Home Sinhala තෝමසුවෝ තරගයේ පාලනය අත නොහරී

තෝමසුවෝ තරගයේ පාලනය අත නොහරී

53
 

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර 141 වැනි නිල් මහා සටනේ දෙවැනි දිනයට බේල්ස් ඉවත් කරන විට රාජකීය විද්‍යාලයේ ඉදිරිපෙළ කඩුලු 4ක් අඩු ලකුණුවලට සීමා කරමින් ක්‍රීඩා විවේකාගාරයට යවමින් දිනයේ වැඩි වාසි ලබා ගැනීමට ගල්කිස්ස ක්‍රීඩකයෝ සමත් වූහ. 

කොරෝනා ඔරවද්දී තෝමසුවෝ සටන්කාමි තරගයකට මඟ විවර කරයි

ලොව පැරණිතම වාර්ෂික මහා ක්‍රිකට් තරග අතර දෙවැනි ස්ථානය මෙන්ම 1879 වසරේ සිට මෙතෙක්…

පෙර දිනයේ තරගය නතර කරන විට තම පළමු ඉනිමට පන්දුවට පහර දෙමින් සිටි සාන්ත තෝමස් ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 272ක් ලබා සිටි අතර අද ඔවුන් ඊට තවත් ලකුණු 127ක් එක් කරමින් සම්පූර්ණ ලකුණු 369ක් බවට පරිවර්තනය කර ගත්හ. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි කුරුඳුවත්ත ක්‍රීඩකයෝ තරගය දෙවැනි දිනයට නතර කරන විට කඩුලු 4ක් දැවි ලකුණු 127ක් ලබා සිටියහ. 

ඔවුන්ට සාන්ත තෝමසුවන් ඉදිරියේ පළමු ඉනිමේ වාසිය ලබා ගැනීමට නම් තවත් ලකුණු 242ක් ලබා ගත යුතුව ඇත. ඒ වෙනුවෙන් ඔවුන්ට ඉතිරිව ඇත්තේ තවත් කඩුලු 6ක් පමණි. රාජකීයයන්ගේ ඉදිරි පෙළ ප්‍රබල ක්‍රීඩකයන් වූ  කෞෂාන් කුලසූරිය, කමිල් මිෂාර, කවිඳු චතුරංග සහ අහන් වික්‍රමසිංහ දැනටමත් ක්‍රීඩා විවේකාගාරයේ අසුන් පැනවීමට තෝමසුවන් සමත් වීම හේතුවෙන් පෙර දිනයේ රාත්‍රියේ දී සේ ම අද දිනයේ රාත්‍රියේ දී ද ඔවුන්ට වැඩි වැඩියෙන් සෞදිය පිරීමට හේතු කාරණා ලැබී ඇත. 

තරගයේ පෙර දිනයේ සාන්ත තෝමසුවන් වෙනුවෙන් නොදැවී කඩුල්ලේ රැඳී සිටි ගවිඳු බොතේජු සහ මනීෂ රූපසිංහ ඉනිමේ 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 50ක සබඳතාවක් ගොඩ නැගූහ. දිනයේ පළමු කඩුල්ල ලෙසින් දැවී ගියේ මනීෂ රූපසිංහ ය. ඔහු පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තේ ය. 

එංගලන්තයේ ශ්‍රී ලංකා සංචාරයටත් කොරෝනා හරස් වෙයි

මේ දිනවල ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝන වයිරසය නිසාවෙන් ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියට …

ඉනිමේ 300 වැනි ලකුණ, ලකුණු පුවරුවට පැමිණ තවත් ලකුණක් එක් වෙද්දී යසිරු රොද්‍රිගෝ (5) ද දැවී ගියේ පන්දු 10ක සබඳතාවකට පමණක් 8 වැනි කඩුල්ලේ ඉඩ දෙමිනි. ඉන් අනතුරුව පසුපෙළ ශක්තිමක් කරමින් රාජකීයන්ට හිසරදයක් වෙමින් සිටි ගවින් බොතේජු දුවද්දී දවා ගැනීමට රාජකීයයෝ සමත් වූහ. ඒ වෙද්දී ගවින් පන්දු 176කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමගින් ලකුණු 54ක් ලබා සිටියේය. ඔහු දැවී යද්දී සාන්ත තෝමසුවන්ගේ ඉනිම ලකුණු 310ක්ව තිබුණි. 

එම දැවී යෑමත් සමගින් උද්දාම වූ රාජකීයයෝ, තෝමසුවෙන්ගේ අවසන් කඩුල්ල ඉතා ඉක්මනින් ලබා ගැනීමට ඉව ඇල්ලුව ද එකී උත්සාහය අසාර්ථක කිරීමට තෙවින් ඊරියගම සහ ජී. කැනිස්ටන් සමත් වූහ. ඔවුන් දෙදෙනා එක්ව පන්දුවාර 21ක් පිටියේ රැඳී සිටිමින් ලකුණු 59ක් එක් කිරීමට සමත් වූහ. 

