පළමු වටයේ අවසන් දිනයේ දී ශතක 5ක්

SLC Major League Cricket Tournament 2022

359

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League තුන් දින ක්‍රිකට් තරගාවලියේ 13 වැනි සතියේ තෙවැනි සහ අවසන් දිනය වූ අද (13) දවසේ ශතක 5ක් වාර්තා වුනා.

පානදුර කණ්ඩායමේ චානක රුවන්සිරි සහ නිමේෂ් විමුක්ති, කුරුණෑගල යූත් කණ්ඩායමේ ගයාන් මනීශාන් සහ දමිත් පෙරේරා සහ සෙබස්තියනයිට්ස් කණ්ඩායමේ සචිත ජයතිලක එලෙස ශතක වාර්තා කළ ක්‍රීඩකයින්.

පානදුර කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු 85කට මුහුණ දෙමින් හතරේ සහ හයේ පහර 8 බැගින් එල්ල කරමින් ලකුණු 105ක් රැස් කරගත්තා. මෙය චානකගේ හත්වැනි පළමු පෙළ ශතකයයි.

නිමේෂ් විමුක්ති පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 10ක් සමඟින් ලකුණු 109ක් වාර්තා කරගත්තා. මෙම තරගයේ දීම තම පළමු පෙළ කඩුලු 200 වාර්තා කළ නිමේෂ් අද පිතිකරුවෙකු ලෙසින් පළමු පෙළ ලකුණු 1500 අභිබවා යාමට සමත් වුනා. මෙම ශතකය නිමේෂ්ගේ පළමු පෙළ තෙවැනි ශතකයයි.

කුරුණෑගල යූත් කණ්ඩායමේ ආරම්භක වමත් පිතිකරු ගයාන් මනීෂාන් පන්දු 122කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 10ක් සමඟින් මුවර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 156ක් රැස් කරගත්තා. එය ඔහුගේ පළමු පෙළ 11 වැනි ශතකයයි.

මේ අතර එම කණ්ඩායමේම අංක 1 ස්ථානයෙන් පිටියට පිවිසෙන 25 හැවිරිදි වමත් පිතිකරු දමිත් පෙරේරා පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 104ක් වාර්තා කරගත්තා. එය ඔහුගේ පළමු පෙළ දිවියේ හත්වැනි ශතකයයි.

සෙබස්තියනයිට්ස් කණ්ඩායමේ සචිත ජයතිලක පන්දු 208කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 12ක් සමඟින් SSC කණ්ඩායමට එරෙහිව ලකුණු 158ක් රැස් කරගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරගවල හොඳම ඉනිම ලෙස ද දැක්වුණා.

මේ අතර මුවර්ස් කණ්ඩායමේ පසිඳු සූරියබණ්ඩාර සහ රමේෂ් මෙන්ඩිස් එක්ව කුරුණෑගල යූත් කණ්ඩායමට එරෙහිව සිව්වැනි කඩුල්ල සඳහා පෙර දින වාර්තා කළ සබඳතාව තවත් දිගු කරමින් පන්දු 495ක දී ලකුණු 305ක් දක්වා ගෙන ගියා. එය මෙවර තරගාවලියේ ඕනෑම කඩුල්ලක් සඳහා වන හොඳම ලකුණු සබඳතාවයි.

පෙර දින නොදැවී ලකුණු 121ක් වාර්තා කරගෙන සිටි මුවර්ස් කණ්ඩායමේ නායක රමේෂ් මෙන්ඩිස් පන්දු 267කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 134ක් රැස් කරගත්තා. ඔහුගේ දැවී යාමත් සමඟ ඔවුන්ගේ සබඳතාව ද බිඳ වැටුනා.

පෙර දින නොදැවී ලකුණු 168ක් රැස් කරගෙන සිටි පසිඳු සූරියබණ්ඩාරගේ ඉනිම ලකුණු 195 දී නිමා වූවා. ඔහු ඒ වන විට පන්දු 287කට මුහුණ දී සිටි අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 15ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුනා.

