බංග්ලාදේශය අවසන් මොහොතේ සිම්බාබ්වේ මවිත කරයි

78

බංග්ලාදේශය, සිම්බාබ්වේ සහ ඇෆ්ගනිස්තානය යන රටවල් තුන අතර පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඊයේ (13) බංග්ලාදේශයේ ඩකා හිදී පැවැත්වුණු අතර එම තරගයෙන් කඩුලු 3ක තියුණු ජයක් හිමිකර ගැනීමට බංග්ලාදේශය සමත් විය.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් විත්ති කූඩුවට ගෙනා නේතන් බ්‍රැකන්

“ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් පසු ඔබ එතරම් පොරක් ලෙස සැලකෙන්නේ නැහැ.”මෙසේ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවෙන්….

සවස් කාලයේ පටන් ඇදහැළුණු වර්ෂාව නිසා සවස 6ට ආරම්භ වීමට තිබූ තරගය ආරම්භ වූයේ රාත්‍රි 7ටයි. ඒ නිසාවෙන් එක් ඉනිමක් පන්දුවාර 18කට සීමා කිරීමට තරග විනිසුරුවරුන් තීරණය කළේය.

කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම වෙත ලබා දුන්නේය.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවීමට බ්‍රෙන්ඩන් ටේලර් හා නව නායක හැමිල්ටන් මසකඩ්සා අසමත් වූයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 6ක් ලබා සිටි ටේලර්ගේ දැවී යාමත් සමඟිනි.

ඉන්පසු පිටියේ එක්වූ වමත් – දකුණත් පිතිකරුවන් සුසංයෝගය වූ ක්‍රෙයිග් එර්වින් හා මසකඩ්සා දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 44ක සබඳතාවයක් ගොඩනංවන ලදි. 

නායකත්වයේ ඉනිමක් දියත් කරමින් සිම්බාබ්වේ කණ්ඩායමේ මුල්පෙළ සවිමත් කළ මසකඩ්සා 4 පහර 5ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 34ක් වාර්තා කළේ පන්දු 26ක් වැනි අඩු පන්දු ප්‍රමාණයක් තුලයි.

කෙසේ නමුත් ලකුණු 12ක් වැනි අවම මට්ටමේ ලකුණු ප්‍රමාණයක් තුල ඔවුන්ගේ ප්‍රබල කඩුලු 4ක් බිඳ වැටීම නිසා පළමු පන්දුවාර කිහිපය තුල රඳවා ගත් දල ලකුණු ලබා ගැනීමේ වේගය එලෙසම පවත්වා ගැනීමට ඔවුන් අසමත් විය.

යොවුන් ක්‍රීඩකයෙකුට ඉන්දියානු ටෙස්ට් කණ්ඩායමෙන් කැඳවුම්

ඉන්දියානු යොවුන් ක්‍රීඩක ශුබ්මන් ගිල් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් යුතු ටෙස්ට් තරගාවලියට සහභාගී….

රයන් බර්ල් සිය මංගල විස්සයි විස්ස අර්ධ ශතකය වාර්තා කරමින් නොදැවී දියත් කළ දක්ෂ පිතිකරණය නිසා සිම්බාබ්වේ කණ්ඩායමට තරමක් දුරට නැවතත් සිය සුපුරුදු රිද්මයට පැමිණීමට හැකි විය.

ඔහුට අගනා සහායක් ලබා දුන් ටිනොටෙන්ඩා මුටෝබ්ට්සි ලකුණු 27යි. පන්දුවාර 9කුත් පන්දු 3ක් අවසානයේ පිටියේ එක්වූ බර්ල් – මුටෝබ්ට්සි යන දෙදෙනා පන්දු 51ක් තුල 6 වැනි කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 81*ක සබඳතාවයක් ගොඩනංවන ලදි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් සිම්බාබ්වේ ලකුණු සටහනට ජීවයක් එක් කළ බර්ල් 4 පහර 5ක් හා 6 පහර 4ක් සමඟින් ලකුණු 57*ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේ දී මොස්දෙක් හුසේන්, ටයිජුල් ඉස්ලාම්, මොහොමඩ් ශයිෆුඩීන් හා මුස්ටෆිසුර් රහමාන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

පන්දුවාර 18ක් තුල ලකුණු 145ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සෞම්‍ය සර්කාර්, මුෂ්ෆිකර් රහීම් ඇතුළු  බංග්ලාදේශ මුල් පිතිකරුවන් සය දෙනා ලකුණු 60ක් වන විට ක්‍රීඩාගාරයට හරවා යැවීමට සිම්බාබ්වේ පන්දු යවන්නෝ සමත් වූහ.

