සාන්තුවරුන්ගේ ගැටුමෙන් මරදානට ජයග්‍රහණය

281

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ කුසලාන ශූරතාවයේ අද (8) පැවති තරගයක දී ගල්කිස්ස සාන්ත තෝමස් කණ්ඩායම පරාජය කරමින් ජයතිලක ආර්යා අනුස්මරණ පලිහ දිනා ගන්නට මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සමත් වුනා. ඒ ලකුණු 22-10ක් ලෙස තෝමසුවන් පරාජය කරමින්.

තියුණු පරතරයකින් සාන්ත අන්තෝනි ක්‍රීඩකයින්ට ජය

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් සංවිධානය කරනු ලබන සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ පළඟ ශූරතාවයේ…..

තරගයේ පළමු වෙඩි මුරය තබන්නට සාන්ත තෝමස් විද්‍යාලය සමත් වූයේ ෂෙහාන් රාජපක්ෂගේ සුරතින්. තරගය ආරම්භ වීමෙන් මිනිත්තු 10කට පසු ෂෙහාන් පිටිය කොණෙන් ධවල රේඛාව ඉක්මවා ගිය අතර භාසුල වීරසිංහට ඉතා අපහසු ප්‍රවර්තනයක් සාර්ථක කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැත. (සාන්ත තෝමස් 05 – 00 සාන්ත ජෝසප්)

අනතුරුව ඇදහැළුණු මද වර්ෂාව නිසාම කණ්ඩායම දෙකම පන්දු හුවමාරුවේ දී අතපසුවීම් රාශියක් සිදු කිරීම විශේෂ කරුණක් විය. කෙසේ 23 වැනි මිනිත්තුවේ දී සාන්ත ජෝසප් ඉදිරිපෙළ ක්‍රීඩකයින් පන්දුවත් සමඟ ඉදිරියට ඇදුණු අතර ශෙවෝන් ග්‍රෙගරි උත්සාහක දිනුම් රේඛාවෙන් එපිටට පන්දුව රැගෙන ගොස් ලකුණු රැස් කරන්නට සමත් විය. සන්තුෂ් අල්ගම පහසුවෙන් අමතර ලකුණු එකතු කරන්නට සමත් විය. (සාන්ත තෝමස් 05 – 07 සාන්ත ජෝසප්)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

අනතුරුව කණ්ඩායම් දෙකම පන්දුව ගුවනේ රඳවා ආක්‍රමණයේ යෙදෙන බවක් දක්නට ලැබුණි. විශිෂ්ට ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ සාන්ත ජෝසප් නායකයා හා උප නායකයා තෝමස් ආරක්ෂක වළලු මුලා කළ අතර සෙන්ටර් ක්‍රීඩක ඉමේෂ් දිසානායක පන්දුව ධවල රේඛාවෙන් එපිටට රැගෙන යන්නට සමත් විය. සන්තුෂ් හට එහි ප්‍රවර්තනය නම් සාර්ථක කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැත.

පළමු අර්ධය: සාන්ත තෝමස් විද්‍යාලය 05 (1T) – 12 (2T, 1C) සාන්ත ජෝසප් විද්‍යාලය

දෙවන අර්ධය ආරම්භයත් සමඟම නැවත වරක් ලකුණු රැස් කරන්නට මරදාන ක්‍රීඩකයෝ සමත් වූහ. සිය පසුපෙළ යොදා ගනිමින් තෝමස් ආරක්ෂක වළලු බිඳ දැමූ ඔවුන් මෙවර ලකුණු රැස් කළේ රශෙන් ගුණවර්ධනගේ සුරතින්. පැවති දැඩි සුළඟ නිසාම සන්තුෂ්ට එහි ප්‍රවර්තනයත් සාර්ථක කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැත. (සාන්ත තෝමස් 05 – 17  සාන්ත ජෝසප්)

දිගින් දිගටම සාන්ත ජෝසප් ක්‍රීඩකයින් සිය උත්සාහක දිනුම් රේඛාව ආක්‍රමණය කළ අතර 41 වැනි මිනිත්තුවේ දී රශෙන් ගුණවර්ධන දෙවන වතාවටත් ලකුණු රැස් කිරීමට සමත් විය. මෙවර පිටිය මැද සිට උත්සාහක දිනුම් රේඛාව වෙත සුපිරි ධාවනයක යෙදෙමින් ඔහු ලකුණු රැස් කළ අතර තෝමස් ක්‍රීඩක සකිත් පෙරේරා ට ඔහුව නැවැත්වීමට හැකියාවක් ලැබුණේ නැත. සන්තුෂ් අල්ගම එහි ප්‍රවර්තනයත් සාර්ථක කර ගත්තේ නැත. (සාන්ත තෝමස් 05 – 22 සාන්ත ජෝසප්)

වෙස්ලි නිල් අකුණු සැරය ඉසිපතනය දවා අළු කරයි

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ තවත් තරගයක් අද (8) කොළඹ හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණේ ප්‍රබල ඉසිපතන……

කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් දිගින් දිගටම අතපසුවීම් සිදු කළ අතර විනිසුරු ජමාල්ඩීන්, ජයවර්ධන හට කහ කාඩ්පතක් ලබා දී පිටියෙන් ඉවත් කිරීමට තීරණය කරන ලදි. අනතුරුව 64 වැනි මිනිත්තුවේ දී ඒරොන් පෙරේරා හා ග්‍රේෂම් තංගරාජා හරවා ක්‍රීඩාගාරයට යැවීමට විනිසුරු තීරණය කළ අතර එහි උපරිම වාසියෙන් තෝමස් ප්‍රොප් ක්‍රීඩක ශේනුක් පෙරේරා උත්සාහක දිනුම් රේඛාවෙන් එපිටට පන්දුව රැගෙන යන්නට සමත් විය. (සාන්ත තෝමස් 10 – 22 සාන්ත ජෝසප්)

ලැබුණු කහ කාඩ්පත් නිසා පිටියේ රැඳී සිටියේ ජෝසප් ක්‍රීඩකයින් 12ක් පමණක් වූ නමුත් සාන්ත තෝමස් ක්‍රීඩකයින්ට ලකුණු රැස් කිරීමට නොහැකි වූයේ දිගින් දිගටම ඔවුන් සිදු කළ අතපසු වීම් නිසයි.  

අවසානයේ ජයතිලක ආර්යා පලිහ තවත් වසරක් මරදානේ රඳවා ගැනීමට සාන්ත ජෝසප් විද්‍යාලය සමත් විය.

අවසන් ලකුණු තත්වය: සාන්ත ජෝසප් විද්‍යාලය 10 (2T) – 22 (4T, 1C) සාන්ත ජෝසප් විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – රශෙන් ගුණවර්ධන (සාන්ත ජෝසප්)

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්:

  • සාන්ත තෝමස් විද්‍යාලය – ෂෙහාන් රාජපක්ෂ (1T), ශේනුක් පෙරේරා (1T)
  • සාන්ත ජෝසප් විද්‍යාලය – රශෙන් ගුණවර්ධන (2T), ඉමේෂ් දිසානායක (1T), ශෙවෝන් ග්‍රෙගරි (1T), සන්තුෂ් අල්ගම (1C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<