Home Sinhala දකුණු අප්‍රිකාව වර්ෂාවේ පිහිටෙන් ප්‍රසාද ලකුණක් දිනා ගනියි!

දකුණු අප්‍රිකාව වර්ෂාවේ පිහිටෙන් ප්‍රසාද ලකුණක් දිනා ගනියි!

182

2019 ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද (10) සවුත්හැම්ප්ටන් හිදී පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් තීරණයක් නොමැතිව අතහැර දැමූ අතර දෙපිළටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමි විය.

ඉන්දියානුවෝ කැන්ගරුවන්ගේ සෙල්ලම් මෙල්ල කරති

පිතිකරුවන්ගේ විශිෂ්ට පිතිහරඹය හා වේගපන්දු යවන්නන්ගේ මනා පාලනයක් සහිත පන්දු යැවීම හේතුවෙන් 2019 ලෝක කුසලාන තරගාවලියේ……

වර්ෂාවක පෙර නිමිති දක්නට ලැබුණ ද තරගය නියමිත වේලාවට ආරම්භ වූ අතර කාසියේ වාසිය දිනූ කොදෙව් නායක ජේසන් හෝල්ඩර් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

ඉන් උපරිම ඵල නෙලා ගත් කොදෙව් වේගපන්දු යවන ක්‍රීඩක ෂෙල්ඩන් කොට්රෙල් විසින් හෂීම් අම්ලා හා ඒඩ්න් මාක්‍රම් ක්‍රීඩාගාරයේ නරඹන්නන් බවට පත් කළේය. ආරම්භ වී වැඩි වේලාවක් ගත වීමට මත්තෙනි.

පළමු ඉනිමේ පන්දුවාර 7යි පන්දු 3ක් පමණක් යවා තිබිය දී වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වූ අතර ඒ වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 28ක් ලබා අසීරු අවස්ථාවක පසු විය.

ඉන්පසු දිගින් දිගට ම ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් තරඟය අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කරනු ලැබුවේ දෙපිළටම එක් ප්‍රසාද ලකුණ බැගින් ලබා දෙමිනි.

ඒ සමඟින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේ ශ්‍රී ලංකාව එක් ස්ථානයක් පසු පසට ඇද දමමිනි. එමෙන්ම දකුණු අප්‍රිකාව 2019 ලෝක කුසලාන තරගාවලියේ පළමු ප්‍රසාද ලකුණ ලබා ගන්නා ලදි.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන සිව්වැනි තරගය හෙට (11) බංග්ලාදේශ කණ්ඩායම සමඟින් බ්‍රිස්ටල් හිදී පැවැත්වීමට නියමිත ය.

Result


South Africa
29/2 (7.3)

West Indies


Batsmen R B 4s 6s SR
Quinton de Kock not out 17 21 1 0 80.95
Hashim Amla c Chris Gayle b Sheldon Cottrell, 6 7 1 0 85.71
Aiden Markram c Shai Hope b Sheldon Cottrell, 5 10 1 0 50.00
Faf du Plessis not out 0 7 0 0 0.00


Extras 1 (b 0 , lb 0 , nb 0, w 1, pen 0)
Total 29/2 (7.3 Overs, RR: 3.87)
Fall of Wickets 1-11 (2.5) Hashim Amla, 2-28 (6.1) Aiden Markram,

Bowling O M R W Econ
Sheldon Cottrell, 4 1 18 2 4.50
Kemar Roach 3 0 10 0 3.33
Oshane Thomas 0.3 0 1 0 3.33



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<