පාපන්දු සටනේ අවසන් දිනය වෙනස් වෙයි

334

රිනවුන් ක්‍රීඩා සමාජය හා කොළඹ පාපන්දු සමාජය අතර පැවැත්වෙන 2017 ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරග දිනය යළිත් වෙනස් වී ඇත.

ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් සටනට දිනය තීන්දුයි!

2017 ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය 2018 ජනවාරි මස කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව  …

ඒ  අනුව මෙම පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය 2018 වසරේ ජනවාරි මස 13 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබුණත්  ශ්‍රී ලංකා පාපන්දු සංගමය නිල නිවේදනයක් නිකුත් කරමින් එම අවසන් මහා තරගය මේ මස 14 වැනිදා දක්වා කල් දමා ඇති බව දන්වා තිබේ.

නමුත් එය පැවැත්වෙන ස්ථානයේ වෙනස් වීමක් සිදුව නොමැති අතර එය පෙර සැලසුම් කර පරිදිම කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වෙනු ඇත.

මෙම තරගාවලියේ පසුගිය වර්ෂයන් දෙකේම (2015, 2016) ශූරතාවය දිනා ගැනීමට කොළඹ පාපන්දු සමාජය සමත් වී ඇති අතර පිට පිට තෙවතාවක් ශූරතාවය දිනා ගැනීමේ අරමුණින්  කොළඹ පාපන්දු සමාජය මෙම අවසන් සටනට පිවිසෙනු ඇත. ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන රිනවුන් ක්‍රීඩා සමාජය 2009 වර්ෂයේ දී අවසන් වරට මෙහි ශූරතාවය ජයග්‍රහණය කර ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාපන්දු තරගාවලියක් ලෙස සැලකෙන මෙම පාපන්දු තරගාවලිය සඳහා අනුග්‍රහය දක්වනු ලබන්නේ ඩයලොග් ආසිආටා සමාගමයි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<