පාසල් මහා ක්‍රිකට් තරගයන් හි පැරණිතම තරගයක් වන “නිල් මහා සටන” 138 වැනි වරටත් රාජකීය විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන්නේ මාර්තු 9, 10 සහ 11 දිනයන් හි කොළඹ එස්. එස්. සී. පිටියේ දී යි.

මහා ක්‍රිකට් කරළියේ තිරය අරින්නට ‘සහෝදරයන්’ සූදානම්

2017 පාසල් මහා ක්‍රිකට් තරග සඳහා වේදිකාව විවර කරමින් මේ සති අන්තයේ දී කොළඹ තර්ස්ටන් සහ ඉසිපතන විද්‍යාල තරග බිමට පිවිසීමට නියමිතයි.

නිල මාධ්‍ය හමුව ඉතා උත්කර්ෂවත් අන්දමින් ඊයේ (22) ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති අතර ඊට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා, රාජකීය විද්‍යාලයේ විදුහල්පති බි. ඒ. අබේරත්න මහතා සහ සාන්ත තෝමස් විද්‍යාලයේ අධිපති වන පූජ්‍ය මාර්ක් බිලිමෝරියා පියතුමන් ඇතුළුව අනුග්‍රාහකභවතුන්, ගුරුවරුන්, ක්‍රීඩකයන්, ශිෂ්‍ය නායකයන් සහ මාධ්‍ය සාමාජිකයින් සහාභාගී විය.

138 වැනි නිල් මහා සටනේ මාධ්‍ය සාකච්ඡාවේ ඡායාරූප ඇල්බමය

2015 වසරේ දී ඩයලොග් ආසිආටා සමාගම විසින් “නිල් මහා සටන” සඳහා නිල අනුග්‍රාහකත්වය දරමින් වසර 4ක ගිවිසුමකට අත්සන් තැබුවේ, ශ්‍රී ලංකාවේ පැරණිතම තරගය වෙනුවෙන් තම කැපවීම විදහා දක්විමිනි.

මෙවරත් ඩයලොග් සමාගම විසින් සෑම ලකුණක් සඳහාම රු.1000ක් ද, සෑම කඩුල්ලක් සඳහාම රු.10,000ක් ද පරිත්‍යාග කිරීමට සූදානමින් පසුවේ. ගියවර තීරණාත්මක ලෙස අවසන් වූ තරගයේ දී රු. 1,255,000ක මුදලක් “Play For A Cause” යන ව්‍යාපෘතිය සඳහා පරිත්‍යාග කිරීමට ඩයලොග් සමාගමට හැකි විය.

පරාජය කෙතරම් අසීරු වුවත් අපි කවදාවත්  පසු බහින්න සූදානම් නැහැ. අපව හදුනාගන්නේ අපි වැටුන විදිහට වඩා නැවත අපි නැගී සිටියේ කොහොමද කියන දෙයින්” පූජ්‍ය මාර්ක් බිලිමෝරියා පියතුමන් ශ්‍රේෂ්ඨ තෝමියන් අධිෂ්ඨානය මෙලෙස දැක්විය.

රාජකීය – තෝමස් ගැටුම් ඉතිහාසයේ පළමු වරට “තෙවන විනිසුරු තාක්ෂණය” තණතිල්ලේ පසු වන විනිසුරුවරුන් හට වඩාත් නිවැරදි තීරණ ලබා දීමට උපකාරයක් වශයෙන් භාවිතා කිරීමට නියමිතයි.

“අප පාසල් දෙක අතර වර්ධනය වී තිබෙන මිත්‍රශීලීත්වය, සහෝදරත්වය සහ එකමුතු බව තව පරම්පරා ගණනාවක් පවතීවී. මෙය තරගයක් නොව මේ අපේ ඉතිහාසය සැමරීමට ඇති අවස්ථාවක්.” යැයි රාජකීය විද්‍යාලයේ විදුහල්පති බි. ඒ. අබේරත්න මහතා පවසා සිටියේය.

1879 තරම් ඈත අතීතයේ පටන් පවතින “රාජකීය – තෝමස්” ගැටුම ප්‍රෙෘඪ ඉතිහාසයකට හිමිකම් කියනු ලබයි. එලෙසම ලෝකයේ මෙතෙක් නොකඩවා පැවතී දෙවන පැරණිතම තරගය වන මෙය දෙවැනි වන්නේ ඊට වසරකට පෙර ආරම්භ වූ ඕස්ට්‍රේලියාවේ ඇඩලේයිඩ් හී පිහිටි සාන්ත පීතර විද්‍යාලය සහ ඇල්ෆ්‍රඩ් කුමර විද්‍යාල අතර වාර්ෂිකව පැවැත්වෙන තරගාවලියට පමණි.