සාන්ත තෝමස් ඉදිරිපෙළින් විද්‍යා විද්‍යාලයට තරවටුවක්!

277

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ 08 වන සතියේ තවත් තරගයක් ලෙස ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා ගල්කිස්ස විද්‍යා විද්‍යාලය අද (17) දිනයේදී සාන්ත තෝමස් විද්‍යාල ක්‍රීඩාංගණයේදී තරග වැදිනි. තරගය මුළුල්ලේම විද්‍යා ක්‍රීඩකයින් මතට පීඩනය එල්ල කරමින් ලකුණු 37 – 09ක් ලෙස පහසුවෙන් තරගය ජය ගැනීමට සාන්ත තෝමස් ක්‍රීඩකයින් සමත් විය.

ඉසිපතනයේ වේගය මැඩලමින් සාන්ත පීතරයින් ඉදිරියට

පසුගිය සතියේ ලද පරාජයත් සමඟ වෙනස්කම් රැසක් සමඟින් ……

තරගයේ ආරම්භයේ පටන් කණ්ඩායම් දෙකම මදක් මන්දගාමී බවක් පෙන්වූ අතර කණ්ඩායම් දෙකම ඉතා වෙහෙසකින් යුතුව තරගයට අවතීර්ණ වන බවක් දක්නට ලැබුනි.

තරගය ආරම්භ වී 02 වැනි මිනිත්තුවේදී ගල්කිස්ස විද්‍යා විද්‍යාලය ලකුණු රැස් කිරීම ආරම්භ කළ අතර ලැබුනු දඬුවම් පහරින් අලංකාර ලෙස ලකුණු 3ක් රැස් කිරීමට විද්‍යා විදුහලේ කවිඳු කුරේ සමත් විය. (සාන්ත තෝමස් 00 – 03 විද්‍යා විද්‍යාලය)

නැවතත් තරගයේ 08 වැනි මිනිත්තුවේදී සාන්ත තෝමස් ක්‍රීඩකයෙකුගේ අතින් සිදුවූ අතපසු වීමකදී විද්‍යා විද්‍යාලය වෙත තවත් දඬුවම් පහරක් හිමි විය. එයත් මනා ලෙස සාර්ථක කරගනිමින් තවත් ලකුණු තුනක් රැස්කර ගැනීමට විද්‍යා විද්‍යාලයේ කවිඳු කුරේ සමත් විය. (සාන්ත තෝමස් 00 – 06 විද්‍යා විද්‍යාලය)

තරගයේ පීඩනය මනා ලෙස විද්‍යා විද්‍යාලය විසින් සාන්ත තෝමස් විද්‍යාලය වෙත එල්ල කරමින් ක්‍රීඩා කළ අතර තරගයේ 11 වැනි මිනිත්තුවේදී විද්‍යා විද්‍යාලයේ ක්‍රීඩකයෙකුගේ අතින් සිදුවූ අත්වැරදීමකට සාන්ත තෝමස් විදුහල වෙත දඬුවම් පහරක් ලබාදීමට විනිසුරුවරයා තීරණය කළේය. එය සාර්ථක කරගනිමින් සකිත් පෙරේරා සාන්ත තෝමස් ලකුණු පුවරුව ආරම්භ කළේය. (සාන්ත තෝමස් 03 – 06 විද්‍යා විද්‍යාලය)

නැවතත් තරගයේ 17 වැනි මිනිත්තුවේදී විද්‍යා විද්‍යාල ක්‍රීඩකයින්ගේ අතින් සිදුවූ අතපසුවීමකට නැවතත් සාන්ත තෝමස් විද්‍යාලයට දඬුවම් පහරක් හිමිවූ අතර එයද සාර්ථක කරගනිමින් ලකුණු තත්ත්වය සමකර ගැනීමට සකිත් පෙරේරා සමත්විය. (සාන්ත තෝමස් 06 – 06 විද්‍යා විද්‍යාලය)

තරගයේ 24 වැනි මිනිත්තුවේදී අනාරක්ෂිත ලෙස ක්‍රීඩා කිරීම හේතුවෙන් විද්‍යා විද්‍යාල ක්‍රීඩක ඉමේෂ් පිටියගේ හට විනිසුරුවරයා කහ කාඩ්පතක් නිකුත් කළේය.

ත්‍රිත්ව උත්සාහයේ කඳුළු මතින් රාජකීයයෝ බ්‍රැඩ්බි පලිහ දිනති

75 වැනි බ්‍රැඩ්බි පලිහ තරගාවලියේ දෙවන අදියර අද (15) කොළඹ …..

