ඉසිපතනය ඩැහැගත් තෝමසුවන්ගේ අපරාජිකත්වය – 9වැනි සතිය

1077
Singer schools rugby league week 9

පාසල් රග්බි පිටියේ 9 වැනි සතියේ පැවැත්වු දැවැන්තම තරගය වන්නේ ඉසිපතන විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර තරගයයි.

මන්දයත් මේ දක්වා අපරාජිකත්වයේ කිරුල දරා සිටින පාසල් දෙකක් සිය අපරාජිකත්වයේ කිරුල වෙනුවෙන් කරට කර තරග වැදීමයි. තරගය 18 වැනි සෙනසුරාදා කොළඹ CR & FC ක්‍රීඩා පිටියේදි පැවැත්වු අතර තරගය විජයග්‍රහණය කරමින් ඉසිපතනය, තෝමසුවන් පරාජය කරවීමට සමත් විය.

පසුගිය ලිපි: ඉසිපතනය සහ ශාන්ත තෝමස් විද්‍යාල තවමත් අපරාජිතව පෙරමුනේ

තරගයේ ලකුණු ලබා ගැනීම අාරම්භ කරමින් ඉසිපතන ක්‍රීඩක වගීෂ වීරසිංහ සාර්ථක උත්සහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. එයට අතිරේක ලකුණු දෙකක් එකතු කිරීමට ගයාන් වික්‍රමරත්නට හැකි විනි (07-00).

ඉන්සුළු මොහොතකට පසුව චමෝද් ෆර්නැන්ඩො විසින් තවත් උත්සහක දිනුමක් සාර්ථක කරගන්නේ වගීෂ සහ සුමුදු රන්කොත්ගේ සහයෝගයත් සමඟිනි. එහි ප්‍රවර්ථනයද සාර්ථක කරගැනීමට ගයාන් සමත් විය (14-00).

ඉන්පසුව ඉසිපතන විද්‍යාලයට දඬුවම් පහර අවස්ථාවක් ලැබෙන අතර එය සාර්ථක කරගත් ගයාන් තවත් ලකුණු 3ක් කණ්ඩායමට එකතු කිරීමට සමත් විය (17-00).

තරගයේ මෙතෙක් වේලාවක් ලකුණු රැස් කිරීමට නොහැකි වුනු තෝමසුවන් ද ලකුණු රැස් කිරීම අාරම්භ කරන්නේ සචිත ජයතිලක සාර්ථක කරගත් උත්සහක දිනුමත් සමඟිනි. එයට සාර්ථකව අතිරේක ලකුණු එකතු කිරීමට අශ්වන්ත හේරත් සමත් විය (17-07).

ලකුණු ලබා ගත් උණුසුම පහව යෑමට නොදි දනුජ විජේරත්න තවත් උත්සහක දිනුමක් ශාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් රැස් කල අතර හේරත්ට එහි ප්‍රවර්තනය මඟ හැරිනි (17-12).

තරගයේ ප්‍රථම අර්ධය අවසන් වීමට මත්තෙන් ඉසිපතන විද්‍යාලය සිය දෙවැනි උත්සහක දිනුම සාර්ථක කර ගැනීමට සමත් විය (20-12)

පළමු අර්ධය – ඉසිපතන විද්‍යාලය 20 : 12 ශාන්ත තෝමස් විද්‍යාලය

කෙටි විවේකයකින් අනතුරුව නැවතත් පිටියට පිවිසි ඉසිපතනයට දඬුවම් පහර අවස්ථාවක් හිමි වන්නේ තෝමසුවන්ගේ ප්‍රමාදය නිසාවෙනි. ගයාන් සාර්ථකව දඬුවම් පහරේ ලකුණු රැස් කරගන්නා ලදි (23-12).

කෙටි කාලයක් දෙපිලම ලකුණු නොලබා තරග කරමින් සිටි අතර නිහඬතාවය බිඳ දමමින් 65 වැනි මිනිත්තුවේදි වගීෂ විසින් උත්සහක දිනුමක් රැස් කරගන්නා අතර ගයාන්ට ප්‍රවර්තනය මඟ හැරිනි (28-12). ඒ් ඉසිපතනය ලබා ගත් අවසන් ලකුණයි.

