දිගු නිහැඬියාවකින් පසු ජෝන් ටාබට් නැවතත්

397

කොරෝනා වසංගතය නිසාවෙන් වසර කිහිපයක් පැවැත්වීමට නොහැකි වූ ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය මෙම වසරේ සැප්තැම්බර් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන මෙම තරගාවලිය සැප්තැම්බර් 13 සිට 17 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර තරගාවලිය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී හෝ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය ඔක්තෝබර් මාසයේ කුවේට් හිදී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 18න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා තේරීම් තරගාවලියක් ලෙස ද සලකන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය නිවේදනය කර තිබුණා.

2022 18න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය ඔක්තෝබර් 13 සිට 16 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ සියලූම තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<