ඉසුරු උදානගේ තැන අල්සාරි ජෝසප්ට

70

2019 කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සාන්ත කිට්ස් හා නෙවිස් පැට්රියෝට්ස් කණ්ඩායම නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවේ සිටින දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන සූදානමින් පසුවේ.

නමුත් ඉදිරියේ දී පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරග නිසා උදානගේ තැන වේගපන්දු යවන ක්‍රීඩක අල්සාරි ජෝසප් වෙත ලබා දීමට කණ්ඩායම් කළමනාකාරිත්වය තීරණය කර තිබෙනවා.

මාලිංග, උදාන, මෙන්ඩිස්ගේ දක්ෂතාවලට උඩපන්දු අතහැරීම් හරස් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වුණු තරග 3කින් සමන්විත…

“තරගාවලිය ආරම්භයට පෙරම අපේ කණ්ඩායමට ක්‍රීඩා කරන්න හිටපු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් අපිට අහිමි වීම ගොඩක් ලොකු පාඩුවක්, නමුත් උදාන වෙනුවට අපි ඒ වගේම තව දක්ෂ ක්‍රීඩකයෙක් වන අල්සාරි ජෝශප්ව කණ්ඩායමට ගෙනාවා. කොදෙව් ජාතික කණ්ඩායම හා මුම්බායි ඉන්දියන්ස් යන කණ්ඩායම් නියෝජනය කර ඇති ඔහුට හොඳ අත්දැකීම් තිබෙනවා, ඔහු දක්ෂ ක්‍රීඩකයෙක්. යැයි සාන්ත කිට්ස් හා නෙවිස් පැට්රියෝට්ස් කණ්ඩායමේ අධ්‍යක්ෂක රොබින් සිං මහතා පැවසීය.

2019 කැරිබියන් ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය පසුගිය මැයි මස 22 වැනිදා පැවැත්වුණු අතර ඒ වන විට මේ තරගාවලිය පැවැත්වීමට යොදාගෙන තිබූ කාල රාමුව තුල ශ්‍රී ලංකා කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් තරග නොතිබූ නිසා උදානට අමතරව ලසිත් මාලිංග, තිසර පෙරේරා, නිරෝෂන් දික්වැල්ල හා සීකුගේ ප්‍රසන්න යන ක්‍රීඩකයින් එම වෙන්දේසියේ දී වෙන්දේසි වූ ශ්‍රී ලාංකීය ක්‍රීඩකයින් වේ. 

ශ්‍රී ලංකාවේ ප්‍රබලයෝ 5ක් කැරිබියන් සටනට වෙන්දේසි වෙයි

2019 කැරිබියන් ප්‍රිමියර් ලීග් විස්සයි – විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 05 දෙනෙකු වරම්…

කෙසේ නමුත් දැනට නවසීලන්තය සමඟ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය හා මේ මස අවසානයේ සිට ඔක්තෝබර් මස 9 වැනිදා දක්වා පාකිස්තානය සමඟ එක්දින හා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන නිසා වෙන්දේසියේ දී වෙන්දේසි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් බොහෝමයක් දෙනා හට මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට හැකි නොවෙනු ඇත. 

7 වන වරටත් පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ වසරේ සැප්තැම්බර් 4 සිට ඔක්තෝබර් 12 වැනිදා දක්වා කොදෙව් ඉන්දීය දූපත් ප්‍රදේශ මුල්කරගනිමින් පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<