ඔ’සුලිවන්ට තත්පර 3න් මඟ හැරුණු වාර්තාව

258

ලෝක ශූර ස්නූකර් ක්‍රීඩක Ronnie O’Sullivan (රොනී ඔ’සුලිවන්) හට වේගවත්ම මිනිසෙකු වීමේ වාර්තාව තත්පර තුනකින් මඟ හැරුණා.

“රූපවාහිනියෙන් විකාශය වූ තරගයක දී වේගවත්ම ලකුණු 100 වාර්තා කිරීම,” එසේ මඟ හැරුණු වාර්තාවයි.

චීනයේ Bai Langning (බායි ලන්ග්නින්ග්) හමුවේ 4-0ක ජයක් ලැබූ සුලිවන් හට මිනිත්තු 3 තත්පර 34ක් තුළ ලකුණු 100 පසුකිරීමට හැකි වුනා. 1996 දී Tony Drego (ටෝනි ඩ්‍රේගෝ) විසින් වාර්තා කොට තිබූ “වේගවත්ම රූපවාහිනි ලකුණු 100″ ඒ අනුව ඔ’සුලිවන් හට තත්පර 3කින් මඟ හැරුණා.

“මට නිකමට හිතුණා මම ටිකක් වේගවත් වෙලා තරගය විඳින්න ඕන කියලා” ඔ’සුලිවන් Eurosport සමඟින් පැවසුවා. මෙහි දී එක් පහරක් සඳහා ඔහු විසින් වැයකොට තිබූ සාමාන්‍ය කාලය තත්පර 11.4ක්.

මහා බ්‍රිතාන්‍යය නියෝජනය කරන ඔ’සුලිවන්ව සැලකෙන්නේ යුගයේ විශිෂ්ටතම ස්නූකර් ක්‍රීඩකයා ලෙසයි. ඔහු මේ වන විටත් ලොව ශ්‍රේණිගත කිරීම් වල අංක එකේ ස්නූකර් ක්‍රීඩකයායි. ඔහු විසින් සත්වරක් ස්නූකර් ලෝක ශූරතාවය ජයගෙන තිබෙනවා.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<