තරගය අවසානය කරා ලගාවන විට තෝමසුවන් හට තවත් ලකුණු 14ක් ලබා ගැනීමට හැකි වන්නේ ඩිඔ්න් ඩයස් සහ නවීන් හේනකන්කානම්ගේ විසින් ලබා ගත් උත්සහක දිනුම්ද සමඟිනි (28-24). අතිශය තියුණු තරගයකින් පසුව ලකුණු 4කින් ජය ලබා ගත් ඉසිපතනය සිය අපරාජිත කිරුල රැක ගනිමින් සිංගර් පාසල් රග්බි තරගාවලියේ ශූරතාවයත් සිය පාසල් සෙවනට රැගෙන යෑමට සමත් විය.

ඉසිපතන විද්‍යාලය 28 (3T, 2C, 3P) : 24 (4T, 2C) ශාන්ත තෝමස් විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: වගීෂ වීරසිංහ

තරග තීරක: ඉර්ෂාඩ් කාඩර්

තරගයේ ඡායාරූප අැල්බමය සඳහා පිවිසෙන්න


ත්‍රිත්වයින්ව පරදා පීතරයින් ගෙදර එයි

සිංගර් පාසල් රග්බි ලීග් තරගාවලියේ තවත් එක් තරගයක් අද (18) මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය අතර මහනුවර පල්ලේකැල් ක්‍රීඩාංගනයේදි පැවැත්විනි. එහිදි අාරාධිත පාසල වු ශාන්ත පීතර විද්‍යාලය ලකුණු 29 – 20 ලෙස ජයග්‍රහනය කිරීමට සමත් විය.

තරග තීරක ඩි. නාමල් මහතාගේ නාල හඬින් තරගය අාරම්භ වී සුළු මොහොතක් යන තැන පීතරයින් ලකුණු රැස් කිරීම අාරම්භ කල අතර ත්‍රිත්වයින් ද ඊලඟ මොහොතේදි ලද අවස්ථාවෙන් ලකුණු සමාන කිරීමට සමත් විය (05-05).

ඉන් සුළු මොහොතකට පසු අාගන්තුක කණ්ඩායමට ලකුණු ලබා ගැනීම සඳහා දඬුවම් පහර අවස්ථාවක් ලැබුනු අතර එය සාර්ථක කරගැනීමට ස්ටෙෆාන් සිවරාජ් සමත් විය (08-05). ඉන්පසු ත්‍රිත්ව විද්‍යාලයට ද ලකුණු සමාන කරමින් දඬුවම් පහර සාර්ථක කරගැනීමට ලෂාන් විජේසූරියට හැකි විනි (08-08).

ඉන්පසුව පීතර විද්‍යාලයේ තක්ෂිණ නොනිස් විසින් උත්සහක දිනුමක් තබන අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සිවරාජ්ට නොහැකි විනි (13-08).

ප්‍රථම අර්ධය නිමා වීමට මත්තෙන් ත්‍රිත්ව විද්‍යාලයට තවත් උත්සහක දිනුමක් සාර්ථක කරගැනීමට හැකි වන අතර ඒ් අනුශ්ක බෝයගොඩ සහ ලෂාන් ගේ සුසංයෝගයෙනි (13-15).

ප්‍රථම අර්ධය – ශාන්ත පීතර විද්‍යාලය 13 : 15 ත්‍රිත්ව විද්‍යාලය

විවේකයෙන් පසුව අැරඹි දෙවන අර්ධයේ ලකුණු රැස් කිරීම අාරම්භ කරමින් ශාන්ත පීතර විද්‍යාලය විසින් දිනුම කරා යන ගමන් මග විවෘත කර ගන්නා ලදි. එහිදි පීතරයින් උත්සහක දිනුම් 2ක් වාර්තා කාරීමට සමත් විය (19-15).

කෙසේනමුත් තරගයේ තීරණාත්මක ලකුණු රැස් කිරීමක් සිදු කරමින් පීතර විද්‍යාලීය ක්‍රීඩක සිවරාජ් විසින් දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට සමත් විය (22-15). තරගය අවසන් වීමට මත්තෙන් තවත් උත්සහක දිනුමක සම්පූර්ණ ලකුණු පීතර විද්‍යාලයට එකතු විය (29-15). ත්‍රිත්ව විද්‍යාලයද තරගයේ අවසන් ලකුණු සටහන් කරමින් තවත් උත්සහක දිනුමක් තබන අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විනි (29-20).