ප්‍රථම අර්ධය අවසන් වීමට මද වෙලාවකට පෙර සාන්ත තෝමස් ක්‍රීඩක හරිත් සේනානායක වටිනා උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට සකිත් පෙරේරාට හැකි විය. (සාන්ත තෝමස් 13 – 06 විද්‍යා විද්‍යාලය)

ප්‍රථම අර්ධය – සාන්ත තෝමස් විද්‍යාලය 13 – 06 විද්‍යා විද්‍යාලය  

දෙවන අර්ධය ආරම්භ වී තරගයේ 40 වැනි මිනිත්තුවේදී විද්‍යා විද්‍යාල ක්‍රීඩකයින්ට තවත් දඬුවම් පහරක් හිමිවූ අතර එය සාර්ථක කර ගනිමින් ලකුණු පුවරුව තවත් ලකුණු තුනකින් ඉහළ දැමීමට කවිඳු කුරේ සමත් විය. (සාන්ත තෝමස් 13 – 09 විද්‍යා විද්‍යාලය)

දෙවන අර්ධය ආරම්භ වූ මොහොතේ පටන් සාන්ත තෝමස් විද්‍යාලය තමන්ගේ සුපුරුදු ක්‍රීඩා විලාශයට අවතීර්ණ වන ආකාරයක් දක්නට ලැබුනි. තරගය මදක් වේගවත් වන බවක්ද පෙනුනි. එවිටම තරගයේ 42 වැනි මිනිත්තුවේදී විද්‍යා විද්‍යාල ආරක්ෂාව බිඳ හෙළමින් ඔවුන්ගේ ධවල රේඛාව පසුකර යන්නට සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩක ලශේන්ද්‍ර ද සිල්වා සමත් විය. නමුත් එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (සාන්ත තෝමස් 18 – 06 විද්‍යා විද්‍යාලය)

අලංකාර ලෙස පන්දුව අතින් අත යවමින් පසුපෙළ භාවිත කරමින් ඉදිරියට ඇදුනු සාන්ත තෝමස් විද්‍යාල ක්‍රීඩකයින් අවසානයේදී තමන්ගේ No 08 ක්‍රීඩක රෙවංක අබේවර්ධනගේ ශක්තිය භාවිතා කරමින් තරගයේ 52 වැනි මිනිත්තුවේදී වටිනා උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට සකිත් පෙරේරා සමත් විය. (සාන්ත තෝමස් 25 – 09 විද්‍යා විද්‍යාලය)

නැවතත් ක්‍රියාත්මක වූ සාන්ත තෝමස් ක්‍රීඩකයින් මනා ලෙස පිටිය ආක්‍රමණය කරමින් ඉදිරියට ඇදුන අතර තරගයේ 61 වැනි මිනිත්තුවේදී සාන්ත තෝමස් ක්‍රීඩක ආකිබ් කාදර් විද්‍යා විද්‍යාලයේ ආරක්ෂණය විනිවිද යමින් තරගයේ සිව්වැනි උත්සාහක දිනුම වාර්තා කළේය. එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට සකිත් පෙරේරාට හැකි විය. (සාන්ත තෝමස් 32 – 09 විද්‍යා විද්‍යාලය)

වෙස්ලි ක්‍රීඩකයෝ අපරාජිතයින්ගේ ඔටුනු ගලවයි

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ සුපිරිම පෙරළිය සිදු….

තරගයේ 69 වැනි මිනිත්තුවේදී සාන්ත තෝමස් ක්‍රීඩක ඔවින් හෙට්ටිආරච්චි හට කහ කාඩ්පතක් නිකුත් කිරීමට විනිසුරුවරයා තීරණය කරනු ලැබුවේ අපරීක්ෂාකාරී ලෙස ක්‍රීඩා කිරීම හේතුවෙනි.  

එනමුත් තරගයේ අවසන් විනාඩියේදී සාන්ත තෝමස් ක්‍රීඩක රෙවාන් තිසේරා තරගයේ පස්වැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත්වූ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (සාන්ත තෝමස් 37 – 09 විද්‍යා විද්‍යාලය)

අවසන් ලකුණු තත්වය – සාන්ත තෝමස් විද්‍යාලය 37 (5T, 3C, 2P)  – 09 (3P) විද්‍යා විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – සකිත් පෙරේරා (සාන්ත තෝමස් විද්‍යාලය)

ලකුණු රැස් කළ ක්‍රීඩකයින් :

සාන්ත තෝමස් විද්‍යාලයසකිත් පෙරේරා (3C, 2P), හරිත් සේනානායක (1T), ලශේන්ද්‍ර ද සිල්වා (1T), රෙවංක අබේවර්ධන (1T), ආකිබ් කාදර් (1T), රෙවාන් තිසේරා (1T )


විද්‍යා විද්‍යාලය
කවිඳු කුරේ (3P)

 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<