Home Sinhala දකුණු අප්‍රිකාව ලෝක කුසලානයෙන් එළියට විසිවේ!

දකුණු අප්‍රිකාව ලෝක කුසලානයෙන් එළියට විසිවේ!

1109

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය හා දකුණු අප්‍රිකාව අතර තරගය අද (23) ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ අතර ඉන් ලකුණු 49ක ජයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත් විය.

ශාමිගේ කඩුලු ත්‍රිත්වය ඉන්දියාව පරාජයෙන් ගලවා ගනියි!

2019 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව හා ඇෆ්ගනිස්තානය අතර….

ඒ සමඟින් පාකිස්තානය තව දුරටත් ලෝක කුසලානයේ රැඳී සිටීමට සමත් වූ අතර දකුණු අප්‍රිකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ සියලු අවස්ථා මුළුමනින්ම ඇහිරී ගියේය.

කාසියේ වාසිය හිමි කර ගත් පාකිස්තානු නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර එම තීරණයට සාධාරණයක් ඉටු කරමින් පාකිස්තානු පිතිකරුවෝ නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 308ක් වාර්තා කළහ.

මෙහි දී පාකිස්තානු ආරම්භක පිතිකරුවන් යුගලය ඉහළ දල ලකුණු වේගයක් ද පවත්වා ගනිමින් පළමු කඩුල්ලට ලකුණු 81ක් එක් කළ අතර පළමු කඩුල්ල ලෙස ලකුණු 44ක් ලබා සිටි ෆකාර් සමාන්, ඉම්රාන් තාහීර් හමුවේ අනවශ්‍ය පහරක් එල්ල කිරීමට ගොස් දැවී ගියේය.

යළි ක්‍රියාත්මක වූ තාහීර් තමා වෙතම ලැබුණු උඩ පන්දුවක් දක්ෂ ලෙස රැක ගනිමිනි ඉමාම් උල් හක් ද ලකුණු 44කට දවා ගත්තේ පාකිස්තානු ආරම්භක පිතිකරුවන් දෙදෙනාම මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 98ක් වන විට ක්‍රීඩාගාරය වෙත පිටත් කර හරිමිනි.

ඉන්පසු පාකිස්තානු කණ්ඩායමේ ලකුණු ලබා ගැනීමේ වේගය අඩාල වූ අතර මොහොමඩ් හෆීස් ලකුණු 20කට දැවී යාමත් සමඟ දකුණු අප්‍රිකානු කණ්ඩායම යළි තරගයට අවතීර්ණ විය.

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

නමුත් පසුව බාබර් අසාම් හා පිටියේ එක් වූ හරීස් සොහේල් වගකීම් සහගත ලෙස පිතිකරණයේ යෙදෙමින් පාකිස්තානු ලකුණු පුවරුව ඉහළ දැමීමට කටයුතු කළ අතර බාබර් අසාම් පන්දු 80ක දී ලකුණු 69ක් ලබා ගත්තේ ය.

බාබර් අසාම් ෆෙලුක්වායෝගේ පන්දුවක් හමුවේ දැවී යාමෙන් පසු පිටිය පුරා සිය අණසක පතුරුවා ලූ හරීස් සොහේල් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හට අනුකම්පා විරහිත ලෙස පහර දෙමින් ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කිරීමට කටයුතු කළේ පාකිස්තානයට ලකුණු 300 සීමාව පසු කිරීමේ බලාපොරොත්තු ඉහළ නංවමිනි.

ෂොයිබ් මලික් වෙනුවට අද තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලද හරීස් සොහේල් හතරේ පහර 9ක් හා හයේ පහර 3ක් සමඟින් පන්දු 59ක් තුළ දී ලකුණු 89ක් වාර්තා කළ අතර ඔහුගේ ඉනිම හේතුවෙන් පාකිස්තානු කණ්ඩායමට ලකුණු 309ක ඉලක්කයක් සිය ප්‍රතිවාදීන් වෙත ලබා දීමට හැකි විය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ලුන්ගි න්ගිඩි කඩුලු 3ක් දවා ගත් අතර ඉම්රාන් තාහීර් මුල්පෙළ කඩුලු 2ක් දවා ගනිමින් පන්දුවෙන් සිය දායකත්වය ලබා දුන්නේය.

ලොවක් පුදුම කිරීමට ලැබුණු අවස්ථාව බ්‍රැත්වයිට් අතින් ගිලිහෙයි!

තවත් ලෝක කුසලාන තරග අත්දැකීමක් විඳ ගැනීමේ අටියෙන් ඊයේ (22)…..

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට බලාපොරොත්තු වූ ආරම්භය ලබා ගත නොහැකි විය. ඒ තරගාවලිය පුරා ලකුණු අතර සිටීමට අපොහොසත් වූ හෂීම් අම්ලා මෙම තරගයේ දී ද එක් ලකුණකට දවා ගැනීමට මොහොමඩ් අමීර් සමත් වීමත් සමඟිනි.

ඉන්පසු ක්වින්ටන් ඩි කොක් හා නායක ඩු ප්ලෙසි දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 97ක් එක් කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමට යම් ජයග්‍රාහී බලාපොරොත්තුවක් එක් කිරීමට සමත් වුවද ශාදාබ් කාන් විසින් ඩි කොක් ලකුණු 47කටත්, ඒඩ්න් මාක්‍රම් ලකුණු 7කටත් පිටියෙන් ඉවත් කිරීමට සමත් වූයේ යළි තරගය පාකිස්තානු කණ්ඩායම වෙත යොමු කර ගනිමිනි.

දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව ලකුණු 136ක් වන විට නායක ඩු ප්ලෙසි ලකුණු 63කට මොහොමඩ් අමීර් හමුවේ දැවී යාමත් සමඟ ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය අඩාල විය.

ශ්‍රී ලංකාව ආදර්ශයට අරන් ලෝක කුසලානය දිනන්න යන කණ්ඩායමක් ගැන දන්නවා ද?

2019 ලෝක කුසලාන තරගාවලියේ වඩාත්ම කතාබහට ලක්වූ තරගය ලෙස….

කෙසේ නමුත් වෑන් ඩර් ඩසන් හා ඩේවිඩ් මිලර් යළි තරගයට අවතීර්ණ වීමට උත්සහ කළ ද, ඔවුන් දෙදෙනාගේම කඩුලු එක ළඟ බිඳ වැටීම නිසා දකුණු අප්‍රිකාවේ අවසන් බලාපොරොත්තුව ද සුන් වී ගියේය.

ඉන්පසු ෆෙලුක්වායෝ එක් අන්තයක හුදකලා වෙමින් නොදැවී ලකුණු 46ක් වාර්තා කරන විට, අගපෙළ පිතිකරුවන් පාකිස්තානු පන්දු යවන්නන්ගේ ගොදුරු බවට පත් විය.

අවසානයේ පාකිස්තානයට පන්දුවාර 50 නිමා වන විට කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 259ක් පමණි.

පන්දු යැවීමේ දී වාහබ් රියාස් හා ශාඩාබ් කාන් කඩුලු 3 බැගින් ලබා ගත් අතර මොහොමඩ් අමීර් කඩුලු 2ක් ලබා ගත්තේ ය.

පාකිස්තානය වෙනුවෙන් වේගවත් ලකුණු 89ක් රැස් කළ හරීස් සොහේල් තරගයේ වීරයා සම්මානය දිනා ගන්නා ලදි.

මෙම තරගාවලියේ ඇෆ්ගනිස්තානය හා බංග්ලාදේශය අතර තරගය හෙට (24) සදම්පටන් හිදී පැවැත්වීමට නියමිත ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Pakistan
308/7 (50)

South Africa
259/9 (50)

Batsmen R B 4s 6s SR
Imam-ul-Haq c & b Imran Tahir 44 58 6 0 75.86
Fakhar Zaman c Hashim Amla b Imran Tahir 44 50 6 1 88.00
Babar Azam c Lungi Ngidi b Andile Phehlukwayo 69 80 7 0 86.25
Mohammad Hafeez lbw b Aiden Markram 20 33 0 1 60.61
Haris Sohail c Quinton de Kock b Lungi Ngidi 89 59 9 3 150.85
Imad Wasim c JP Duminy b Lungi Ngidi 23 15 3 0 153.33
Wahab Riaz b Lungi Ngidi 4 4 0 0 100.00
Sarfaraz Ahmed not out 2 2 0 0 100.00
Shadab Khan not out 1 1 0 0 100.00


Extras 12 (b 0 , lb 6 , nb 1, w 5, pen 0)
Total 308/7 (50 Overs, RR: 6.16)
Fall of Wickets 1-81 (14.5) Fakhar Zaman, 2-98 (20.3) Imam-ul-Haq, 3-143 (29.6) Mohammad Hafeez, 4-224 (41.2) Babar Azam, 5-295 (47.6) Imad Wasim, 6-304 (49.1) Wahab Riaz, 7-307 (49.5) Haris Sohail,

Bowling O M R W Econ
Kagiso Rabada 10 0 65 0 6.50
Lungi Ngidi 9 0 64 3 7.11
Chris Morris 9 0 61 0 6.78
Andile Phehlukwayo 8 0 49 1 6.12
Imran Tahir 10 0 41 2 4.10
Aiden Markram 4 0 22 1 5.50


Batsmen R B 4s 6s SR
Hashim Amla lbw b Mohammad Amir 2 3 0 0 66.67
Quinton de Kock c Imam-ul-Haq b Shadab Khan 47 60 3 2 78.33
Faf du Plessis c Sarfaraz Ahmed b Mohammad Amir 63 79 5 0 79.75
Aiden Markram b Shadab Khan 7 16 0 0 43.75
Rassie van der Dussen c Mohammad Hafeez b Shadab Khan 36 47 1 1 76.60
David Miller b Shaheen Shah Afridi 31 37 3 0 83.78
Andile Phehlukwayo not out 46 32 6 0 143.75
Chris Morris b Wahab Riaz 16 10 1 1 160.00
Kagiso Rabada b Wahab Riaz 3 7 0 0 42.86
Lungi Ngidi b Wahab Riaz 1 6 0 0 16.67
Imran Tahir not out 1 3 0 0 33.33


Extras 6 (b 0 , lb 1 , nb 0, w 5, pen 0)
Total 259/9 (50 Overs, RR: 5.18)
Fall of Wickets 1-4 (1.1) Hashim Amla, 2-91 (19.2) Quinton de Kock, 3-103 (23.1) Aiden Markram, 4-136 (29.3) Faf du Plessis, 5-189 (39.4) Rassie van der Dussen, 6-192 (40.5) David Miller, 7-222 (44.2) Chris Morris, 8-239 (46.5) Kagiso Rabada, 9-246 (48.2) Lungi Ngidi,

Bowling O M R W Econ
Mohammad Hafeez 2 0 11 0 5.50
Mohammad Amir 10 1 49 2 4.90
Shaheen Shah Afridi 8 0 54 1 6.75
Imad Wasim 10 0 48 0 4.80
Wahab Riaz 10 0 46 3 4.60
Shadab Khan 10 1 50 3 5.00