CR & FC ඉදිරිපෙළට තවත් ප්‍රබලයින් දෙපළක්

1840

2018/19 ‘Dialog’ රග්බි ලීග් තරග වාරයට පෙර CR & FC කණ්ඩායම තවත් ක්‍රීඩකයින් දෙදෙනෙක් එක්කර ගන්නට සමත් වී ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩකයෙක් වන දුලංජන විජේසිංහ සහ හැව්ලොක් SC ක්‍රීඩක ෂෙහාන් ඩයස් CR & FC ක්‍රීඩා සමාජය සමඟ එක්වනු ඇත.

දෙවන රග්බි ක්‍රීඩකයාත් ජීවිතක්ෂයට

ශ්වසන අපහසුතා හේතුවෙන් රෝහල් ගත කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දෙවන බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයාත් ඊයේ (15) සන්ද්‍යාවේ දී………

වෙස්ලි විද්‍යාලයෙන් රග්බි ක්‍රීඩාවට පිවිසි දුලංජන විජේසිංහ 2009 වසරේ නාවික හමුදා ක්‍රීඩා සමාජය සමඟ එක්වීමෙන් අනතුරුව මේ දක්වා සිය වෘත්තීය රග්බි දිවියම එහි ගතකරමින් ඉතා ඉහළ දස්කම් දක්වන්නට සමත් විය. ඒ අනුව මෙම වසර 8ක කාලය පුරාවට ඔහු ‘Hooker’ සහ ‘Number 08’ යන ස්ථාන වල ක්‍රීඩා කර ඇත.

තවදුරටත් ඉදිරිපෙළ ක්‍රීඩා කරමින් ප්‍රතිවාදීන් හට ප්‍රබල අභියෝගයක් වූ ඔහු 2016/17 තරග වාරයේ තෙවන වැඩිම උත්සාහක දිනුම් ලාභියා වූ අතර පසුගිය තරග වාරයේ දී ද උත්සාහක දිනුම් 7කට හිමිකම් කියන්නට ඔහු සමත් විය.

පසුගිය 2017/18 තරග වාරය තුළ ඉදිරිපෙළ හසුරුවමින් කණ්ඩායම තුළ නායකත්ව වගකීමක් ඔහු විසින් දැරූ අතර සිය කණ්ඩායම තරගාවලියේ සමස්ත අනුශූරතාවය දිනා ගැනීමට සමත් වීම නිසා පසුගිය තරග වාරය ඔහුට අමතක නොවන එකක් වනු ඇත.

එමෙන්ම 2016/17 තරග වාරයේ ThePapare.com ජනප්‍රියතම ක්‍රීඩා සමාජ රග්බි ක්‍රීඩකයා බවට පත්වන්නට ද ඔහු සමත් විය.

“මගේ ක්‍රීඩා දිවියම නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කිරීමෙන් පසුව මේක මට ලැබුණ හොඳ අවස්ථාවක්. මම බලාපොරොත්තු වෙනවා නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරපු විදිහටම CR & FC කණ්ඩායමේ ද ක්‍රීඩා කරන්න මට හැකියාව ලැබෙයි කියලා.”

සිය නව ක්‍රීඩා සමාජය පිළිබඳව සතුටට පත් විජේසිංහ ප්‍රකාශ කළේය.

විශ්ව විද්‍යාල රග්බි ලෝක ශූරතාවට ශ්‍රී ලංකාවෙනුත් සංචිතයක්

වර්තමානයේ දී ශ්‍රී ලංකාව රග්බි ක්‍රීඩාවෙන් දිගින් දිගටම ජයග්‍රහණ දිනා ගනිමින් ඉදිරියටම ගමන් කර අතර ලෝක විශ්ව විද්‍යාල රග්බි ශූරතාවය කරා යන්නට……..

විජේසිංහට අමතරව හැව්ලොක් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක ෂෙහාන් ඩයස් ද මෙම තරග වාරයේ දී CR & FC කණ්ඩායමේ ඉදිරිපෙළ ශක්තිමත් කිරීමට එක්වී ඇත. ‘Flanker’ සහ ‘Second row’ස්ථානවල ක්‍රීඩා කරන ෂෙහාන්, හැව්ලොක් ක්‍රීඩා සමාජයට ‘lineout’ අවස්ථාවන් හිදී මෙන්ම ‘scrum’ අවස්ථාවන් හිදී ද අතිශය වැදගත් ක්‍රීඩකයෙක් විය.

2014 වසරේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජය සමඟ එක්වූ ෂෙහාන්, ඉහළ දස්කම් දක්වමින් ඔහු සිය කණ්ඩායමට අතිශය වැදගත් ක්‍රීඩකයෙක් බවට පුහුණුකරුවන්ට තහවුරු කරන්නට සමත් වී ඇති අතර ඒ අනුව ඔහු නොමැතිවීම හැව්ලොක් ක්‍රීඩා සමාජයට විශාල පාඩුවක් වනු නොඅනුමාන ය.

ඒ අනුව ඔහුගේ උස, ‘breakdown’ අවස්ථාවන් හිදී ඔහු දක්වන හැකියාව සහ ඔහුගේ වේගවත් ක්‍රීඩා විලාශය කවිඳු පෙරේරාගේ නායකත්වයෙන් යුතු CR & FC කණ්ඩායමට වැදගත් වනු ඇත.

මීට පෙර හැව්ලොක් ක්‍රීඩා සමාජයේ කෙවින් ඩික්සන් ද CR & FC ක්‍රීඩා සමාජය සමඟ එක්වනු ලැබීය.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<