තර්ස්ටන් විද්‍යාලයට පළමු ඉණිමක ජයක්

300
U19 Schools Cricket

සිංගර් වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් සාර්ථක දිනයක් අද (04) නිමා වූ අතර අද අවසන් වූ තරඟ දෙකකින් එක් තරඟයක, පළමු ඉණිමක ජයක් ලබා ගැනීමට තර්ස්ටන් විද්‍යාලය සමත් වූ අතර අනෙක් තරඟය ජය පරාජයෙන් තොරව අවසන් විය.

පසුගිය ලිපි: සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉණිමේ ජයක්

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා මාතර රාහුල විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය ඊයේ (03) මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදි ආරම්භ වූ අතර තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය ධර්මාශෝක විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි.

මෙම තරඟය අද දිනය සඳහා පැවැත්වීමට නියමිතව තිබුණද, වර්ෂාවෙන් දැඩි ලෙස බාධා එල්ල වූ නිසා තරඟය අත්හැර දැමීමට විනිසුරුවරුන් තීරණය කරන ලදි.

තරගයේ සාරාංශය,

ධර්මාශෝක විද්‍යාලය පළමු ඉණිම – 215/10 (62.3): කවිශ් කුමාර 107, රවිදු රසන්ත 22, පසන් සමරතුංග 5/52

රාහුල විද්‍යාලය පළමු ඉණිම – 83/4 (39): ලකිදු චමෝද් 24*


කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා කෝට්ටේ ජනාධිපති විද්‍යාලය අතර තරඟය

ඊයේ (03) ආරම්භ වූ මෙම තරගයේ දී, පිටියේ වාසිය ද ඇතිව කාසියේ වාසිය ජයග්‍රහණය කල තර්ස්ටන් විද්‍යාලය පළමුව පන්දු යවන ලදි.

අද දිනය ආරම්භ කරන විට තර්ස්ටන් විද්‍යාලය තම පළමු ඉණිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 66ක් ලබා සිටි අතර එහිදී සුපිරි පිතිකරණයක නිරත වූ චරණ නානායක්කාර ලකුණු 82ක් තම කණ්ඩායම වෙනුවෙන් ලබා ගන්නා ලදි. කාවින්ද පීරිස් කඩුලු 5ක් ජනාධිපති විද්‍යාලය වෙනුවෙන් දවාලීමට සමත් විය.

තර්ස්ටන් විද්‍යාලය පළමු ඉණිම – 181/08dec (45.1): චරණ නානායක්කාර 82, ප්‍රදීශ මෙන්ඩිස් 33, නිමේෂ් ලක්ෂාන් 21, කාවින්ද පීරිස් 5/45

ලකුණු 62ක අවාසියක් ද ඇතිව තම දෙවන ඉණිම ඇරඹූ ජනාධිපති විද්‍යාල කණ්ඩායම දිනය අවසන් වන විට ලකුණු 105ක් ලබා ගෙන සිටින ලදි. සචිත ලියනගේ ලකුණු 41ක් තම පිත්තෙන් වාර්තා කරන ලදි.

ජනාධිපති විද්‍යාලය දෙවන ඉණිම – 105/05 (31.2): සචිත ලියනගේ 41, සඳරු ඩයස් 2/41

තරගයේ සාරාංශය,

ජනාධිපති විද්‍යාලය පළමු ඉණිම – 119/10 (45.1): හෂාන් ප්‍රියදර්ශන 34, සචිත ලියනගේ 30, චරණ නානායක්කාර 2/17, සඳරු ඩයස් 2/20

තර්ස්ටන් විද්‍යාලයට පළමු ඉණිමක ජයග්‍රහණයක්


මොරටුව වේල්ස් කුමර විද්‍යාලය හා කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර තරඟය

වේල්ස් කුමර විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී අද (04) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් වේල්ස් කුමර විද්‍යාලය පළමුව පන්දුවට පහරදෙන ලදි.  

උදෑසන සිටම දිනයේ අවසානය දක්වාම තම පළමු ඉණිම දියත් කිරීමට වේල්ස් කුමර විද්‍යාලය සමත් වූ අතර, 6 වන කඩුල්ල සඳහා දැවැන්ත සබඳතාවයක් ගොඩනැංවීමට සනෝජ් දර්ශික හා තිලාන් ඉමේෂ් සමත් විය. ඔවුන් දෙදෙනා දිනය නිමාවන විට පිලිවෙලින් ලකුණු 104*ක් හා ලකුණු 76*ක් ලබා ගන්නා ලදි.

වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසන් වන විට) – 232/05 (60): සනෝජ් දර්ශික 104*, තිලාන් ඉමේෂ් 76*, විශ්ව චතුරංග 24.


මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරඟය

සාන්ත අන්තෝනි විද්‍යාලය, ක්‍රීඩා පිටියේ වාසිය ද ඇතිව කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් තම ප්‍රතිවිරුද්ධ කණ්ඩායමට පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ලබා දෙන ලදි.

ත්‍රිත්ව විද්‍යාලීය පළමු ඉණිම සඳහා දිනය අවසන් වන විට ට්‍රිවෝන් පර්සිවල් ලකුණු 44*ක් ලබා ගැනීමට සමත් විය. හසින්ත ජයසූරිය ලකුණු 37ක් ද ලබා ගත් අතර ඔවුන් පළමු දිනය තුලම ලකුණු 232ක් ලබා ගන්නා ලදි.

ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසන් වන විට) – 232/08 (63): ට්‍රිවෝන් පර්සිවල් 44*, හසින්ත ජයසූරිය 37, තිසරු ඩිල්ශාන් 30, කවිදු හෙට්ටිආරච්චි 4/58


කඳාන ද මැසිනෝද් විද්‍යාලය හා මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය අද (04) මැසිනෝද් විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී ආරම්භ විය. කාසියේ වාසිය දිනා ගත් සාන්ත ජෝසප් විද්‍යාලය පළමුව පන්දු යවන ලදි.

මෙම තරගයේ දී නදුන් ඩිල්ශාන් ලකුණු 44ක් ලබා ගෙන ද මැසිනෝද් විද්‍යාලයේ පළමු ඉණිම සැලකිය යුතු මට්ටමකට ඔසවා තබන ලදි. සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ හරීන් කුරේ කඩුලු 5ක් දවාලන ලදි.

ද මැසිනෝද් විද්‍යාලය පළමු ඉණිම – 155/10 (47.3): නදුන් ඩිල්ශාන් 44, ප්‍රවීන් ෆොන්සේකා 26, හරීන් කුරේ 5/55.

සාන්ත ජෝශප් විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසන් වන විට) – 5/1 (4)


පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය හා බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර තරඟය

සාන්ත පීතර විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී අද (04) ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනාගත් සාන්ත පීතර ක්‍රීඩකයින් පළමුව පන්දු යවන ලදි.

ධර්මපාල විද්‍යාලය වෙනුවෙන් අවිශ්ක හසරිදු පළමු දිනය අවසන් වන විට වැඩිම ලකුණු ලාභියා වූ අතර ඔහු ලකුණු 31ක් ලබා ගන්නා ලදි. චතුර ඔබේසේකර සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් කඩුලු 3ක් පළමු දිනය තුලම දවාගන්නා ලදි.

ධර්මපාල විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසන් වන විට) – 116/07 (53): අවිශ්ක හසරිදු 31, අමිල දහනායක 23, චතුර ඔබේසේකර 3/27.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට