ආරක්ෂාවට වග කියමින් ක්‍රිකට් ගහපු සෙබළු

1257
Sri Lankan Army soldiers secure the area around St. Anthony's Shrine after a blast in Colombo, Sri Lanka, Sunday, April 21, 2019. More than two hundred people were killed and hundreds more injured in eight blasts that rocked churches and hotels in and just outside Sri Lanka's capital on Easter Sunday. (AP Photo/Eranga Jayawardena)

2019 අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් බියෙන් සහ කලකිරීමෙන් පසුවූ ශ්‍රී ලංකා මහජනයාගේ සිත් තුළ විශ්වාසය වර්ධනය කිරීම සහ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම කරට ගත් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ගැන අපට ඇත්තේ ගෞරවයකි.

ඇතැම් පුද්ගලයන්ට අමතකව යමින් තිබූ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය උක්ත ප්‍රහාරයෙන් පසුව නැවතත් දේවත්වයට පත්වී ඇත. එහෙත් ත්‍රිවිධ හමුදා නිලදරුවන් සහ පොලිස් නිලදරුවන් ක්‍රීඩා දස්කම් අතින් ද කිසිවෙකුට දෙවැනි නොවේ. ඇතැම් විට විශිෂ්ට දස්කම් දක්වන ක්‍රීඩකයන්ට ඉහළම ගෞරව දැක්විය හැකි ක්‍රමයක් ලෙස ඔවුන්ට ආරක්ෂක සේවා වල තනතුරු ලබා දීම ද සඳහන් කළ හැක.

ආරක්ෂක අංශවලට “නොහැක්කක් නොමැත” යන්න සිහිතබාගෙන මෑත කාලීනව ජාත්‍යන්තර ක්‍රිකට් ලොව තුළ නමක් දිනා ගත් යුධ හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු සහ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ගැන අවධානය යොමු කරමු.

වැස්ස වලාහක දෙවියන් අපට පිහිට වූ හැටි

1979 පෘඩෙන්ෂල් ලෝක කුසලානය දෙවැනි වරටත් පැවැත්වුණේ එංගලන්තයේ දී. මේ තරගාවලියේ ශ්‍රී….

අජන්ත මෙන්ඩිස්

අජන්ත (වමේ), එවකට යුධ හමුදාපති ජෙනරාල් දයා රත්නායක සමඟින්.

විශ්මයජනක පන්දු යවන්නෙකු ලෙස සැලකෙන අජන්ත මෙන්ඩිස් කඩුලු ලබා ගැනීමේ ශූරයෙකි. එක්දින කඩුලු 50 පසුකළ ලොව වේගවත්ම පන්දු යවන්නා වුනෙත් ඔහුයි. ඊට ඔහුට වැය වුනේ තරග 19ක් පමණ ය.

පාසලෙන් ඉවත් වී ශ්‍රී ලංකා යුධ හමුදා සන්නාහ සන්නද්ධ බලකායට සාමාන්‍ය සෙබළෙකු ලෙස ඇතුළත් වූ ඔහු එහි දී තම ක්‍රිකට් දක්ෂතා වර්ධනය කරගත්තේය. 2008 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී ජය ගත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 13කට කඩුලු 6ක් ලබාගෙන දස්කම් දැක්වීම වෙනුවෙන් ඔහුව දෙවන ලුතිනන් පදවිය දක්වා උසස් කරනු ලැබීය. 2009 ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ද ඔහු සිටි අතර ඔහු වෙඩි වැදීමට ද ලක්වී සුළු තුවාල ලැබුවේය.

මහේන්ද්‍ර සිං දෝනි

දෝනි, යුධ හමුදා පැරෂුට් පුහුණුවටද සහභාගී වූවෙකි.

