විකුම්ගේ දස්කම් BRC බලාපොරොත්තු රැකදෙයි

606
SLC Premier League

දකුණත් වේගපන්දු යවන්නෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් ලද විකුම් සංජය තුන් ඉරියව්වෙන්ම දැක්වූ දස්කම් නිසා ප්‍රථම දිනයේ දී ම බිඳ වැටෙන්නට ගිය ජයග්‍රහණ බලාපොරොත්තු තවදුරටත් රැක ගැනීමට BRC කණ්ඩායමට හැකි විය.

මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තවත් තරග ත්‍රිත්වයක් ඊයේ (31) දිනයේ දී ආරම්භ විය. අවසන් ජයග්‍රාහකයෙකු පිළිබඳ බොහෝ දුරට තීරණයක් ලැබීමට නියමිත මෙම සියළුම තරග පැවැත්වෙන්නේ සිව්දින තරග ලෙසයි.

මොමිනුල් සහ මුශ්ෆිකර්ගෙන් වාර්තා ගත ඉනිමක්

වමත් පිතිකරු මොමිනුල් හක් සහ දකුණත් පිතිකරු මුශ්ෆිකර් රහීම් එක්ව තෙවැනි කඩුල්ලට වාර්තා..

සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ BRC කණ්ඩායම අතර තරගය

මෙවර තරගාවලියේ කැපී පෙනෙන දස්කම් අතර සිටි කණ්ඩායම් දෙකක් අතර මෙම තරගය ආරම්භ වූයේ කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් පිටියේ දීයි. ඒ අනුව අද උදෑසන කාසියේ වාසිය දිනාගත් සැරසන්ස් නායක හර්ෂ කුරේ BRC පිළ මුලින් පිතිකරණය සඳහා පොළඹවමින් ඔවුන්ව ලකුණු 168කට සීමා කරන්නට සමත් විය. BRC පිළේ කඩුලු 8ක්ම ලකුණු 109ක් තුල බිඳ වැටී අසරණ වූ මොහොතේ ඔවුන්ට යම් පමණකින් හෝ සහය වූයේ විකුම් සංජය පෙන්වූ පිතිකරණ දක්ෂතායි. ඔහු අද හතරේ පහර 2ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 34ක් රැස් කළේය. හශේන් රාමනායක ලකුණු 30යි.

කෙසේ වෙතත් පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට බට සැරසන්ස් පිළේ කඩුලු 4ක් ලකුණු 50ක් තුල දවා ගනිමින් නැවතත් තරගයට අවතීර්ණ වන්නට BRC කණ්ඩායමට හැකි විය. එහි දී තානුක දාබරේ හතරේ පහර 6ක් සමඟින් වේගවත් ලකුණු 30ක් රැස්කර ගනිද්දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම තරග කිහිපයක දී නියෝජනය කළ දක්ෂ වේග පන්දු යවන්නෙකු වන විකුම් සංජය සහ තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න සම්පත් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

BRC – සියල්ලන්ම දැවී ලකුණු 168 (පන්දුවාර 57.3): විකුම් සංජය 34, හශේන් රාමනායක 30, රුමේෂ් බුද්ධික 21, රනිත ලියනාරච්චි 3/35, මොහොමඩ් ඩිල්ශාඩ් 2/38.

සැරසන්ස් ක්‍රීඩා සමාජය – කඩුලු 4ක් දැවී ලකුණු 50 (පන්දුවාර 15): තානුක දාබරේ 30, විකුම් සංජය 2/10, තිලකරත්න සම්පත් 2/12.

බෝයගොඩ තරගවලට නොදැම්ම හේතුව ලැබ්රෝයි පැහැදිලි කරයි

12 වන වරටත් පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ..

සිංහල ක්‍රීඩා සමාජය සහ NCC කණ්ඩායම අතර තරගය

මේ වන විට SSC පිළේ ග්‍රහණයට නතුවී ඇති මෙම තරගය පැවැත්වෙන්නේ කොළඹ CCC පිටියේ දීයි. කාසියේ වාසිය දිනාගත් NCC කණ්ඩායම මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදීන්ට ලබා දුන්න ද ඔවුන්ට පන්දුවෙන් සැලකිය යුතු තරමේ දක්ෂතා දැක්වීමට හැකි නොවීය. එහි ප්‍රතිඵල නෙලා ගත්තේ SSC කණ්ඩායමයි. ඔවුන් දිනය නිමා වෙද්දී කඩුලු 8ක් දැවී ලකුණු 335ක් ලකුණු පුවරුව මත සටහන් කළහ. ඒ වෙනුවෙන් මිලින්ද සිරිවර්ධන, දසුන් ශානක සහ චරිත් අසලංක අර්ධ ශතක රැස් කරමින් දස්කම් පෙන්වූහ.

