ICC 20යි 20ට පෙර ආසියානු තරගාවලියේ පෙරහුරුව

530
ICC 20 යි 20 ට පෙර ආසියානු තරගාවලියට පෙරහුරුව

අද දින (24),  ක්‍රිකට් උන්මාදයෙන් පෙලෙන දකුණු ආසියාතික රටවල් හතරක් ඇතුලු ආසියානු රටවල් පහක්, ආසියාවේ විශිෂ්ඨතම ක්‍රිකට්  කිරැළක් සදහා බංගලාදේශයේදි තරඟ වැදීමට නියමිතව ඇත.

මසකටත් අඩු කාලයක් තුළ ඉන්දියාවේදි පැවැත්වමට නියමිත ICC ලෝක කුසලාන 20 යි 20 තරගාවලියට සූදානම් වීමේදී, මෙම 20 යි 20 තරගාවලියෙන් ලබනා අත්දැකීම් කණ්ඩායම් සියල්ලටම අතිශය වැදගත් වනු නොඅනුමානයි.

තරඟාවලියේ ඉතිහාසය

මෙම ආසියා කුසලාන තරඟාවලිය 1983 වර්ෂයේදි ආසියා ක්‍රිකට් කවුන්සලය විසින් නිර්මාණය කරන ලද්දකි. එහි මූලික අරමුණක් වූයේ, එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ ජනප්‍රිය වෙමින් පැවති වකවානුවක දී ආසියාතික ක්‍රිකට් ජාතීන්ගේ එකමුතුකම වැඩි දියුණු කිරීමයි.

වසර දෙකකට වරක් පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරඟාවලියේ පළමු තරඟය 1984 වර්ෂයේ සාජා හිදී පැවැත්විණි. පසුගිය තරඟ 12ක් පුරාවට, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව පස් වරක් සහ පාකිස්ථානය දෙවරක් ද කුසලානයට හිමි කම් කීමට සමත් වුණි. මෙවර පැවැත්වෙන තරඟය,  20 යි 20 තරඟාවලියේ ආකෘතියට අනුව පැවැත්වෙන පළමු ආසියා කුසලාන තරඟයයි.

2016 තර ආකෘතිය

ටෙස්ට් වරම් නොලද  ආසියාතික රටවල් අතරින් කණ්ඩායමක් තෝරා ගැනීම සදහා ඇෆ්ගනිස්ථානය, ඕමානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ හොංග්-කොංග් යන රටවල් තරඟ වැදුන අතර එයින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය තරඟයට ඇතුල් වීමට වරම් හිමි කර ගන්නා ලදි. ඔවුන් සත්කාරක බංගලාදේශය, ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ පකිස්ථානය සමඟ එක්ව ප්‍රධාන තරඟාවලියට තරඟ වැදෙනු ඇත.

සෑම කණ්ඩායමක්ම එකිනෙකාට ප්‍රතිවිරුද්ධව ක්‍රීඩා කරන Round Robin තරඟ වටයකින් යුත් තරගාවලියේ ආකෘතිය සමඟ කණ්ඩායම් හතර දින දහයක් තුළ තරඟ හතරකට මුහුණ දෙනු ඇත. දින දහය අවසානයේ තොරා ගැනෙනා හොදම කණ්ඩායම් දෙක මාර්තු මස 6 වැනිදා මර්පූර් හි පැවැත්වීමට නියමිත අවසාන මහා තරඟයේදී තරඟ වැදෙනු ඇත.

දේශගුණය සහ පිටියේ ස්වභාවය

තරඟ 11ම බංගලාදේශයේ Shr-E-Bangla ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.  මෑතකදී පැවැත්වුණු ICC 19 න් පහළ ලෝක කුසලාන තරඟාවලිය ද එහිදී පැවැත්විණි. තරඟ සමය නිමාවට ආසන්න වන විට ලකුණු රැස් කිරීමේ අඩු බවක් සහ පළුදු වූ මතුපිටක් මත දඟ පන්දු යැවීමට සිදු වීම ආදි සිදුවීම් බලාපොරොත්තු විය හැක. සෑම තරඟයක්ම බංගලාදේශ වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතය. වැසිබර ස්වභාවයක් පෙන්නුම් නොකළද, තණ තිල්ලේ පැවතිය හැකි පින්න තරඟ කෙරෙහි බලපාන විශාල සාධකයක් වනු ඇත.