තෙවින් ඊරියගම, ගිශාන් බාලසූරියගේ පන්දුවකට තමාගේ සීමාවෙන් ඉදිරියට පැන පහරක් එල්ල කිරීමට යෑමේ දී ක්‍රියාත්මක වූ කඩුලු රැකි ක්‍රීඩක කමිල් මිෂාර තෝමස් ඉනිමේ අවසන් කඩුල්ලේ ආයුෂ අවසන් කළේය. ඒ වෙද්දී තෙවින් ඊරියගම පන්දු 91කට මුහුණ දී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 47ක් ලබා සිටියේය. පිටියේ නොදැවී රැඳී සිටි ජී. කැනිස්ටන් පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 10ක් ලබා සිටියේය. 

කඩුලු ලබා ගැනීමේ දී ආරම්භක වේගපන්දු යැවූ කවිඳු පතිරත්න සහ ගිශාන් බාලසූරිය කඩුලු 2 බැගින් දවා ගත්හ.

කොරෝනා නිසා Cancel වුන Big Match list එක

මේ දිනවල ලොව පුරා පැතිර යන කොරෝනා වයිරසය නිසාවෙන් ලොව පුරා ක්‍රීඩා තරග රැසක් අවලංගු…

පිළිතුරු ඉනිම වෙනුවෙන් රාජකීය ඉනිම ආරම්භ කළේ කෞෂාන් කුලසූරිය සහ කමිල් මිෂාර ය. ඔවුන් දෙදෙනා  එක්ව පළමු කඩුල්ලට ලකුණු 61ක සබඳතාවක් ගොඩ නැගූහ. කෞෂාන් කුලසූරිය, ක්‍රිෂාන් මුණසිංහගේ පන්දුවකට සචින් ද මෙල් අතට උඩ පන්දුවක් දෙමින් දැවී යන විට පන්දු 113කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 31ක් ලබා සිටියේය.

අනතුරුව කමිල් මිෂාරට එක් වූයේ කවිඳු චතුරංග ය. ඔවුන් දෙදෙනා අතුරින් කමිල් මිෂාර ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙසින් තම ඉනිම හැර යද්දී පන්දු 106කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 32ක් ලබා සිටියේය. කවිඳු චතුරංගට ද ලබා ගත හැකි වූයේ ලකුණු 23ක් පමණි. 

දිනයේ දැවී ගිය අවසන් කඩුල්ල ලෙසින් අහන් වික්‍රමසිංහ ජී. කැනිස්ටන්ගේ පන්දුවකට ඩිල්මින් රත්නායක අතට උඩ පන්දුවක් දී දැවී යන විට පන්දු 40කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 24ක් ලබා සිටියේය. මේ දැවී ගිය ක්‍රීඩකයන් සිව්දෙනා පන්දු 302කට මුහුණ දුන් අතර ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ 110ක් පමණක් වීම කැපී පෙණුනි. 

Photos: Royal College vs S. Thomas’ College | 141st Battle of the Blues – Day 02

දිනය අවසන් වන විට රාජකීයයන් වෙනුවෙන් ඉසිවර දිසානායක ලකුණු 6ක් ලබා ගනිමින් ද කවිඳු පතිරත්න ලකුණු නොලබා ද නොදැවී පිටියේ රැඳී සිටී. 

කඩුලු ලබා ගැනීමේ දී කිෂාන් මුණසිංහ පන්දුවාර 19ක් යවමින් ලකුණු 38කට කඩුලු 2ක් දවා ගනිමින් හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව ජී. කැනිස්ටන් සහ තෙවින් ඊරියගම කඩුල්ල බැගින් දවා ගත්හ. 

හෙට (14) තරගයේ තෙවැනි සහ අවසන් දිනයයි.

Result

Match drawn

Royal College
282/8 (104.3)

S. Thomas’ College
369/10 (128.2) & 127/5 (48)

Batsmen R B 4s 6s SR
Dilmin Rathnayake lbw b Kavindu Pathirathna 23 36 2 0 63.89
Shalin De Mel c Kaushan Kulasooriya b Thevindu Senarathna 85 135 7 2 62.96
R de Silva st Kavindu Madarasinghe b Gishan Balasuriya 6 9 1 0 66.67
Ryan Fernando lbw b Dasis Manchanayake 70 145 9 0 48.28
Kishan Munasinghe b Kamil Mishara 0 1 0 0 0.00
G Botheju run out () 54 176 1 0 30.68
U Suwaris c Kavindu Pathirathna b L Madusanka 21 42 2 0 50.00
Maneesha Perera Rupasinghe run out () 25 80 1 0 31.25
Yasiru Rodrigo lbw b Kavindu Pathirathna 5 4 1 0 125.00
Thevin Bimsara Eriyagama st b Kamil Mishara 47 91 4 0 51.65
Caniston not out 10 52 0 0 19.23


