙරුණි. ඔහු මෙම තරගාවලියේ දී එක් තරගයට පමණක් ක්‍රීඩා කරමින් ලකුණු 23කට කඩුලු 5ක් දවා ගත්තේ ය. එම දක්ෂතාව ඔහුව තරගාවලියේ වීරයා නම් කිරීමට හේතු වී තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<