ප්‍රධාන ICC තරගාවලි සියල්ලකම පාහේ ජයග්‍රහණ ඉන්දියාවට ගෙන ආ ක්‍රිකට් නායකයෙකු වූ දෝනි ඉන්දීය පුරාවෘත්තයකි. ක්‍රිකට් බුද්ධිය අතින් ලොව ඉහළින්ම සිටින ක්‍රීඩකයෙකු වන මහේන්ද්‍ර සිං දෝනි, ඉන්දියානු රාජ්‍ය ආයතන දෙකක නිලතල හොබවා ඇත.

ඔහු ක්‍රිකට් ලොවට පා තබන අවධියේ ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුවේ ටිකට් පරීක්ෂකවරයෙකු වූ අතර 2011 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව ඉන්දීය දේශසීමාරක්ෂක හමුදාවේ ලුතිනන් කර්නල්වරයෙකු ලෙස ගෞරව පදවියක් සහිතව සේවය කරයි.

සීක්කුගේ ප්‍රසන්න

සීක්කුගේ ප්‍රසන්න (දකුණේ), හිටපු යුධ හමුදාපති ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා සමඟින්.

යුධ හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් දේශීය ක්‍රිකට් කරළියේ දී දැක්වූ දස්කම් නිසා ඔහුට 2011 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වීමට ඉඩ ලැබුණි. 2015 ලෝක කුසලාන තරගාවලිය සඳහා ද ක්‍රීඩා කිරීමට වාසනාවන්ත වූ ඔහු වේගවත් පිතිකරුවෙකු ලෙස ද ප්‍රකට ය. ශ්‍රී ලංකා යුධ හමුදා යුද්ධෝපකරණ බලකායේ සාමාජිකයෙකු වූ ප්‍රසන්න, වරෙන්තු නිලධාරි 1 යන නිලය හොබවයි.

හර්භජන් සිං

හර්භජන් සිං, සීක් ජාතිකයෙකි.

ටෙස්ට් තරග 103ක දී කඩුලු 417ක් ලබා ඇති හර්භජන් සිං, තම පන්ජාබීය ජාන නිසාම කුකුල් කේන්තිකාරයෙකු ලෙස ප්‍රකට ය. එක්දින තරග පිටියේ දී ඔහු විසින් කඩුලු 269ක් ලබාගෙන ඇත. ඔහු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කළ සේවය හේතුකොටගෙන පන්ජාබ් පොලීසිය විසින් ඔහුට ගෞරව උප පොලිස් අධිකාරීවරයෙකු ලෙස නම් කළේය.

අසේල ගුණරත්න

අසේල (දකුණේ), හිටපු හමුදාපති ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සමඟින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගත් ක්‍රීඩකයෙකු වන අසේල මැදපෙළ පිතිකරුවෙකු මෙන්ම මද වේගපන්දු යවන්නෙකු ලෙස ද ප්‍රකට ය.

2016/17 තරගවාරයේ ඕස්ට්‍රේලියානු සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීම සඳහා ඔහු දැක්වූ දස්කම් තවමත් අප මතකයේ ඇත. ප්‍රේක්ෂකයන් විසින් “ආමි ගුණේ” ලෙස ද හඳුන්වන අසේල ශ්‍රී ලංකා යුධ හමුදා සන්නාහ සන්නද්ධ බලකායේ වරෙන්තු නිලධාරි තනතුර හොබවන්නෙකි.

කපිල් දේව්

කපිල් දේව්, යුධ හමුදා නිල ඇඳුම සහිතව.

කපිල් දේව්, ඉන්දියාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨතම වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයා වේ. 1983 ලෝක කුසලානය ජය ගත් ඉන්දියානු කණ්ඩායමේ නායකත්වය දැරුවේ ද ඔහු ය. ටෙස්ට් කඩුලු 434ක් සහ එක්දින කඩුලු 253ක් ලබාගෙන ඇති ඔහු ඉන්දීය දේශසීමාරක්ෂක හමුදාවේ ලුතිනන් කර්නල් නිලයක් හොබවන්නෙකි.

