Dambulla Viiking විදෙස් ක්‍රීඩකයෙක් සංචිතයෙන් ඉවතට

ලංකා ප්‍රිමියර් ලීගය 2020 – Coverage powered by My Cola

6106
SLC and Jaffna Stallions Media Units

Dambulla Viiking සංචිතයේ සිටින විදෙස් ක්‍රීඩක Aftab Alam ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වූ බව Dambulla Viiking කණ්ඩායම අද (2) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි. Aftab Alam එසේ මේ සංචිතයෙන් ඉවත්ව නැවතත් ඇෆ්ගනිස්ථානය බලා පියාසර කරන්නේ පුද්ගලික හේතුවක් නිසාවෙන් බව ද එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙවර LPL තරගාවලිය තුල දී සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් 22ක සංචිතයක් රඳවා ගැනීමට LPL තරගාවලි සංවිධායකයින් අවසර ලබා දී තිබෙන නමුත් Aftab Alamගේ එම ඉවත් වීමත් සමඟම Dambulla Viiking සංචිතය තුල සිටින ක්‍රීඩකයින් ගණන 21 දක්වා අඩු වනු ඇත. කෙසේ නමුත් ඔවුන් ඒ සඳහා වෙනත් ආදේශ ක්‍රීඩකයෙක් ගැනීම පිළිබඳව මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කළ නොමැති නමුත්, බොහෝ විට එම ස්ථානය දේශීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් සඳහා ලබා දීමට වැඩි ඉඩක් තිබේ.

තවත් LPL විස්තර:

වයස අවුරුදු 28ක් වන Aftab Alam Dambulla Viiking සහ Jaffna Stallions අතර පැවති LPL තරගාවලියේ පස්වැනි තරගය ක්‍රීඩා කළ අතර එහි දී දකුණතින් මද වේගපන්දු යවන Alam ඉතාමත් දක්ෂ ලෙස පන්දු යවමින් ඔහු ක්‍රියාත්මක කළ පන්දුවාර 3 තුල ප්‍රතිවාදීන්ට ලකුණු 22ක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ලක් (වනිඳු හසරංගගේ කඩුල්ල) දවා ගන්නා ලදි. කෙසේ නමුත් Dambulla Viiking කණ්ඩායම එම තරගය ලකුණු 66 පත් විය.

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ තරග තුනක් සඳහා මුහුණ දී තිබෙන  Dambulla Viiking එම තරග තුනෙන් තරග දෙකක් ජයග්‍රහණය කරමින් දැනට 2020 LPL ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි ස්ථානයේ පසු වේ. එහි පළමු තැන සිටින්නේ Jaffna Stallions වන අතර ඔවුන් තරග තුනකට සහභාගී වී එම තරග තුනම ජයග්‍රහණය කර තිබේ.

එසේම Dambulla Viiking සහ Kandy Tuskers අතර පැවති තරගයේ දී Dambulla Viiking ආරම්භක පිතිකරු ඕෂද ප්‍රනාන්දු ආබාධයකට ලක්වූ අතර පසුව සිදු කළ MRI පරීක්ෂණයකින් තහවුරු වූයේ ඔහුට අවම වශයෙන් සතියක පමණ කාලයක් තරගාවලියෙන් ඉවත්ව සිටීමට සිදු වන බව වාර්තා වූ නිසා කඩුලු රකින පිතිකරු සදීර සමරවික්‍රම Dambulla Viiking සංචිතය සඳහා ඇතුළත් විය.

Dambulla Viiking සංචිතය:

දේශීය ක්‍රීඩකයින් (16) – Dasun Shanaka (නායක), Niroshan Dickwella, Lahiru Kumara, Oshada Fernando, Kasun Rajitha, Lahiru Madushanka, Upul Tharanga, Angelo Perera, Ramesh Mendis, Pulina Tharanga, Ashen Bandara, Dilshan Madushanka, Kavindu Nadeeshan, Sachindu Colombage, Malinda Pushpakumara, Sadeera Samarawickrama

විදෙස් ක්‍රීඩකයින් (5) – Samit Patel, Paul Stirling, Anwar Ali, Samiullah Shinwari, Sudeep Tyagi

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු My Cola අනුග්‍රාහකත්වය යටතේ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<