පසුබෑමට ලක්ව සිටින ශ්‍රී ලංකාව

ආසියා කුසලානයක් ජයග්‍ර‍නය කළ අප කණ්ඩායම මෙවර තරඟයට ඇතුල් වන්නේ පෙර තරම් විශ්වාසයක් නොමැතිවය. මෙයට වසර දෙකකට පෙර 20 යි 20 ජයග්‍රාහකයින් ලෙස කිරුළු පැළදීමෙන් පසුව ශ්‍රී ලංකා පෙළෙහි දක්ෂතා සහ තරඟකාරීත්වය කෙමෙන් ගිලිහී යන්නට වුයේ, විශිෂ්ට ක්‍රීඩකයින් කණ්ඩායමෙන් විශ්‍රාම ගැනීම, පන්දු යැවීමේ ඉරියව් වෙනස් කිරීමට සිදු වීම සහ තහනම් උත්තේජක මත තරඟ අත්හිටුවීම් ආදිය නිසාවෙනි. ලෝක කුසලානය දිනා ගැන්මෙන් පසු ගතවුණු මාස 24 පුරාවට ශ්‍රී ලංකාව තමන් ක්‍රීඩා කළ 20 යි 20 තරඟ 10 න් හතක්ම පරාජයට පත් විණි. 2016 වසරේ දී ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් ලැබීමට හැකි වුයේ එක් තරඟයකින් පමණි.

මෑතකදී සිට ශ්‍රී ලංකවේ පිතිකරුවන්ගේ අනුපිළිවෙලෙහි පවා එතරම් සාර්ථකත්වයක් දක්නට නොලැබුනු අතර දඟ පන්දු යවන්නන් අඩු කඩුළු සංඛ්‍යාවක් දවා ගැනීමක යෙදෙන්නේ ලකුණු ලබා ගැනීම පවා සීමා නොකරමිනි. රංගන හේරත්ගේ ආගමනය දඟ පන්දු යැවීම ශක්තිමත් කරනු ඇති අතර සචිත්‍ර සේනානායක සහ ජෙෆ්රි වැන්ඩසේ සිය දක්ශතාවයන් තවත් ඉහළ නංවා ගැනීමට කටයුතු කිරීම අත්‍යාවශය ය.

ආබාධයක් හේතුවෙන් දීර්ඝ කාලයක් කණ්ඩායමෙන් ඉවත්ව සිට  නැවතත් කණ්ඩායම සමඟ එක් වූ ලසිත් මාලිංගට, අපූරු ක්‍රීඩකයෙක් වන දුෂ්මන්ත චමීර සහ අත්දැකීම් වලින් පරිපූර්ණ ක්‍රීඩකයෙක් වන නුවන් කුලසේකර සමග එක්ව, පන්දු යැවීමේ වගකීම කරට ගැනීමට සිදු වනු ඇත. ටී.ඒම්. දිල්ශාන් සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ කාර්යභාර්යය ලෙස අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී කණ්ඩායම වෙනුවෙන් ළකුණු රැස් කර දීම දැක්විය හැක.

අනපේක්ෂිත ප්‍රතිඵල ගෙන ආ හැකි තුන් ඉරියවු ක්‍රීඩකයින් වන මිලින්ද සිරිවර්ධන, තිසර පෙරේරා සහ දසුන් ශානක වෙතට ශ්‍රී ලංකා පිලෙහි ජයග්‍රහණය පිළිබදව විශාල වගකීමක් පැවරී ඇති සේම දිනේෂ් චන්දිමාල් හෝ චාමර කපුගෙදර, නවක ක්‍රීඩකයින් වන නිරෝෂන් දික්වැල්ල සහ ශෙහාන් ජයසූරිය සමඟ වඩාත් වගකීමෙන් යුතුව පිතිහරඹයේ යෙදෙමින් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කිරීමට උර දිය යුතුය.

සංචිතය – ලසිත් මාලිංග (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), දිනේෂ් චන්දිමාල්, ටී.ඒම්. දිල්ෂාන්, රංගන හේරත්, නුවණ් කුලසේකර, සචිත්‍ර සේනානායක, තිසර පෙරේරා, චාමර කපුගෙදර, මිලින්ද සිරිවර්ධන, ශෙහාන් ජයසූරිය, දසුන් ශානක, දුෂ්මන්ත චමීර, ජෙෆ්රි වැඩ්ඩසේ, නිරෝශන් දික්වැල්ල