Extras 23 (b 15 , lb 2 , nb 1, w 5, pen 0)
Total 369/10 (128.2 Overs, RR: 2.88)
Fall of Wickets 1-49 (14.2) Dilmin Rathnayake, 2-56 (17.1) R de Silva, 3-156 (42.6) Shalin De Mel, 4-156 (43.1) Kishan Munasinghe, 5-208 (62.1) Ryan Fernando, 6-244 (74.4) U Suwaris, 7-294 (100.3) Maneesha Perera Rupasinghe, 8-301 (102.1) Yasiru Rodrigo, 9-310 (106.4) G Botheju, 10-369 (128.2) Thevin Bimsara Eriyagama,

Bowling O M R W Econ
Kavindu Pathirathna 32 6 85 1 2.66
L Madusanka 13.2 0 31 1 2.35
Thevindu Senarathna 14.4 1 52 1 3.61
Gishan Balasuriya 23.2 3 68 2 2.93
Prashan kalhara 16 4 34 0 2.12
Kamil Mishara 21 4 55 1 2.62
Dasis Manchanayake 8 0 27 1 3.38
Batsmen R B 4s 6s SR
Kaushan Kulasooriya c Shalin De Mel b Kishan Munasinghe 31 110 3 0 28.18
Kamil Mishara c Shalin De Mel b Kishan Munasinghe 32 106 2 0 30.19
Kavindu Madarasinghe c G Botheju b Thevin Bimsara Eriyagama 23 43 2 0 53.49
Ahan Wickramasinghe c Dilmin Rathnayake b Caniston 24 40 3 0 60.00
Isiwara Dissanayake lbw b Yasiru Rodrigo 42 118 4 0 35.59
Kavindu Pathirathna b U Suwaris 8 37 0 0 21.62
Thevindu Senarathna c Yasiru Rodrigo b U Suwaris 8 9 2 0 88.89
Dasis Manchanayake not out 53 103 6 0 51.46
L Madusanka c G Botheju b Yasiru Rodrigo 29 57 5 0 50.88
Prashan kalhara not out 5 9 0 0 55.56


Extras 27 (b 10 , lb 0 , nb 8, w 4, pen 5)
Total 282/8 (104.3 Overs, RR: 2.7)
Fall of Wickets 1-61 (32.3) Kaushan Kulasooriya, 2-81 (40.3) Kamil Mishara, 3-104 (45.1) Kavindu Madarasinghe, 4-123 (53.3) Ahan Wickramasinghe, 5-169 (68.5) Kavindu Pathirathna, 6-177 (72.2) Thevindu Senarathna, 7-201 (80.4) Isiwara Dissanayake, 8-268 (102) L Madusanka,

Bowling O M R W Econ
Yasiru Rodrigo 26 8 52 2 2.00
Caniston 15 3 35 1 2.33
Thevin Bimsara Eriyagama 13.3 4 44 1 3.31
Kishan Munasinghe 19 6 38 2 2.00
Dilmin Rathnayake 9 0 32 0 3.56
U Suwaris 18 4 55 2 3.06
Shalin De Mel 4 0 11 0 2.75


Batsmen R B 4s 6s SR
Dilmin Rathnayake st Kavindu Madarasinghe b Gishan Balasuriya 22 36 2 1 61.11
Shalin De Mel c L Madusanka b Kamil Mishara 5 23 0 0 21.74
R de Silva lbw b Gishan Balasuriya 4 9 0 0 44.44
Ryan Fernando c L Madusanka b Gishan Balasuriya 34 66 5 0 51.52
G Botheju not out 36 77 5 0 46.75
U Suwaris c Prashan kalhara b Gishan Balasuriya 5 18 1 0 27.78
Kishan Munasinghe not out 16 60 1 0 26.67


Extras 5 (b 2 , lb 2 , nb 1, w 0, pen 0)
Total 127/5 (48 Overs, RR: 2.65)
Fall of Wickets 1-26 (9.1) Shalin De Mel, 2-10 (10.4) Dilmin Rathnayake, 3-31 (12.1) R de Silva, 4-76 (28.2) Ryan Fernando, 5-83 (32.5) U Suwaris,

Bowling O M R W Econ
Kavindu Pathirathna 6 0 22 0 3.67
Kamil Mishara 13 2 23 1 1.77
Gishan Balasuriya 18 5 50 4 2.78
Prashan kalhara 3 0 7 0 2.33
L Madusanka 3 1 6 0 2.00
Dasis Manchanayake 4 1 11 0 2.75
Thevindu Senarathna 1 0 4 0 4.00




>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<