ෂේන් බොන්ඩ්

ෂේන් බොන්ඩ්, අධිවේග පන්දු යවන්නෙකි.

වේගවත් පන්දු යවන්නෙකු මෙන්ම කඩවසම් ක්‍රීඩකයෙකු ද වූ ෂේන් බොන්ඩ් නවසීලන්ත ජාතිකයෙකි. නවසීලන්ත පොලිස් පාසලේ ඉගෙනුම ලබමින් සිටින සමයේ ඔහු මුදල් උපයා ගැනීම සඳහා ක්‍රිකට් ක්‍රීඩා කළේය.

පසුව වේගයෙන් පන්දු යැවීමට පුහුණු වූ ඔහුට නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබුණි. කෙසේ වෙතත් ඉන් පෙර ඔහු රථවාහන පොලිස් නිලධාරියෙකු ලෙස සේවය කොට ඇත. පීඩනය දරා ගැනීම තමන්ට ඉගැන්වූයේ එම රැකියාව බව පසුව ඔහු විසින් පවසා තිබුණි.

ජොගින්දර් ෂර්මා

එක් තරගාවලියක උපරිම පීඩනය දරාගත් ජොගින්දර් ෂර්මා.

එක්වරම ඔබට මතක් වන ක්‍රීඩකයෙකු නොවුනත් 2007 ඉන්දියානු විස්සයි විස්ස ලෝක කුසලාන ජයග්‍රහණයේ දී ලකුණු 5ක් ලබා නොදී අවසන් පන්දුව යවා මිස්බා උල් හක්ව දවා ගත් පන්දු යවන්නා ලෙස ඔබට පහසුවෙන්ම ඔහුව සිහිකර ගත හැක.

එය වසර 24කට පසුව ඉන්දියාව විසින් ලබාගත් පළමු ලෝක කුසලානයයි. ඉන් අනතුරුව ෂර්මා හට හර්යානා පොලීසිය විසින් උප පොලිස් අධිකාර තනතුරක් පිරිනැමූ අතර ඔහු දැනටත් එම නිලය හොබවයි.

Video – එංගලන්තයේ තුන් ඉරියව් “ගල්පාත” – Andrew Flintoff

වේගපන්දු යවන, පන්දුවට පහර දෙන, හොඳින් පන්දු රකින ඇන්ඩෲ ෆ්ලින්ටොෆ්….

ආරක්ෂක සේවා නියෝජනය කර ක්‍රිකට් ක්‍රීඩකයන් වූ සහ ක්‍රිකට් ක්‍රීඩකයන් වී ආරක්ෂක සේවාවලට ඇතුල් වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ද, විදේශිකයන් පස්දෙනෙකු ද මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන ලදි.

ක්‍රීඩා කිරීමට කිසිදු කාලයක් නොලබාම රට වෙනුවෙන් තම සේවය ඉටු කරන සෙබළ සෙබළියන් ගැන පුවත් අප්‍රකටය. එහෙත් තරු ගුණයෙන් බැබළෙන ක්‍රීඩකයන්ට හා සමානවම අප රට රකින ආරක්ෂක අංශවලට අප ගරු කළ යුත්තේ ඔවුන් සෑම විටම ලබන ප්‍රතිලාභවලට වැඩි යමක් රට වෙනුවෙන් ලබා දෙන බැවිනි.

රටක ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක සේවා නියෝජනය කරන නිලධාරීන් සහ යුධ සෙබළුන් සියලු දෙනාම එක ලෙස කැපවේ. විශේෂයෙන්ම අප රට වැනි ගැටුම්, කෝලාහල, සැක පිරුණු රටක ආරක්ෂාව තහවුරු කිරීමේ දී ශ්‍රී ලංකා යුධ, ගුවන්, නාවික සහ පොලිස් නිලධාරීන් සිදු කරන කැපවීම් කිසි දිනෙක අමතක නොකරමින් ඔවුනට ගෞරව දැක්වීම අප සතු වගකීමකි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<