මේ අතර සැරසන්ස් කණ්ඩායමේ සිතාර ගිම්හාන් මේ සතියේ දී තම පළමු පෙළ ලකුණු 3000 පසු කිරීමට සමත් වීම කැපී පෙනුනා.

අද දවසේ වාර්තා වූ අර්ධ ශතකලාභීන් අතරට බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ හර්ෂ විතාන, BRC කණ්ඩායමේ ලියෝ ෆ්‍රැන්සිස්කෝ සහ සචින් දල්පතාදු, කලුතර කණ්ඩායමේ සවන් කංකානම්ගේ, ලංකන් කණ්ඩායමේ ඉසිවර දිසානායක, ගාල්ල කණ්ඩායමේ යශෝධ ලංකා සහ විනුර දුල්සර, NCC කණ්ඩායමේ විනුක රූබසිංහ, සැරසන්ස් කණ්ඩායමේ ප්‍රමෝද් මදුවන්ත සහ නිපුන් කරුණානායක, ගුවන් හමුදාවේ මධුශාන් රවිචන්ද්‍රකුමාර්, පොලිස් කණ්ඩායමේ මධුරංග සොයිසා සහ හේෂාන් ධනුශ්ක, CCC කණ්ඩායමේ ලසිත් අබේරත්න, රාගම කණ්ඩායමේ නිශාන් මධුශ්ක, සෙබස්තියනයිට්ස් කණ්ඩායමේ තරිඳු රත්නායක සහ ටැමිල් යුනියන් කණ්ඩායමේ සංතුශ් ගුණතිලක එක් වුනා.

මේ අතර පන්දු යැවීමේ දී නාවික හමුදාවේ වමතින් දඟපන්දු යවන දිලංක අවුවර්ඩ් ලකුණු 49කට කඩුලු 7ක් දවා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග 24ක හොඳම පන්දු යැවීමයි.

මීගමුව කණ්ඩායමේ වමතින් දඟපන්දු යවන දනුශ්ක සඳරුවන් නාවික හමුදාවට එරෙහිව ලකුණු 29කට කඩුලු 6ක් දවා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ හොඳම පන්දු යැවීම ලෙස වාර්තා වුනා. ඊට පෙර ඔහු ඔවුන්ගේ පළමු ඉනිමේ දී ලකුණු 56කට කඩුලු 6ක් දවා ගත් අතර ඒ අනුව තරගයේ දී ලකුණු 85කට කඩුලු 12ක් දවා ගත්තා. එය ඔහුගේ තරගයක හොඳම පන්දු යැවීම බවට ද පත්වුනා.

සැරසන්ස් කණ්ඩායමේ සසිත පල්ලියගුරු ගුවන් හමුදාවට එරෙහිව ලකුණු 104කට කඩුලු 6ක් දවා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ හොඳම පන්දු යැවීමයි.

රාගම කණ්ඩායමේ 22 හැවිරිදි වමතින් දඟපන්දු යවන ශෂික දුල්ශාන් ලකුණු 69කට කඩුලු 7ක් දවා ගත් අතර ලංකන් කණ්ඩායමේ 24 හැවිරිදි වමතින් දඟපන්දු යවන දමිත සිල්වා ලකුණු 60කට කඩුලු 5ක් දවා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ හොඳම පන්දු යැවීමයි.