ලාපොරොත්තු තැබිය හැකි ඉන්දියාව

සාමාන්‍යයෙන් ආසියා කුසලානයේදි ඉන්දියාවට, ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අභියෝගයක් වුවත් වත්මන් තත්ත්වයන්ට අනුව, මාර්තු 6 වැනිදා කුසලානයට හිමිකම් කීමට වැඩි ඉඩ ප්‍රස්ථාවක් පවතින්නේ මහේන්ද්‍ර සිං දෝණීගේ නායකත්වයෙන් යුත් ඉන්දියාවට බව පැහැදිලිය. ඔස්ට්‍රේලියාවෙදි පැවති 20 යි 20 තරඟයෙන් ඔස්ට්‍රේලියාව පරදා ලබා ගත් ජයත්, ඉන්දිවෙදි පැවති තරඟයෙන් ශ්‍රී ලංකාව පරදා ලබා ගත් ජයත් සමග සිය හුරුපුරුදු තණ පිටි මත පවතින තරඟයන්ගෙන් විශ්වසනීය ජයක් ලබා ගැනීම කෙරෙහි මේ වනවිටත් ඉන්දියාව බලාපොරොත්තු තබා ඇති බව නම් නොඅනුමානය.

රෝහිත් ශර්මා, විරාත් කෝලි සහ ශිකර් දාවන්ගේ විශිෂ්ට පිති හරඹය, නොවෙනස් දක්ෂතාවයන් පෙන්නුම් කරනා සුරේෂ් රයිනා සහ අජින්ක්‍යා රාන්ගේ විශිෂ්ටත්වයත් සමඟ එක්ව සුපිරි තරඟයක් ලබා දෙන්නට සමත් වනු ඇත. එසේම අවසන් ඉණිම් වලදී පවා බලාපොරොත්තු තබා ගත හැකි දක්ෂතාවයන් දෝණි සහ තරුණ ක්‍රීඩක හාඩික් පාණ්ඩ්‍ය විසින් දක්වයි. දඟ පන්දු යවන ක්‍රීඩක යුවළ වන ආර්. අශ්වින් සහ රවීන්ද්‍ර ජඩේජා සෑම කණ්ඩායකටම භයානක අභියෝගයක් වී ඇති අතර යුවරාජ් සිං, අශිෂ් නෙහෙරා සහ හර්බජන් සිං ද ජයග්‍රහණය පිළිබද බලාපොරොත්තු ශක්තිමත් කරනු ඇත.

සංචිතය – මහේන්ද්‍ර‍සිං දෝණි (නායක), විරාට් කෝලි (උප නායක), යුවරාජ් සිං, රෝහිත් ශර්මා, සුරේෂ් රයිනා, ශිකර් දවාන්, අජින්ක්‍යා රානේ, පාර්තිව් පටෙල්, හාඩික් පාණ්ඩ්‍ය, ආර්. අශ්වින්, රවී ජඩේජා, පවන් නෙගී, හර්බජන් සිං, අශිෂ් නෙහෙරා, බුවෙන්ශ්වර් කුමාර්, ජස්ප්‍රිට් බුම්රා

තරඟාවලිය උඩු යටිකුරු කළ හැකි පකිස්තානු කණ්ඩායම 

එක් මිනිත්තුවකින් කඩා වැටීමට මෙන්ම සිට නොසිතූ විරූ ජයග‍්‍රහණයක් කරා ළංවිය හැකි, තරඟයක් උඩි යටිකුරු කළ හැකි කණ්ඩායමක් ලෙස පකීස්තානු කණ්ඩායම නම් දරා ඇත. පෙබරවාරී මස 27 වන දින පැවැත්වෙන පකිස්ථානය සහ ඉන්දියාව අතර තරඟය දැඩි අවධානයට ලක්වෙන ඉතා තීරණාත්මක තරඟයක් වන බව නොඅනුමානය.

