ශ්‍රී ලංකාව පිලිපීනයේ දී පදක්කම් තුනක් දිනයි

177

පිලිපීනයේ ඉලගාන් හි පැවති පිලිපීන ජාතික විවෘත ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී ක්‍රීඩකයින් හතර දෙනෙකුගෙන් සමන්විත වූ ශ්‍රී ලංකා කණ්ඩායම පදක්කම් හතරක් දිනා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමට මීටර 400 ධාවකයින් දෙදෙනෙක්, මීටර 1500 ධාවකයෙක් හා දුර පනින ක්‍රීඩකයෙක් ඇතුළත් විය.

වසර ආරම්භයේ පැවති පළමු ජාතික තේරීම් තරගවල දී කාලිංග කුමාර ශ්‍රී ලංකාව තුල සිටින ප්‍රමුඛතම මීටර 400 ධාවකයා වන දිලීප් රුවන් පසුකර යෑමට සමත්වුවත් නැවත වතාවක් සිය සුපුරුදු රිද්මයට පිවිසුණු දිලිප් පිලිපීන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 400 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

තත්පර 46.87කින් එම ඉසව්ව නිමා කිරීමට ඔහුට හැකි වූ අතර එම ඉසව්වම නියෝජනය කරමින් අජිත් ප්‍රේමකුමාර ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් ගෙන ඒමට සමත් විය. රන් පදක්කම දිනා ගැනීමට හැකි වුවත් දිලිප්ට ඔහුගේ හොඳම පෞද්ගලික කාලය (46.42) පසුකර යාමට හැකියාවක් ලැබුණේ නැත.

මීටර 1500 ය ධාවන ශූර දමිත් හේමන්ත ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවන රන් පදක්කම දිනා ගත් අතර ප්‍රධාන පොකුරෙන් මිදී පළමු ස්ථානයට ජයග්‍රාහී රේඛාව පසුකරන්නට ඔහු සමත් විය. පසුගිය වසරේ පැවති මලයාසියානු මලල ක්‍රීඩා ශූරතාවේ දී ද රිදී පදක්කමක් ලංකාවට ගෙනා ඔහු ශ්‍රී ලංකාව තුළදීත් ඉතා හොඳින් සිය දක්ෂතා ප්‍රදර්ශනය කරමින් පළමු ජාතික තේරීම් තරගයේ දී 3:48.75ක විශිෂ්ට කාලයකින් ඉසව්ව නිමා කිරීමට සමත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මීටර 8 සීමාව ඉක්මවාගොස් ඇති දුර පනින්නන් දෙදෙනාගෙන් එක් අයෙකු වන අමිල ජයසිරි අවාසනාවන්ත ලෙස ආබාධයකට ලක්වීම හේතුවෙන් තරගාවලියෙන්  ඉවත් විය. විවිධ ආබාධ හේතුවෙන් පසුගිය කාලයේ සිය උපරිම දක්ෂතාවලට ළඟා නොවූ අතර දෙවන ජාතික තේරීම් තරගවල ද ඔහු වාර්තා කළේ 7.63ක දුරක් පමණි.

ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තරගාවලිය සඳහා පිලිපීනයට ළඟා වූයේ ආරම්භක දිනයට පෙර දින වූ අතර එය ඔවුන්ගේ උපරිම දක්ෂතාවලට පිවිසීමට බාධාවක් විය.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<