පබා, දිනුක, සංජුල සහ මිනෝද් අර්ධ ශතක රැස් කරයි

SLC Major Club T20 Tournament

452

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පස්වැනි දිනය වූ අද (26) දවස නිමා වූයේ තවත් තරග 6ක් නිමා වෙමින්.

එහි දී කොළඹ 7, SSC ක්‍රීඩා පිටියේ දී පැවති Moors SC සහ Kurunegala YCC අතර තරගයේ දී Moors කණ්ඩායමේ නායක පබසර වඩුගේ සහ දිනුක ඩිල්ශාන් අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුනා.

28 හැවිරිදි දකුණත් පිතිකරු පබසර වඩුගේ පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 64ක් ලබා ගත්තා. 22 හැවිරිදි දකුණත් පිතිකරු දිනුක ඩිල්ශාන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 55ක්.

නොදැවී ලබා ගත් එම ලකුණු සංඛ්‍යාව වෙනුවෙන් දිනුක පන්දු 40ක් වැය කළ අතර ඊට හතරේ පහරක් සහ හයේ පහර 3ක් එක් කළා. මෙම තරගය දිනුකගේ 5 වැනි විස්සයි විස්ස තරගය වන අතර තම මංගල අර්ධ ශතකයයි.

ඔවුන් දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 56ක දී ලකුණු 91ක සබඳතාවක් ද එක් කිරීමට සමත් වුනා.

කොළඹ 7, NCC ක්‍රීඩා පිටියේ දී පැවති SSC සහ Saracens CC අතර තරගයේ දී 23 හැවිරිදි ආරම්භක දකුණත් පිතිකරු ක්‍රිශාන් සංජුල පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 52ක් ලබා ගත්තා.

ඔහුගේ එම ඉනිමේ දී අර්ධ ශතක සබඳතා දෙකක් වාර්තා කිරීමට ද සමත් වුනා. ඒ පළමු කඩුල්ල වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලක (42) සමඟින් ලකුණු 59ක සබඳතාවක් සහ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ශෙවෝන් ඩැනියෙල් (21) සමඟින් ලකුණු 61ක සබඳතාවක් ලෙසින්.

මේ අතර SSC ක්‍රීඩා පිටියේ දී පැවති CCC සහ Sri Lanka Air Force Sc අතර තරගයේ දී CCC කණ්ඩායමේ මිනෝද් භානුක අද තම 75 වැනි විස්සයි විස්ස තරගයට එක් වෙමින් ලකුණු 51ක් ලබා ගත්තා.

ඔහු ඒ වෙනුවෙන් පන්දු 40කට මුහුණ දුන් අතර ඊට හතරේ පහරක් සහ හයේ පහර 2ක් ඇතුළත් කළා. ඔහු ආරම්භක පිතිකරු මාලින්ද පුෂ්පකුමාර (40) සමඟ එක් වෙමින් දෙවැනි කඩුල්ලට ලකුණු 82ක සබඳතාවක් ද එක් කිරීමට සමත් වුනා.

පන්දු යැවීමේ දී දවසේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ Moors කණ්ඩායමේ වමතින් පා දඟපන්දු යවන චතුරංග ද සිල්වා. ඔහු Kurunegala YCC කණ්ඩායමට එරෙහිව පන්දුවාර 4ක් යවමින් ලකුණු 23කට කඩුලු 4ක් දවා ගත්තා.

Moors SC සහ Kurunegala YCC අතර තරගය (SSC ක්‍රීඩා පිටියේ දී)

  • Moors SC – කඩුලු 5ක් දැවී 180 (20) සොහාන් ද ලිවේරා 26, පබසර වඩුගේ 64, දිනුක ඩිල්ශාන් නොදැවී 55, අයන සිරිවර්ධන 22, නිලංක ප්‍රේමරත්න 2/22, ලහිරු අබේසිංහ 2/36
  • Kurunegala YCC – කඩුලු 8ක් දැවී 141 (20) ගයාන් මනීෂාන් 26, කේශාන් වන්නිආරච්චි 27, දුලාජ් රණතුංග 25, ලහිරු ජයරත්න 23, අයන සිර්වර්ධන 3/18, චතුරංග ද සිල්වා 4/23

Moors SC කණ්ඩායමට ලකුණු 39ක ජයග්‍රහණයක්

Ace Capital CC සහ Lankan CC අතර තරගය (CCC ක්‍රීඩා පිටියේ දී)

  • Ace Capital CC – සියලුම දෙනා දැවී 90 (20) ෂෙහාන් ප්‍රනාන්දු 25, පූර්ණ වන්නිතිලක 2/11, රජීව වීරසිංහ 2/11, යෙසිත් රූපසිංහ 3/13
  • Lankan CC – කඩුලු 9ක් දැවී 91 (19.2) රවිඳු රත්නායක 22, මිරංග වික්‍රමගේ නොදැවී 19, සිතුම් දිසානායක 2/09, තනුක දාබරේ 2/17, මලීෂ සිල්වා 2/06

Lankan CC කණ්ඩායමට කඩුල්ලක ජයග්‍රහණයක්

Sri Lanka Navy SC සහ Kalutara Town Club අතර තරගය (NCC ක්‍රීඩා පිටියේ දී)

  • Sri Lanka Navy SC – කඩුලු 8ක් දැවී 134 (20) අරවින්ද අකුරුගොඩ 43, අමිත් එරන්ද 21, ටෂික් පෙරේරා 2/29, ටී. වීරසිංහ 3/17
  • Kalutara Town Club – කඩුලු 9ක් දැවී 123 (20) Amartya Kaul 47, අභිෂේක් ආනන්දකුමාර 28, ටී. වීරසිංහ 29, රශ්මික දුලාංජන 2/18, ඩිලංක අවර්ඩ්ට් 2/18, පූර්ණ චාරුක 2/31

Sri Lanka Navy SC කණ්ඩායමට ලකුණු 11ක ජයග්‍රහණයක්

CCC සහ Sri Lanka Air Force Sc අතර තරගය (SSC ක්‍රීඩා පිටියේ දී) 

  • CCC – කඩුලු 5ක් දැවී 51 (14.3) මාලින්ද පුෂ්පකුමාර 40, මිනෝද් භානුක 51, නිපුන කාරියවසම් 2/15, දේශාන් ප්‍රනාන්දු 2/23

වර්ෂාව හේතුවෙන් තරගය විසඳුමකින් තොරව අවසන් වූවා.

Galle CC සහ Sri Lanka Army SC අතර තරගය (CCC ක්‍රීඩා පිටියේ දී)

  • Galle CC – කඩුලු 7ක් දැවී 91 (17) නුවන් ප්‍රියදර්ශන නොදැවී 19, සීක්කුගේ ප්‍රසන්න 2/14, ගයාන් බණ්ඩාර 3/19

වර්ෂාව හේතුවෙන් තරගය විසඳුමකින් තොරව අවසන් වූවා.

SSC සහ Saracens CC අතර තරගය (NCC ක්‍රීඩා පිටියේ දී)

  • SSC – කඩුලු 2ක් දැවී 130 (16) ධනුශ්ක ගුණතිලක 42, ක්‍රිශාන් සංජුල නොදැවී 52, ෂෙවෝන් ඩැනියෙල් 21

වර්ෂාව හේතුවෙන් තරගය විසඳුමකින් තොරව අවසන් වූවා.

හෙට (27) තරගාවලියේ 6 වැනි දිනයයි. දිනෙන් දින උණුසුම් වන තරගාවලියේ අලුත් ම තතු විත්ති දැන ගන්න රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<