පෙර පැවති කණ්ඩායම් හා සැසඳීමේ දී, වත්මන් පාකිස්තානු කි‍්‍රකට් සංචිතය නවක මුහුණු රැසකින් සමන්විත, තම දක්ෂතාවයන් පෙන්නුම් කළ යුතු, අත්දැකීම් අඩු කණ්ඩායමකි. එ නමුත් ඔවුන්ගේ සංචිතයට, නායක  ෂහීඞ් අෆ්රිඩි, ෂොයිබ් මලීක් සහ මොහොමඞ් හෆීස් වැනි අත්දැකීම් බහුල කී‍්‍රඩකයන් ද ඇතුළත්ව සිටී. වමතින් වේග පන්දු යවන කී‍්‍රඩකයින් ති‍්‍රත්වයක් වන මොහොමඩ් අමීර්, වහාබ් රියාස් සහ මොහොමඞ් ඉර්ෆාන් වැනි පරිනත කී‍්‍රඩකයින් ද මෙම තරඟාවලියේ පකිස්තානූ කණ්ඩායමේ ජයග‍්‍රහණයට  තදින්ම දායකත්වය දක්වන වන කී‍්‍රඩකයන් වන අතර ඔවුන් තම සුපුරුදු දක්ෂතා අතරට පැමිණීම ඒ සඳහා අනිවාර්ය වනු ඇත. නවසීලන්තය සහ  එංගලන්තය අතින් පකිස්තානූ කණ්ඩායම මෑතකදී පරාජයට පත් වූ නමුත්, මෙම තීරණාත්මක ආසියානූ කුසලාන 20 -20 තරඟාවලියේ දී ඔවුන් සුවිශේෂ කණ්ඩායමක් ලෙස තම දස්කම් දක්වනු ඇති බව නොඅනුමානය.

සංචිතය – ෂහීඞ් අෆ්රිඩි (නායක), මොහොමඞ් හෆීස්, ෂොයිබ් මලික්, අන්වර් අලි, මොහොමඞ් අමීර්, වහාබ් රියාස්, ඉමාඞ් වසීම්, කුරම් මන්සූර්, බබර් අසාම්, මොහොමඞ් ඉර්ෆාන්, මොහොමඞ් නවාස්, රුමාන් රාඑස්,සර්ෆ‍්‍රාස් අහමඞ්, උමර් අක්මල්, ඉෆ්තිකාර් අහමඞ්

සත්කාරකත්වයේ ඉහළම බලාපොරොත්තුව බංගලාදේශය 

බංගලාදේශ කණ්ඩායමට මෙම තරඟාවලියේ වැඩි වාසියක් අත්වන්නේ ඔවුන් මෙම තරඟාවලියේ සත්කාරකත්වය දරන කණඩායම ලෙසින් ඔවුන්ට වඩාත් හුරු පුරුදු කී‍්‍රඩාංගන, තණතිලු, සහ දේශගුණය ආදී සියල්ලක්ම පිළිබඳ මනා අවබෝධයකින් පසුවන එකම කණ්ඩායම ඔවුන් වන හෙයිනි. නමුත් හුදෙක්ම එම වාසිදායක තත්ත්වයෙන් පමණක් ආසියනු කුසලාන තරඟාවලියේ අවසන් තරඟය ට පැමිණීමට නොහැකි හෙයින් , පකිස්තානය, ඉන්දියාව, ශී‍්‍ර ලංකාව වැනි ප‍්‍රබල කණ්ඩායම් හා උරෙනුර ගැටෙමින් ඔවුන්ට ඉතා හොඳ තරඟයක් දීමට සිදුවනු ඇත.

පසුගිය මාස 18 මුළුල්ලේම තම මව්බිමේ පැවති එක්දින තරඟවල දී වඩා වැඩි දක්ෂකම් දැක් වූ අත්දැකීම් බහුල කී‍්‍රඩකයින් වන, ෂකීබ් අල් හසන්, මුෂ්ෆිකර් රහීම් සහ කණ්ඩායමේ නායක මෂ්රෆී මොර්ටාසා වැනි කී‍්‍රඩකයින් කණ්ඩායමට වැඩි ශක්තියක් දක්වනු ඇත. නමුත් 2016 ආසියානු 20-20 තරඟාවලිය තුළ අනෙක් කණ්ඩායම් වලට අභියෝගයක් වීමට නම්, මුස්ටෆිසූර් රෙහ්මාන්, සෞම්‍ය සකාර්, නසීර් හොසේන්, සහ සබීර් රෙහමාන් වැනි තරුණ කී‍්‍රඩකයින් තම වගකීම් නිසි ලෙස හඳුනාගෙන, උපරිම දක්ෂතා අතරට පැමිණිය යුතුය.