Group A

කලුතර සහ BRC අතර මග්ගොන Surry ක්‍රිකට් පිටියේ දී

කලුතර සහ BRC අතර මග්ගොන Surry ක්‍රිකට් පිටියේ දී

  • BRC – පළමු ඉනිම සියලු දෙනා දැවී 237 (54): දුශාන් හේමන්ත නොදැවී 53, තිලකරත්න සම්පත් 42, ලහිරු සමරකෝන් 46, සචින්ත පීරිස් 37, ඩිලාන් ජයලත් 20, තෙමාල් බණ්ඩාර 4/68, ඉෂාන් අබේසේකර 2/51, සාරංග රාජගුරු 2/44.
  • කලුතර – පළමු ඉනිම සියලු දෙනා දැවී 239 (81.4): සාරංග රාජගුරු 53, චතුර පීරිස් 41, මාධව නිමේෂ් 20, සවන් කංකානම්ගේ 32, ඉෂාන් අබේසේකර නොදැවී 21, තිලකරත්න සම්පත් 4/67, සචින්ත පීරිස් 3/67, දුශාන් හේමන්ත 2/46.
  • BRC – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 280 (67.1): ලියෝ ෆ්‍රැන්සිස්කෝ 94, සචින් දල්පතාදු 82, මෝදිත රණතුංග 31, තිලකරත්න සම්පත් 25, අභිශේක් ආනන්දකුමාර 4/74.
  • බදුරලිය – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 139 (41): සවන් කංකානම්ගේ නොදැවී 65, යොහාන් මෙන්ඩිස් 34, තිලකරත්න සම්පත් 2/24.

තරගයේ විසඳුමක් නොමැත.

කුරුණෑගල යූත් සහ මුවර්ස් අතර තරගය BRC ක්‍රීඩා පිටියේ දී.

  • මුවර්ස් – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 526 (142.4): පසිඳු සූරියබණ්ඩාර 195, රමේෂ් මෙන්ඩිස් 134, දිනුක ඩිල්ශාන් 77, සොහාන් ද ලිවේරා 88, සමීර සඳමාල් 4/74, මදුරංග නවීන් 2/183.
  • කුරුණෑගල යූත් – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 306 (50): ගයාන් මනීෂාන් 156, අසිත වන්නිනායක 36, දමිත් පෙරේරා නොදැවී 104, රමේෂ් මෙන්ඩිස් 2/94.

තරගයේ විසඳුමක් නොමැත.

ලංකන් සහ ගාල්ල අතර තරගය ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී

  • ලංකන් – පළමු ඉනිම සියලු දෙනා දැවී 173 (93): ඉසිවර දිසානායක 53, ගීත් කුමාර 31, දමිත සිල්වා 26, යසිරු රොද්‍රිගෝ 22, Raghu Sharma 4/53, චතුර ලක්ෂාන් 3/46, මිරංග සිල්වා 2/22.
  • ගාල්ල – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 232 (49): යශෝධ ලංකා 65, විනුර දුල්සර 52, ශාලිත් ප්‍රනාන්දු 22, ඩිල්ශාන් කාංචන 20, දමිත සිල්වා 5/60.
  • ලංකන් – දෙවැනි ඉනිම කිසිවෙකු නොදැවී 30 (7): කසුන් අබේරත්න නොදැවී 24.

තරගයේ විසඳුමක් නොමැත.

පොලිසිය සහ කැන්ඩි කස්ටම්ස් අතර තරගය පොලිස් ක්‍රීඩාංගණයේ දී

  • කැන්ඩි කස්ටම්ස් – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 425 (137): ඉරෝෂ් සමරසූරිය 103, චානක විජේසිංහ 90, සචිත්‍ර පෙරේරා 82, හර්ෂ රාජපක්ෂ 79, චරිත් රන්දුනු 2/89, සුපුන් මධුශංක 2/57.
  • පොලිසිය – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 162 (53.3): හේෂාන් ධනුශ්ක 56, මධුරංග සොයිසා 53, රන්දුනු ගංගනාත් නොදැවී 26.

තරගයේ විසඳුමක් නොමැත.


රාගම සහ CCC අතර තරගය තර්ස්ටන් ක්‍රීඩා පිටියේ දී

  • රාගම – පළමු ඉනිම සියලු දෙනා දැවී 112 (37.4): තෙවිඳු දික්වැල්ල 26, ජනිත් ලියනගේ 21, සොනාල් දිනූෂ 4/44, අසිත ප්‍රනාන්දු 3/16.
  • CCC – පළමු ඉනිම සියලු දෙනා දැවී 166 (70.5): ලසිත් අබේරත්න 82, චමිඳු විජේසිංහ 41, ශෂික දුල්ශාන් 6/69, ඩෙලෝන් පීරිස් 2/52.
  • රාගම – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 114 (28): නිශාන් මධුශ්ක 61, සමින්ද ප්‍රනාන්දු 36, සොනාල් දිනූෂ 2/52.

