‘ලංකන් ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් 5 නම් කරයි

1988

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ‘ලංකන් ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලිය (LPL) මෙම මස 28 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබේ. එයට සති තුනක් පමණක් ඉතිරිව තිබිය දී ඒ සඳහා තරග වදිනු ලබන කණ්ඩායම් පහේ නම් ප්‍රකාශයට පත්ව ඇත. 

එංගලන්ත පසුපෙළ ප්‍රහාරයෙන් පාකිස්තානය බිමට

ඒ අනුව මෙම තරගාවලිය සඳහා තරග වදිනු ලබන කණ්ඩායම් 5 වන්නේ කොළඹ සුපර් කිංග්ස්, ගාල්ල ලයන්ස්, කැන්ඩි රෝයල්ස්, ජැෆ්නා සන්රයිසස් සහ දඹුල්ල කැපිටල්ස් යන නම් බව  Sunday Times පුවත්පත වාර්තා කර ඇත. 

කණ්ඩායම් 5ක් එකිනෙකා සමඟ තරග වදින, තරග 23කින් සමන්විත LPL තරගාවලිය අගෝස්තු මස 28 වැනිදා සිට සැප්තැම්බර් මස 20 වැනිදා දක්වා මෙරට ප්‍රමුඛ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ 4ක් වන දඹුල්ල, සූරියවැව, පල්ලෙකැලේ සහ කොළඹ ආර්. ප්‍රේමදාස යන ක්‍රීඩාංගණ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.  

මෙම තරගාවලිය සඳහා තරග කරන කණ්ඩායම් 5 දිවයිනේ ප්‍රමුඛතම නගර 5ක් වන කොළඹ, මහනුවර, ගාල්ල, යාපනය සහ දඹුල්ල ලෙස නම් කර ඇති අතර එක් කණ්ඩායමකට විදේශ ක්‍රීඩකයන් හය දෙනෙකු සහ දේශීය ක්‍රීඩකයන් නව දෙනෙකු ඇතුළත් කර ගැනීමට අවස්ථාව ලබා දී ඇත. 

කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ එහි සංවිධායකයින් මෙම තරගාවලියේ නිල අනුග්‍රාහකයින්, කණ්ඩායම් වල අයිතිකරුවන්, විකාශන අයිතිකරුවන්, තරග කාලසටහන හෝ කණ්ඩායම් වල සංචිතගත වී සිටින ක්‍රීඩකයින් කවුරුන් ද යන්න තවමත් නිල වශයෙන් පවසා නොමැත. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තරගාවලියේ ජාත්‍යන්තර නිෂ්පාදන අයිතිවාසිකම් සඳහා Innovative Productions Group (IPG) ආයතනය සමඟ ඉදිරි වසර 5ක කාලයක් සඳහා ගිවිසුම් ගත වී තිබෙන බව වාර්තා වේ. 

Video – 2010-2020 තවමත් ජාතික කණ්ඩායමට ගිය නැති හොඳම ක්‍රීඩකයින් 11 – Cricket Wataravuma

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර නිෂ්පාදන අයිතිවාසිකම් හිමිකරු වන IPG පළමු වසර දෙක සඳහා වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 1.925ක මුදලක් ගෙවීමට එකඟ වී ඇති බව වාර්තා වේ. ඉන්පසු එම මුදල සෑම වසරකම සියයට දහයකින් වැඩි කිරීමට ද එම ආයතනය එකඟතාවය පළකර ඇත.  

තරගාවලිය නිෂ්පාදනය කිරීම, තරග නිලධාරීන්ගේ ගෙවීම්, ක්‍රීඩා පිටි ගාස්තු, ආරක්ෂාව, නෛතික ගාස්තු සහ ජයග්‍රාහකයාට මෙන්ම අනුශූරයාට ලබා දෙන ත්‍යාග මුදල් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වගකිව යුතු අතර IPG ආයතනය තරගාවලියේ අනුග්‍රාහකත්වය, ප්‍රවේශ පත්‍ර සහ වෙළෙඳ ප්‍රචාරණය පිළිබඳව වගකීම දරනු ඇත. 

තරගාවලිය තුළ සිදුවන ගෙවීම් පහත පරිදි ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානමින් සිටින බව වාර්තා වේ.  

කාණ්ඩය  එක් කණ්ඩායමකට සිටින සාමාජිකයින්   මූලික මුදල (USD) 
ප්‍රධාන ක්‍රීඩකයින්  60,000 
ජාත්‍යන්තර සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්  50,000 
SLC කොන්ත්‍රාත්ගත ක්‍රීඩකයින්  10,000-50,000 
වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයින්  5,000 
ප්‍රධාන පුහුණුකරු  10,000-20,000 
සහයක කාර්ය මණ්ඩලය  5,000-15,000 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<