සංචිතය – මෂ්රෆි මුර්ටාසා (නායක), ෂකීබ් අල් හසන්, ඉම්රුල් කයේස්, මොහොමඞ් මිතුන්, මහමුදුල්ලා, මුෂ්ෆිකර් රහීම්, සෞම්‍ය සකාර්, නසීර් හොසේන්, මුස්ටෆිසූර් රහමන්, අල් අමීන් හොසේන්, ටස්කින් අහමඞ්,අර්ෆත් සනී, අබු හිඩර්, නුරුල් හසන්

තරඟාවලියේ අනපේක්ෂිතයන් එක්සත් අරාබී එමීර් රාජ්‍යය 

සුදුසුකම් ලැබීමේ වටයේ දී තමන්ට වඩා ඉහළ දක්ෂතා දක්වන කි‍්‍රකට් කණ්ඩායමක් වන ඇෆ්ගනිස්තාන් කණ්ඩායම පරදා ආසියානු කුසලානයට එක්වීමට වරම් ලබාගත් එක්සත් අරාබී එමීර් කණ්ඩායම තරඟාවලියේ අනපේක්ෂිතයන් සේ තරඟ බිමට පිවිසේ. ටෙස්ට් වරම් නොලද ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩා කරන රටවල් අතරින් වඩාත් ඉහළ මට්ටමක සිටින විශිෂ්ට කි‍්‍රකට් කණ්ඩායමක් බව ඔවුන් තමන්ගේ වත්මන් තරඟ රටාවන් සහ ජහග‍්‍රහණයන් තුළින් මනාව ඔප්පු කර තිබේ.

කණ්ඩායම් නායක අම්ජාඞ් ජාවෙඞ් මෙන්ම, මේ වනවිට ඉහළම දක්ෂතා අතරට පැමිණ සිටින කී‍්‍රඩක මොහොමඞ් ෂේසාද් සහ මොහොමඞ් නවීඞ් කෙරෙහි ද කණ්ඩායමේ වැඩි බලාපොරොත්තු තබා තිබේ. සුදුසුකම් ලැබීමේ තරඟ ත්‍රිත්වය තුළ දී මොහොමඞ් ෂේසාද් ලකුණු 111 ක් රැස් කළ අතර, එමෙන්ම මොහොමඞ් නවීඞ් ලබාගත් කඩුළු 7 ද සමඟින් ඔවුන් සුදුසුකම් ලැබීමේ වටයේ ඉහළම ස්ථානයේ රැඳෙන්නට සමත් විය. පිතිකරුවකු වන ෂයිමාන් අන්වර් සහ පිට දඟ පන්දු යවන කී‍්‍රඩක රොහාන් මුස්ටාෆා යන කී‍්‍රඩකයින් මෙතෙක් ඔවුන්ගේ උපරිම දක්ෂතා අතරට පැමිණ නොමැති නමුත්, දකුණු ආසියාවේ කි‍්‍රකට් දැවැන්තයින් සමඟ තරඟ වැද මෙම තරඟාවලියේ බලාපොරොත්තු තබාගැනීමට නම් ඔවුන් තම උපරිම දක්ෂතාවයන් දැක්විය යුතු වේ.

සංචිතය – අජ්මාල් ජාවෙඞ් (නායක), අහමඞ් රාසා, මොහොමඞ් ෂේසාද්, මොහොමඞ් නවීඞ්, ස්වප්නිල් පටීල්, ෆර්හාන් අහමඞ්, කදීර් අහ්මඞ්, මුහමද් කලීම්, ෆහාඞ් ටරීක්, මුහමද් උස්මාන්, සක්ලේන් හේදර්, ෂයිමාන් අන්වර්, උස්මාන් මුෂ්ටාක්, සහීර් මස්කූඞ්

සම්පූර්ණ තර කාලසටහන

  • පෙබරවාරි 24 – බංගලාදේශය එරෙහිව ඉන්දියාව
  • පෙබරවාරි 25 – ශ්‍රී ලංකාව එරෙහිව ඒක්සත් අරාබි ඒමීර් රාජ්‍යය
  • පෙබරවාරි 26 – බංගලාදේශය එරෙහිව ඒක්සත් අරාබි ඒමීර් රාජ්‍යය
  • පෙබරවාරි 27 – ඉන්දියාව එරෙහිව පකිස්ථානය
  • පෙබරවාරි 29 – පකිස්ථානය එරෙහිව ඒක්සත් අරාබි ඒමීර් රාජ්‍යය
  • මාර්තු 1 – ඉන්දියාව එරෙහිව ශ්‍රී ලංකාව
  • මාර්තු 2 – බංගලාදේශය එරෙහිව පකිස්ථානය
  • මාර්තු 3 – ඉන්දියාව එරෙහිව ඒක්සත් අරාබි ඒමීර් රාජ්‍යය
  • මාර්තු 4 – පකිස්ථානය එරෙහිව ශ්‍රී ලංකාව
  • මාර්තු 6 – අවසන් මහා තරඟය

සෑම තරඟයක්ම ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00 ට Sher – E – Bangala ජාතික ක්‍රීඩාංගණයේදි පැවැත්වේ.