තරගයේ විසඳුමක් නොමැත.

SSC සහ සෙබස්තියනයිට්ස් අතර තරගය SSC ක්‍රීඩංගණයේ දී

  • සෙබස්තියනයිට්ස් – පළමු ඉනිම සියලු දෙනා දැවී 455 (117.5): සචිත ජයතිලක 158, තරිඳු රත්නායක නොදැවී 61, ඉෂාන් රංගන 79, රයන් ප්‍රනාන්දු 25, විශාල් සිල්වා 36, සශ්‍රීක පුස්සෙගොල්ල 38, නිසල තාරක 3/107, කළණ පෙරේරා 2/72, ප්‍රභාත් ජයසූරිය 2/146.
  • SSC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 52 (13): නිපුන් ධනංජය නොදැවී 24, තරිඳු රත්නායක 2/21.

තරගයේ විසඳුමක් නොමැත.

Group B

බ්ලූම්ෆීල්ඩ් සහ Ace කැපිටල් අතර තරගය දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් පිටියේ දී

  • බ්ලූම්ෆීල්ඩ් – පළමු ඉනිම සියලු දෙනා දැවී 233 (79.3): හර්ෂ විතාන 64, Hasnain Bokhari 41, ලහිරු මධුශංක 38, අශාන් ප්‍රනාන්දු 30, රොෂාන් ජයතිස්ස 4/30, මලිත් ද සිල්වා 2/64.
  • Ace කැපිටල් – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 113 (26): ලසිත් කෲස්පුල්ලේ 42, වනුජ සහන් නොදැවී 33, තනුක දාබරේ 22, මාධව වර්ණපුර 2/20.

තරගයේ විසඳුමක් නොමැත.

පානදුර සහ බදුරලිය අතර තරගය පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී

  • බදුරලිය – පළමු ඉනිම සියලු දෙනා දැවී 265 (87.4): දුනිත් ජයතුංග 77, රනේෂ් සිල්වා 58, අනුක් ප්‍රනාන්දු 46, මලිඳු මදුරංග 30, තමිඳු වික්‍රමාරච්චි නොදැවී 26, නිමේෂ් විමුක්ති 5/98, කොෂාන් දනුශ්ක 3/43.
  • පානදුර – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 333 (62): නිමේෂ් විමුක්ති 109, චානක රුවන්සිරි 105, ශනුක දුලාජ් 25, රොෂාන් විජේනායක 23, රමින්ද විජේසූරිය 34, ලහිරු ගමගේ 2/40, දුනිත් ජයතුංග 2/23.
  • බදුරලිය – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 28 (6.1): අනුක් ප්‍රනාන්දු 20, නිමේෂ් විමුක්ති 3/06.

තරගයේ විසඳුමක් නොමැත.

මීගමුව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර තරගය කටුනායක FTZ ක්‍රීඩා පිටියේ දී

  • නාවික හමුදාව – පළමු ඉනිම සියලු දෙනා දැවී 162 (47.3): අදීශ නානායක්කාර 64, රශ්මික මෙවන් 45, සවින් ගුණසේකර නොදැවී 23, දනුශ්ක සඳරුවන් 6/56, ඩිල්ශාන් මුණවීර 2/08.
  • මීගමුව – පළමු ඉනිම සියලු දෙනා දැවී 152 (53.2): අශේන් සිල්වා 36, ජීවක ශෂීන් 32, ඩිල්ශාන් මුණවීර 23, ඇන්ජලෝ ජයසිංහ 22, දිමුත් සඳරුවන් 20, Dilanka Auwardt 7/49, නවින් කවිකාර 2/66.
  • නාවික හමුදාව – සියලු දෙනා දැවී 80 (29.4): අදීශ නානායක්කාර 21, කවිඳු රණසිංහ 20, දනුශ්ක සඳරුවන් 6/29, උපුල් ඉන්ද්‍රසිරි 4/12.
  • මීගමුව – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 93 (15.4): අශේන් සිල්වා 38, බුද්ධික මධුශාන් 2/27.

