සංගක්කාර ක්‍රිකට් ගහන්න ගහන්න පාකිස්තානයට?

107

2009 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමට පකිස්තානයේ දී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පළමු වරට ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර ක්‍රිකට් තරගයක් සඳහා පාකිස්තානයට යාමට නියමිතයි. ඒ එංගලන්තයේ මාලිබෝල් ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ (MCC) නායකයා ලෙසයි.

හෙට්මයර්ගේ ආක්‍රමණශීලීත්වය හමුවේ ඉන්දියාව පසුබසී

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ චෙන්නායි හීදී…….

2020 වසරේ දී MCC වත්මන් සභාපති වන කුමාර් සංගක්කාර ගේ නායකත්වයෙන් මාලිබෝන් ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ කණ්ඩායමක් පාකිස්තානයේ සංචාරය කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව MCC කණ්ඩායම එළඹෙන පෙබරවාරි මාසයේ දී ලාහෝර් හි කණ්ඩායම් රැසක් සමඟ සුහද තරග ක්‍රීඩා කිරීමට නියමිතයි.

2009 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහෝර් හිදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව පාකිස්තානය සත්කාරකත්වය දරන ටෙස්ට් තරග පැවැත්වුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දීයි. දශකයකට ආසන්න කාලයකට පසු පසුගිය සතියේ දී ආරම්භ වුණු ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගාවලියෙන් පකිස්තානයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව නව පණක් ලැබීම විශේෂත්වයක්. 

මාලිබෝන් ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ ලෝක ක්‍රිකට් කමිටුවට දිගු කාලයක් තිස්සේ පැවති අදහසකට අනුව මෙම සංචාරය ක්‍රියාත්මක වෙනවා. 1973 වසරට පසුව MCC කණ්ඩායමක් පාකිස්තානයේ සංචාරයේ යෙදෙන පළමු අවස්ථාව මෙයයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<