පන්දු යැවීමේ දී NCC කණ්ඩායම වෙනුවෙන් කවදත් තම යුතුකම් කොටස ඉටු කරන ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 5ක් බිඳ හෙලීය.

සිංහල ක්‍රීඩා සමාජය – කඩුලු 8ක් දැවී ලකුණු 335 (පන්දුවාර 90): මිලින්ද සිරිවර්ධන 70, දසුන් ශානක 63, චරිත් අසලංක 56, ශම්මු අශාන් 40*, චාමර කපුගෙදර 33, මිනෝද් භානුක 28, ලසිත් ඇඹුල්දෙණිය 5/81.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය අතර තරගය

ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායමක් වන හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සමඟ සටන් වැද සිටින කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය මේ වන විට මුහුණ දී සිටින්නේ දැවැන්ත ගැටලුවකටයි. ඒ ප්‍රථම දිනය නිමා වෙද්දීම ඔවුන්ගේ කඩුලු 8ක් ලකුණු 156ක් තුල දී බිඳ වැටුණු බැවිනි. කොළඹ SSC පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් හලාවත පිළ මුලින් පන්දු යැවීම තෝරා ගනිමින් කෝල්ට්ස් කණ්ඩායමට ප්‍රබල පීඩනයක් ගෙන දීමට සමත් විය. දක්ෂ පන්දු යැවීමක යෙදෙන මාලින්ද පුෂ්පකුමාර මේ වන විට ලකුණු 38කට කඩුලු 4ක් බිඳ හෙලා තිබේ.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – කඩුලු 8ක් දැවී ලකුණු 156 (පන්දුවාර 54): පසිඳු ලක්ෂංක 37, සදීර සමරවික්‍රම 28, ප්‍රියමාල් පෙරේරා 22*, මාලින්ද පුෂ්පකුමාර 4/38, ඉසුරු උදාන 3/31.

ජයග්‍රහණය සාමකාමීව සමරන්න; මේ වසන්තය නොවේ

“ඔව්, ශීත කාලය පැමිණේවි. තද ශීත කුණාටු හමාවි. හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි..

රාගම ක්‍රිකට් සමාජය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර තරගය

කටුනායක දී ක්‍රියාත්මක වන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමත් විය. ඒ අනුව ඔවුන් උත්සාහ කළේ ප්‍රතිවාදී රාගම ක්‍රිකට් සමාජය පිතිකරණය සඳහා යොමු කරමින් ඔවුන්ව හැකි ඉක්මනින් දවා ගැනීමටයි. නමුත් ඊට එරෙහිව ප්‍රබල ප්‍රතිරෝධයක් දැක්වූ රාගම පිතිකරුවන් දිනය නිමා වන විට කඩුලු 6කට ලකුණු 233ක් රැස්කර ගනිමින් ප්‍රථම දිනය සාර්ථක කර ගැනීමට සමත් විය. ඒ වෙනුවෙන් ලහිරු තිරිමාන්න අර්ධ ශතකයක් රැස්කර ගනිද්දී චානක කොමසාරු සහ මදූක ලියනපතිරණගේ කඩුලු ද්විත්වය බැගින් බිඳ හෙලමින් දක්ෂතා දැක්වූහ.

රාගම ක්‍රිකට් සමාජය – කඩුලු 6ක් දැවී ලකුණු 233 (පන්දුවාර 83): ලහිරු තිරිමාන්න 52, සමින්ද ප්‍රනාන්දු 42, උදාර ජයසුන්දර 39, ලහිරු මිලන්ත 37, චතුර පීරිස් 20, චානක කොමසාරු 2/55, මදූක ලියනපතිරණගේ 2/57.

මෙම තරග සියල්ලම අද (01) දෙවැනි දිනය වෙනුවෙන් ක්‍රියාත්මකයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<