මොවින් සුබසිංහට ශතකයක් අහිමි වේ

395
U19 Schools Cricket

සිංගර් පාසල් ක්‍රිකට් තරග වාරය නියෝජනය කරමින් වයස අවුරුදු 19න් පහළ තරග රාශියක්ම ඊයේ (02) ආරම්භ විය. ඒ අතරින් කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය පළමු දිනයේදීම තම ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය තහවුරු කරගත් අතර කොළඹ වෙස්ලි විද්‍යාලයේ මොවින් සුබසිංහට තම ශතකය අහිමි වී යාමද ඊයේ දිනයේ සිදුවිය.

කසුන් හා සහන් ශතකයකින් දිනය අරඹයි

සිංගර් කුසාලනය උදෙසා තරග වදින වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අද (2) තරග කිහිපයක්ම ආරම්භ විය. ආරම්භක දිනය තුලම කැපීපෙනෙන දස්කම් දැක්වීමට කසුන් සඳරුවන් හා සහන් සුරවීර …

කොළඹ වෙස්ලි විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර තරගය

කාසියේ වාසිය දිනාගත් ඉසිපතන විද්‍යාලයේ ඇරයුමින් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් වෙස්ලි විද්‍යාලයට තම මුල් ඉනිම වෙනුවෙන් රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 202ක් පමණි. නමුත් තම විද්‍යාලය වෙනුවෙන් ඉතාමත් විශිෂ්ට ඉනිමක නිරත වුනු මොවින් සුබසිංහ ලකුණු 97ක් රැස් කරමින් විද්‍යාලයේ ලකුණු තත්වය ඉහළ දැමීමට කැපවිය. ශතකයට ලකුණු 3ක් අඩුවෙන් මොවින්ගේ ඉනිම නිමාවීම දිනයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් බවට පත්විය. පන්දු යැවීමේදී ලිසුල විනත් සහ ලහිරු දිල්ශාන් කඩුලු 3 බැගින් බිඳ හෙලීය.

ප්‍රථම දිනය නිමාවන විට පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන ඉසිපතන පිතිකරුවෝ කඩුලු 4කට ලකුණු 133ක් ලබාගෙන සාර්ථක හඹායමක නිරත වේ. තරගය කොළඹ කෝල්ට්ස් පිටියේදී ක්‍රියාත්මක වේ.

වෙස්ලි විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 202 (පන්දුවාර 57): මොවින් සුබසිංහ 97, මොහොමඩ් උබයිදුල්ලා 27, ලිසුල විනත් 3/30, ලහිරු දිල්ශාන් 3/49, නෙරන්ජන් වන්නිආරච්චි 2/27.

ඉසිපතන විද්‍යාලය – කඩුලු 4ක් දැවී ලකුණු 133 (පන්දුවාර 33): හේශාන් ප්‍රනාන්දු 43, සංජුල අබේවික්‍රම 30, රුචිර දංගල්ල 2/35.


වත්තල සාන්ත ඇන්තනි විද්‍යාලය සහ කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය අතර තරගය

පල්ලෙකැලේ දී ආරම්භ වුනු මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් සාන්ත මරියා විද්‍යාලයේ නායකයා මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී සාන්ත ඇන්තනි විද්‍යාලයට ලබා දුන්නේය. ඒ අනුව ඉනිම ඇරඹූ ඇන්තනි විද්‍යාලයට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 114ක් පමණි. එය හඹා යන සාන්ත මරියා පිතිකරුවන් සාර්ථක පිතිකරණයක නියැලෙමින් ප්‍රථම දිනය නිමා වනවිට කඩුලු 7කට ලකුණු 184ක් ලබා සිටිති. ඒ අනුව ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය ඔවුන් මේ වනවිටත් තමන් සතු කරගෙන හමාරය.

සාන්ත ඇන්තනි විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 114 (පන්දුවාර 48.3): අරින්ද පසිඳු 36, රුක්ෂාන් රොද්‍රිගෝ 26, එරංග මධුෂාන් 20, ලසිත උඩගේ 5/33, රිෂාඩ් රහීම් 2/18.

සාන්ත මරියා විද්‍යාලය – කඩුලු 7ක් දැවී ලකුණු 184 (පන්දුවාර 44): සඳරු ශ්‍රියසාන්ත 41, සුජිත් කුමාර 39, තිමිර කුමාර 25, ලසිත උඩගේ 25, සංඛ මධුභාෂණ 4/36, කවිඳු මධූක 2/30.


මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය සහ කඳාන ද මැසිනෝද් විද්‍යාලය අතර තරගය

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් සාන්ත සර්වේසස් නායකයා ප්‍රතිවාදී ද මැසිනෝද් තණතීරුවේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ වගකීම භාර ගත්තේය. ඒ අනුව තම පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 147ක් රැස් කරන්නට ඔවුන් සමත් විය. සර්වේසස් විද්‍යාලය වෙනුවෙන් පසිඳු මනුප්‍රිය නොදැවී ලකුණු 37ක් රැස්කල නමුත් කිසිදු පිතිකරුවෙකුට අර්ධ ශතකයක් කරා හෝ යාමට නොහැකි වීම ඔවුන්ගේ මුල් ඉනිම අඩු ලකුණු ගණනකට සීමා කරන්නට හේතු විය.

ප්‍රථම දිනය නිමා වනවිට පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන සත්කාරක ද මැසිනෝද් පිතිකරුවන් කඩුලු 5ක් දැවී ලකුණු 89ක් ලබා සිටියි. නොදැවී පන්දුවට පහර දෙන දේශාන් ප්‍රනාන්දු ලකුණු 26යි.

සාන්ත සර්වේසස් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 147 (පන්දුවාර 53.3): පසිඳු මනුප්‍රිය 37*, තිලාන් ප්‍රශාන් 33, කේශර නුවන්ත 33, මිතිල අරවින්ද 2/25, සශාන් ප්‍රනාන්දු 2/32, දේශාන් ප්‍රනාන්දු 2/30, වෝශිත සෙනවිරත්න 2/29.

ද මැසිනෝද් විද්‍යාලය – කඩුලු 5ක් දැවී ලකුණු 89 (පන්දුවාර 39): දේශාන් ප්‍රනාන්දු 26*, ශානක දුශාන් 2/27, නෙතුම් ශෙශාන් 2/18.

මෙම සියලුම තරග අද (03) දෙවන සහ අවසන් දිනයට ක්‍රියාත්මක වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<