ශාන්ත පීතර විද්‍යාලය 29 (3T 1C 4P) : 20 (3T 1C 1P) ත්‍රිත්ව විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: ස්ටෙෆාන් සිවරාජ්

තරග තීරක: ඩි. නාමල්

තරගයේ ඡායාරූප අැල්බමය සඳහා පිවිසෙන්න


මධුවන්තගේ ගෝලය අැන්තෝනි පිළට වාසනාවක් විය

පාසල් රග්බි ලීග් තරගාවලියේ ශාන්ත අන්තෝනි විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය හමුවන අවසන් තරගය අද මහනුවර නිත්තවෙලදි පැවැත්විනි. එහිදි එක් ලකුණක තියුණු ජයක් ලබා ගැනීමට අන්තෝනි විද්‍යාලය සමත් විය.

අාරම්භක සංඥාවත් සමඟින් ලකුණු සොයා යෑම අාරම්භ කරමින් වෙස්ලි විද්‍යාලීය ක්‍රීඩක ඩි. එස්. කේ. සිරිවර්ධන විසින් උත්සහක දිනුමක් වාර්තා කල අතර අවිශ්ක ලී එහි ප්‍රවර්තනය මඟ හැර ගන්නා ලදි (05-00).

ඉන්සුළු මොහොකට පසුව ශාන්ත පීතර විද්‍යාලයට දඬුවම් පහරක් ලැබුනු අතර සැමුඑල් මධුවන්ත එය දක්ෂ ලෙස සාර්ථක කරගනිමින් අන්තෝනීන් ද ලකුණු පුවරුව සක්‍රිය කරනු ලැබීය (05-03).

 ඉන් මිනිත්තු 12කට පමන පසුව තරග තීරක මුතුමල විසින් අන්තෝනි විද්‍යාලයට දඬුවම් පහර අවස්ථාවක් ලබා දෙන අතර සැමුඑල් විසින් එය සාර්ථක කර ගන්නා ලදි (05-06).

ඉන්පසුව වෙස්ලි විද්‍යාලයද අන්තෝනි විද්‍යාලයට එරෙහිව උත්සහක දිනුමක් වාර්තා කිරීමට සයන් සබර් සමත් වු අතර අවිශ්ක අතිරේක ලකුණු එකතු කිරීමට සමත් විය (12-06).

තරගයේ 30 වැනි මිනිත්තුවේදි නැවතත් සක්‍රීය වන වෙසල් විද්‍යාලය විසින් ප්‍රථම අර්ධයේදි වාර්තා කරන අවසන් උත්සහක දිනුම වාර්තා කරමින් ඔමාර් කුතුබ්ඩීන් විසින් ලකුණු 05 ක් සිය කණ්ඩායමට ලබා දීමට සමත් වන අතර අවිශ්ක සම්පූර්ණ ලකුණු එකතු කිරීමට සමත් විය (19-06).

දෙවන අර්ධයේ අවසානයට පෙර අන්තෝනි විද්‍යාලයද තවත් ලකුණු කිහිපයක් රැස් කිරීමට සමත් වන්නේදුමින්ද හෙට්ටිඅාරච්චිගේ විසින් ලබා උත්සහක දිනුමත් සමඟිනි. සැමුඑල් ප්‍රවර්ථනය සාර්ථක කර ගැනීමට සමත් විය (19-13).

ප්‍රථම අර්ධය: ශාන්ත අන්තෝනි විදුහල 13 : 19 වෙස්ලි විදුහල

තරගයේ දෙවන අර්ධයේදි අන්තෝනි විදුහල විසින් වෙස්ලි විද්‍යාලය හඹා එ්ම අාරම්භ කරන ලදි. පළමු අර්ධයේ වාසිය සහිතව සිටින වෙස්ලි විද්‍යාලය විසින් දඬුවම් පහරක් සාර්ථක කරගැනීමට අවිශ්ක සමත් විය (22-13).

ඉන් අනතුරුව වඩාත් අාක්‍රමනශිලි ලෙස තරග කිරීම අාරම්භ කරන අන්තෝනි කණ්ඩායම දෙවන අර්ධයේ ලකුණු රැස් කිරීම අාරම්භ කරමින් ජෙහාන් සීලන්ගම විසින් උත්සහක දිනුමක් වාර්තා කරන අතර සැමුඑලු සාර්ථකව අතිරේක ලකුණු එකතු කරන ලදි (19-22).

ඉන්පසුව තරගයේ ජයග්‍රහනය අන්තෝනි පිල සතු කරමින් මෙම තරගාවලියේ වැඩිම  ලකුණුලාභියා වු සැමුඑල් මධුවන්ත විසින් 40වැනි මීටර කණුවේ සිට එල්ල කල ඩ්‍රොප් ගෝලයක් වාර්තා කිරීමට සමත් විය.

