රාජකීයයෝ දෙවන අර්ධයේ දී බලය තහවුරු කර ගනියි

213

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ කුසලාන ශූරතාවයේ තරගයක දී කොළඹ රාජකීය විද්‍යාලය හා ගල්කිස්ස විද්‍යා විද්‍යාලය අද (8) තරග වැදුණේ කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි පිටියේ දී. පළමු අර්ධයේ විද්‍යා ප්‍රහාරයෙන් මිදී ලකුණු 41–20ක් ලෙස තරගයේ ජය තහවුරු කර ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් වුනා.

වෙස්ලි නිල් අකුණු සැරය ඉසිපතනය දවා අළු කරයි

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ තවත් තරගයක් අද (8) කොළඹ හැව්ලොක්…

තරගයේ පළමුවෙන් ලකුණු රැස් කළේ රාජකීය විද්‍යාලයීය කණ්ඩායමයි. තරගයේ පස්වැනි මිනිත්තුවේ දී රාජකීය නායක තුලේයිබ් හසන් විද්‍යා ආරක්ෂක වළලු බිඳ දමමින් ලකුණු රැස් කළ අතර දුලාන් ගුණවර්ධන එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නට සමත් වුනා. (රාජකීය 07-00 විද්‍යා)

කෙසේ වෙතත් රාජකීය ප්‍රහාරයට ඉතා ඉක්මනින් ප්‍රතිප්‍රහාර දුන් විද්‍යා ක්‍රීඩකයෝ නවිඳු ද සිල්වාගේ සුරතින් ලකුණු රැස් කරන්නට සමත් වුනා. රාජකීය පා පහරක් රැකගෙන එය ආක්‍රමණයක් බවට පත් කිරීමට ප්‍රින්ස් රැවිශින්ග් සමත් වූ අතර කවිඳු කුරේ අමතර ලකුණු රැස් කරමින් විද්‍යා ලකුණු පුවරුව ක්‍රියාත්මක කළා. (රාජකීය 07-07 විද්‍යා)

අනතුරුව පළමු අර්ධය පුරාවට විද්‍යා ක්‍රීඩකයින් තරගය තමන් සතුව තබා ගත් අතර කවිඳු කුරේ දඬුවම් පහර දෙකක් ද ගෝල කණු අතරින් පා කර හැරියේ ලකුණු 07-13ක් ලෙස තරගයේ පෙරමුණ ගල්කිස්සට රැගෙන යමින්.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

පළමු අර්ධය අවසානයේ දී රාජකීය ක්‍රීඩකයින් යළිත් තරගයට අවතීර්ණ වූයේ අචිත රදිශාන්ගේ උත්සාහයෙනි. කාල ප්‍රාන්තර 15ක් පමණ පන්දුව තමන්ගේ අතෙහිම තබාගෙන ක්‍රීඩා කළ රාජකීයයෝ පළමු අර්ධය අවසානයට තත්පර ගණනක් තිබිය දී තවත් වරක් ධවල රේඛාව ඉක්මවා ගියේ කෙවින් සමරසේකරගේ උත්සාහයෙනි. දුලාන් ගුණවර්ධන ඉන් එක් අවස්ථාවක දී අමතර ලකුණු එකතු කරන්නට සමත් වුනා.

පළමු අර්ධය: රාජකීය විද්‍යාලය 19 (3T, 2C) – 13 (1T, 1C, 2P) විද්‍යා විද්‍යාලය

දෙවන අර්ධය ඉතා සංසුන්ව ආරම්භ කළ රාජකීයයෝ ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේ දුලාන් ගුණවර්ධනගේ අලංකාර දඬුවම් පහරක් සමඟයි. රාජකීය ඉදිරිපෙළ සම්පූර්ණයෙන්ම තරගය තමන්ගේ බලයට නතු කර ගත් අතර රාජකීය ආක්‍රමණ පිළිබඳව කිසිදු අදහසක් නොතිබුණු, විද්‍යා ආරක්ෂක වළලු බිඳ දමමින් රදේශ් විජේරත්න සිව්වැනි රාජකීය උත්සාහක දිනුම රැස් කරන්නට සමත් විය. (රාජකීය 29 – 13 විද්‍යා)

කෙවින් සමරසේකර විද්‍යා ආරක්ෂක ක්‍රීඩකයින් තිදෙනෙක් බිඳ දමමින් අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කළේ රාජකීය විද්‍යාලයේ පස්වැනි උත්සාහක දිනුමත් ලකුණු පුවරුවේ සටහන් කරමින්. දුලාන් ඉතා පහසුවෙන් අමතර ලකුණු එකතු කරන්නට සමත් වුනා. (රාජකීය 36 – 13 විද්‍යා)

සාන්තුවරුන්ගේ ගැටුමෙන් මරදානට ජයග්‍රහණය

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ කුසලාන ශූරතාවයේ අද (8) පැවති…

ගිලිහෙමින් තිබූ තරගය රැක ගන්නට විද්‍යා විද්‍යාලයේ ඉදිරිපෙළ ක්‍රීඩකයින් මහත් මහන්සියක් ගත් අතර බිනුෂ ප්‍රනාන්දු රාජකීය ආරක්ෂක වළල්ලේ හිඩැසකින් දිවගොස් විද්‍යා විද්‍යාලයේ දෙවන උත්සාහක දිනුම රැස් කරන්නට සමත් විය. ඒ වන විටත් තරගය ඔවුන්ගෙන් ඈතට ගොස් තිබුනත් කවිඳු කුරේ අමතර ලකුණු ද එකතු කළේ කණ්ඩායමේ ගෞරවය ආරක්ෂා කර ගනිමින්. (රාජකීය 36 – 20 විද්‍යා)

70 වැනි මිනිත්තුව ආසන්නයේ රාජකීය ඉදිරිපෙළ හා පසුපෙළ ද්විත්වයම එක්ව ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ අහර නිපුන් යශෝජන පන්දුව පිටිය කොණට යොමු කිරීමෙන් උපරිම ප්‍රයෝජන ගෙන මිගාර මිහිසංක දක්ෂ ලෙස තවත් ලකුණු පහක් උදුරා ගන්නට සමත් විය.

අවසන් ලකුණු තත්වය: රාජකීය විද්‍යාලය 41 (6T, 1P, 4C) – 20 (2T, 2C, 2P) විද්‍යා විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – කෙවින් සමරසේකර

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • රාජකීය විද්‍යාලය – තුලයිබ් හසන් (1T), අචිත රදීශාන් (1T), කෙවින් සමරසේකර (2T), රදේශ් විජේරත්න (1T), මිගාර මිහිසංක (1T), දුලාන් ගුණවර්ධන (4C, 1P)
  • විද්‍යා විද්‍යාලය – නවිඳු ද සිල්වා (1T), බිනුෂ ප්‍රනාන්දු (1T), කවිඳු කුරේ (2C, 2P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<