මීගමුව ක්‍රිකට් සමාජයට කඩුලු 6ක ජයක්.

NCC සහ හලාවත මේරියන්ස් අතර තරගය NCC ක්‍රීඩා පිටියේ දී

  • NCC – පළමු ඉනිම සියලු දෙනා දැවී 304 (64.5): ජොහාන් ද සිල්වා 60, සඳුන් වීරක්කොඩි 51, ලසිත් ඇඹුල්දෙණිය 46, අහන් වික්‍රමසිංහ 31, කවින් බණ්ඩාර 29, අම්ෂි ද සිල්වා 29, නිපුන් රන්සික 20, ලසිත් ලක්ෂාන් 4/135, රජිඳු පුංචි හේවා 3/23, පුලින තරංග 2/45.
  • හලාවත මේරියන්ස් – පළමු ඉනිම සියලු දෙනා දැවී 159 (41): කසුන් විදුර 81, ලසිත් ඇඹුල්දෙණිය 4/49, අශේන් ඩැනියෙල් 2/55, නිපුන් රන්සික 2/11.
  • NCC – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 276 (64): විනුක රුබසිංහ 50, ලහිරු උදාර 46, සඳුන් වීරක්කොඩි 46, අහන් වික්‍රමසිංහ 41, අම්ෂි ද සිල්වා 43, කවින් බණ්ඩාර 29, අවිඳු තීක්ෂණ 4/65.

තරගයේ විසඳුමක් නොමැත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ සැරසන්ස් අතර තරගය කටුනායක ගුවන් හමුදා පිටියේ දී

  • සැරසන්ස් – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 201 (66): ප්‍රමෝද් මධුවන්ත නොදැවී 73, නිපුන් කරුණානායක 50, දුශාන් විමුක්ති 22, ගයාන් සිරිසෝම 3/40, දුලංජන මෙන්ඩිස් 2/19.
  • ගුවන් හමුදාව – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 202 (58.2): මධුශාන් රවිචන්ද්‍රකුමාර් 61, සචින් ජයවර්ධන 31, මිශේන් සිල්වා 36, මෝවින් සුබසිංහ 26, සසිත පල්ලියගුරු 6/104, දුශාන් විමුක්ති 2/60.
  • සැරසන්ස් – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 9 (3):

තරගයේ විසඳුමක් නොමැත.

ටැමිල් යුනියන් සහ නුගේගොඩ අතර තරගය P. Sara Oval ක්‍රීඩාංගණයේ දී

  • ටැමිල් යුනියන් – පළමු ඉනිම සියලු දෙනා දැවී 522 (118.2): සදීර සමරවික්‍රම 151, නවෝද් පරණවිතාන 147, සංතුශ් ගුණතිලක 87, රොන් චන්ද්‍රගුප්ත 22, රවිඳු ප්‍රනාන්දු 27, රවීන් ද සිල්වා 39, කවිඳු පතිරත්න 25, Karan Kaila 5/151, අරවින්ද ප්‍රේමරත්න 2/46.
  • නුගේගොඩ – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 212 (36.5): Murtaza Trunkwala 66, දිල්හාර පොල්ගම්පොළ 31, අභිශේක් ලියනාරච්චි 44, Karan Kaila 33, දුලාජ් සමුදිත 3/55, කවිඳු පතිරත්න 2/37, දිලුම් සුදීර 2/56.

තරගයේ විසඳුමක් නොමැත.

මේ සමඟින් මාස 4ක් පුරාවට පැවති Major League ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග අවසන් වෙනවා. ඒ අනුව A කාණ්ඩයෙන් CCC කණ්ඩායම ද B කාණ්ඩයෙන් ටැමිල් යුනියන් කණ්ඩායම ද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගෙන ඇති අතර අවසන් මහා තරගය මේ මස 16 වැනිදා සිට 19 වැනිදා දක්වා සිව්දින තරගයක් ලෙසින් කොළඹ SSC පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

දිනෙන් දින උණුසුම් වන තරගාවලියේ නවතම තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<