බංග්ලාදේශ ඉනිමේ පන්දුවාර 9කුත් පන්දු 3ක් අවසන් වන විට සිම්බාබ්වේ කණ්ඩායමට තරගයේ වැඩි වාසිය හිමි තිබූ නමුත් කිසිවෙක් නොසිතූ ලෙස ක්‍රියාත්මක වූ අෆීෆ් හුසේන් සහ මොස්දෙක් හුසේන් 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 82ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන එන ලදි. ඒ සඳහා ඔවුන් දෙදෙනා හට වැය වූයේ පන්දු 47ක් පමණි.

ස්කොට්ලන්තයේ පුදුම හිතෙන ලෝක කුසලාන සංචිතය

2020 දී ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත ලෝක විස්සයි විස්ස තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ…

නෙවිල් මැඩ්සිවා ක්‍රියාත්මක කළ අවසන් පන්දුවාරයේ දී බංග්ලාදේශ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 5ක් ලබා ගැනීමට නියමිතව තිබූ නමුත්, 4 පහර 8ක් හා දැවැන්ත 6 පහරක් එල්ල කරමින් සිය මංගල විස්සයි විස්ස අර්ධ ශතකය ලබාගත් අෆීෆ් අවසන් පන්දුවාරයේ දෙවන පන්දුවේ දී ලකුණු 52කට දැවී ගියේය. 

ඒ සමඟ තරගයේ අවසන් ප්‍රතිඵලය පිළිබඳව චකිතයක් ඇති වූ නමුත් පන්දු යැවීමෙන් ද එක් කඩුල්ලක් දවා ගත් ශයිෆුඩීන් තමන් මුහුණ දුන් පන්දු දෙක තුල ලකුණු 6*ක් වාර්තා කරමින් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 3ක තියුණු ජයක් වෙත රැගෙන ගියේය. 

අනෙක් අන්තයෙන් නොදැවී ක්‍රීඩා කරමින් බංග්ලාදේශ පසුපෙළට අගනා සහායක් දුන් මොස්දෙක් ලකුණු 30*ක් වාර්තා කළේ පන්දු 24ක් තුලයි. 

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී නෙවිල් මැඩ්සිවා, කයිල් ජාර්විස් හා ටෙන්ඩායි චටාරා අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය. 

  • තරගයේ වීරයා – අෆීෆ් හුසේන් (බංග්ලාදේශය)

සිම්බාබ්වේ – 144/5 (18): රයන් බර්ල් 57*, හැමිල්ටන් මසකඩ්සා 34, ටිනොටෙන්ඩා මුටෝබ්ට්සි 27*, මොස්දෙක් හුසේන් 1/10.

බංග්ලාදේශය  – 148/7 (17.4): අෆීෆ් හුසේන් 52, මොස්දෙක් හුසේන් 30*, නෙවිල් මැඩ්සිවා 2/25.

ජූලි මස 18 වැනිදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට තාවකාලික තරග තහනමක් පැනවූ නිසාවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන ලෝක කුසලාන තරගාවලි හා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලි ආදිය සඳහා සහභාගී වීම සඳහා ඔවුන්ට කිසිදු අවසරයක් නොමැත. 

කෙසේ නමුත් සිම්බාබ්වේ කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජික කණ්ඩායම් දෙකක් හෝ තුනක් (bilateral or tri-lateral) අතර පැවැත්වෙන තරගාවලි සඳහා ක්‍රීඩා කිරීමේ හැකියාව දැනට තිබේ.

මෙම තරගාවලියේ දෙවන තරගය අද (14) සිම්බාබ්වේ කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර ඩකා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<