ශාන්ත අන්තෝනි විදුහල 23 (2T,2C,2P,1D) : 19 (3T,2C,1P) වෙස්ලි විදුහල

ThePapare.com තරගයේ වීරයා: සැමුඑල් මධුවන්ත

තරග තීරක: එස්. එන්. මුතුමල

තරගයේ ඡායාරූප අැල්බමය සඳහා පිවිසෙන්න


 විද්‍යා විද්‍යාලය පරාද කිරීමට රාජකීයයෝ සමත් විය.

නිමා වු රග්බි ලීග් තරගාවලියේ තවත් එක් තරගයක් වු ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර තරගය අද (18) හැව්ලොක්ස් ක්‍රීඩා පිටියේදි පැවැත් විනි. එහිදි ලකුණු 29 – 22 ලෙස රාජකීයයෝ තරගය ජයග්‍රහනය කිරීමට සමත් විය.

පසුගිය සතියේ මෙම පාසල් දෙකම සහභාගී වු තරග දෙකම පාරජයෙන් කෙලවර විනි.

නියමිත වේලාවට අැරඹි තරගයේ ප්‍රථමයෙන්ම ලකුණු රැස් කරමින් රාජකීය විද්‍යාලීය ක්‍රීඩක අස්මීර් ෆාජුඩීන් විසින් උත්සහක දිනුමක් සාර්ථක කරගන්නා ලදි. නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට ඔවින් අස්කිට නොහැකි විනි (05-00).

ඉන්පසුව විද්‍යා විද්‍යාලය ද ලකුණු මට්ටම සම කරගනිමින් කේ. පි. තත්සර විසින් උත්සහක දිනුමක් වාර්තා කරන අතර එහිද ප්‍රවර්තනය අසාර්ථක විය (05-05).

ඉන්පසුව නැවතත් රාජකීය ක්‍රීඩක අස්මීර් විසින් සිය දෙවන උත්සහක දිනුම තබමින් ගෝලය සීමාවෙන් පිටතට රැගෙන යෑමට සමත් විය. ඔවින්ට එවරද ප්‍රවර්තනය මඟ හැරිනි (10-05).

කරට කර තරගයක උද්වේගය විදහා දක්වමින් විද්‍යා විද්‍යාලයද උත්සහක දිනුමක් රැස් කිරීමට සමත් විය. ඒ් තනුජ මදුරංග විසිනි. එහිද ප්‍රවර්තනය අසාර්ථක විය (10-10).

ප්‍රථම අර්ධය අවසන් වීමට අාසන්න වෙමින් තිබුනු අතර සිය තෙවැනි උත්සහක දිනුමත් වාර්තා කිරීමට අස්මීර් සමත් විය. එවර එයට අතිරේක ලකුණු එකතු කිරීමට ඔවීන් සමත් විය (15-10).

ප්‍රථම අර්ධය: විද්‍යා විද්‍යාලය 10 : 15 රාජකීය විද්‍යාලය

කෙටි විවේකයක් ලද කණ්ඩායම් දෙකම නැවතත් ක්‍රීඩා කිරීමට අාරම්භ කරන අතර ප්‍රථම අර්ධයේදි මෙන්ම ලකුණු සම කිරීම/ හඹා ඒ්ම අාරම්භ කරමින් විද්‍යා විද්‍යාලීය ක්‍රීඩක හෂාන් මධුමාධව විසින් සාර්ථක උත්සහක දිනුමක් වාර්තා කරන ලදි (17-17).

ඉන්පසුව නැවතත් රාජකීයයන් විසින් උත්සහක දිනුමත් තබා සම ලකුණු තත්වය වෙනස් කිරීමට සමත් විය. ඒ් අස්මීර් විසිනි. එහි ප්‍රවර්තනය අසාර්ථක විය (22-17).

ඉන් අනතුරුව තවත් වරක් අස්මීර් විසින් ගෝලයක් ලබා ගැනීමට සමත් වන අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඔවින් සමත් විය (29-17). ඒ් ඔවුන් ලබා ගත් අවසන් ලකුණු ප්‍රමාණයයි.

තරගය අවසන් වීමට මිනිත්තු 05ක් පමණ ඉතිරිව තිබියදි විද්‍යා විද්‍යාලය තවත් උත්සහක දිනුමක් සාර්ථක කර ගැනීමට සමත් වුවද එහි ප්‍රවර්තනය අසාර්ථක විය (29-22).

විද්‍යා විද්‍යාලය 22 (4T, 1C): 29 (5T, 2C) රාජකීය විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා:  අශෝක් විජේකුමාර්