අපහාස පරදවමින් Siraj අංක 1ට

301
Mohd. Siraj of India warmup before the start of the second twenty twenty International, T20i, between India and The West Indies held at the Eden Gardens Stadium in Kolkata on the 18th February 2022 Photo by Pankaj Nangia / Sportzpics for BCCI

නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ අංක 01 දක්වා ඉහළට පැමිණීමට ඉන්දීය ක්‍රීඩක Mohammed Sirajට හැකිව තිබෙනවා.

නවසීලන්ත තරගාවලියේ දී දැක්වූ දස්කම් නිසා මීට පෙර අංක 01 ස්ථානයේ සිටි නවසීලන්ත ක්‍රීඩක Trent Boult අබිබවා මෙලෙස අංක එකට පැමිණීමට ඔහු සමත්ව තිබෙනවා.

අඩු දස්කම් නිසා පසුගිය කාල සීමාවේ අපහාසවලට ලක් වූ Siraj නිමා වූ නවසීලන්ත තරගාවලියේ තරග දෙකක් තුළ කඩුලු 5ක් දවා ගනිමින් තෙවැනියට වැඩිම කඩුලු ලාභියා ලෙස තරගාවලිය අවසන් කිරීමට ඔහු සමත් වුනා.

එමෙන්ම ඔහු නිමා වූ ශ්‍රී ලංකා තරගාවලිය ඇතුළු අවසන් එක්දින තරග පහ තුළ කඩුලු 15ක් දවා ගැනීමට සමත්ව තිබීම විශේෂත්වයක්.

මෙතෙක් කල් එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ අංක 01 සිටි Boult සැප්තැම්බර් සිට එක්දින තරග ක්‍රීඩා කර නොමැති නිසා ඔහු නවතම ශ්‍රේණිගත කිරීමේ අංක 03 දක්වා පසු බැස ඇති අතර අංක 02 ස්ථානයේ රැඳී සිටින්නේ ඕස්ට්‍රේලියා ක්‍රීඩක Josh Hazelwood.

නවසීලන්ත තරගාවලියේ දී ද්විත්ව ශතකයක් සහ ශතයක් සමඟ ලකුණු 360ක් රැස් කළ යොවුන් ක්‍රීඩක Shubman Gill නවතම ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 20ක් ඉදිරියට පැමිණ 6 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

එමෙන්ම ඔහු නිමා වූ ශ්‍රී ලංකා තරගාවලියේ ද ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ අතර එම නිසා ඉන්දීය සුපිරි ක්‍රීඩක Virat Kohli අභිබවමින් ඉදිරියට පැමිණ තිබෙනවා.

නවසීලන්ත තරගාවලියේ අවසන් තරගයේ දී ලබා ගත් ශතකයත් සමඟ ශ්‍රේණිගත කිරීමේ 08 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ඉන්දීය නායක Rohit Sharmaට හැකිව තිබෙනවා.

එමෙන්ම සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරගාවලියේ ඉහළ දස්කම් දැක්වූ Harry Tector එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ 13 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණෙද්දී, Josh Little පන්දු යවන්නන් අතර 33 වැනි තැන දක්වා ස්ථාන 27ක් ඉදිරියට පැමිණ සිටිනවා.

Espncricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<