චන්දිමාල් කොළඹට, මැතිව්ස් නුවරට නායකත්වය ලබා දෙයි

2024
SLC Provincial Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් සංවිධානය කරනු ලබන 2018 සිව්දින පළාත් ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් 4ක සහභාගීත්වයෙන් මෙම මස 30 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ජාතික තලයේ සියලුම ක්‍රීඩකයින් ද ඇතුළුව ක්‍රීඩකයින් 80කට අධික සංඛ්‍යාවක් මෙම තරගාවලිය සඳහා සහභාගී වන අතර ඒ අනුව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සහ මැයි හා ජුනි මාසවල දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමට ජාතික තේරීම් කමිටුව හට මෙම තරගාවලිය ඉවහල් වනු ඇත.

ෂෙහාන්, තරංග, දිමුත් සහ දසුන් දක්ෂ පිතිකරණයක

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ…

ඒ අනුව මෙම පළමු පෙළ පළාත් තරගාවලිය, පසුගිය මාසයේ දී කණ්ඩායම් 23ක සහභාගීත්වයෙන් අවසන් වූ ක්‍රීඩා සමාජ තරගාවලියට වඩා දැඩි තරගකාරී මුහුණුවරක් ගනු ඇත.

තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් 4 සඳහා දිනේෂ් චන්දිමාල් (කොළඹ) සුරංග ලක්මාල් (ගාල්ල), ඇන්ජෙලෝ මැතිව්ස් (මහනුවර) සහ දිමුත් කරුණාරත්න (දඹුල්ල) යන ක්‍රීඩකයින් නායකත්වය ලබා දෙනු ඇත.

ඒ අනුව සියලුම කණ්ඩායම් ඔවුන්ට එරෙහිව එක් වරක් තරග වදින අතර එයට රෝස පැහැති පන්දුවෙන් පැවැත්වෙන එක් දිවා රාත්‍රී තරගයක් ද ඇතුළත් වේ. අනතුරුව තරගාවලිය අවසානයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් හිමිකරගෙන සිටින කණ්ඩායමට මෙහි ශූරතාවය හිමිවනු ඇත.

2016 වසරේ දී ටෙස්ට් තරගවලින් සමුගත් තිසර පෙරේරා මෙම තරගාවලියේ දී නැවතත් තරග බිමට පිවිසෙන අතර ඊට අමතරව ආබාධවලට ලක්වීම හේතුවෙන් පසුගිය දා අවසන් වූ නිදහස් කුසලාන තරගාවලිය අහිමි වූ ඇන්ජෙලෝ මැතිව්ස්, අසේල ගුණරත්න සහ ෂෙහාන් මදුසංක මෙම තරගාවලියේ දී ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය පෙන්වීමට බලාපොරොත්තුවෙන් පසුවනු ඇත.

නායකත්වයේ ඉනිමක් දියත් කළ පුලින නොදැවී ශතකයක් වාර්තා කරයි

මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය හා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර 60 වැනි වරටත්..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් සංවිධානය කරනු ලැබූ ‘A’ කාණ්ඩයේ තරගාවලියේ දී ඉහළ දස්කම් දැක්වූ සියලුම ක්‍රීඩකයින් මෙහි තේරීම් කටයුතු සඳහා සලකා බලා ඇති අතර ඊට අමතරව වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් 08 දෙනෙක් ද මේ සඳහා ඇතුළත් කර ඇත.

කොළඹ –  දිනේෂ් චන්දිමාල් (නායක), ධනංජය ද සිල්වා, කෞශාල් සිල්වා, ෂෙහාන් ජයසූරිය, ලහිරු තිරිමාන්න, ප්‍රිමොෂ් පෙරේරා, චාමර සිල්වා, ඇන්ජලෝ පෙරේරා, ලසිත් අබේරත්න, ලහිරු උදාර, වනිඳු හසරංග, තිසර පෙරේරා, ලසිත් ඇඹුල්දෙනිය, දිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු, කවිෂ් අංජුල, කමින්දු මෙන්ඩිස්, නිපුන් මාලිංග, චරිත් සේනානායක (කළමනාකරු), අවිශ්ක ගුණවර්ධන (පුහුණුකරු).

ගාල්ල – සුරංග ලක්මාල් (නායක), දසුන් ශානක, ලහිරු මිලන්ත, රුමේෂ් බුද්ධික, පබසර වඩුගේ, සම්මු අශාන්, ඕෂද ප්‍රනාන්දු, රොෂේන් සිල්වා, චතුරංග ද සිල්වා, ජනිත් ලියනගේ. ලක්ෂිත මදුෂාන්, සධීර සමරවික්‍රම, අකිල ධනංජය, මාධව වර්ණපුර, මොහොමඩ් ඩිල්ශාඩ්, උපුල් තරංග, මාලින්ද පුෂ්පකුමාර, නිසල තාරක, නිශාන් පිරිස්, දනංජය ලක්ෂාන්, අශේන් බණ්ඩාර,  වරුණ වරාගොඩ (කළමනාකරු), හෂාන් තිලකරත්න (පුහුණුකරු).

මහනුවර – ඇන්ජලෝ මැතිව්ස් (නායක), නිරෝෂන් දික්වැල්ල, පැතුම් නිස්සංක, ප්‍රියමාල් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, ප්‍රභාත් ජයසූරිය, අසේල ගුණරත්න, තරංග පරණවිතාන, මිනෝද් භානුක, චාමර කපුගෙදර, චාමික කරුණාරත්න, ජීවන් මෙන්ඩිස්, ලහිරු කුමාර, රමේෂ් මෙන්ඩිස්, මහේල උඩවත්ත, සචිත් පතිරණ, කසුන් රාජිත, ලහිරු සමරකෝන්, ජෙහාන් ඩැනියල්, හසිත බෝයගොඩ, මලින්ද වර්ණපුර (කළමනාකරු), පියල් විජේතුංග (පුහුණුකරු).

දඹුල්ල – දිමුත් කරුණාරත්න (නායක), කුසල් ජනිත් පෙරේරා, නිපුන් කරුණානායක, මිලින්ද සිරිවර්ධන, කුසල් මෙන්ඩිස්, සචිත්‍ර සේරසිංහ, ලහිරු ගමගේ, සංගීත් කුරේ, තරිඳු රත්නායක, අශාන් ප්‍රියන්ජන්, රංගන හේරත්, ඉෂාන් ජයරත්න, චානක කොමසාරු, අසිත ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩසේ, සචිත්‍ර සේනානායක, ශෙහාන් මදුසංක, හිමේෂ් රාමනායක, නිශාන් මධුෂ්ක, රශ්මික ඩිල්ශාන්, විනොතන් ජෝන් (කළමනාකරු), සුමිත්‍ර වර්ණකුලසුරිය (පුහුණුකරු).

තරග කාලසටහන,

මාර්තු 30 සිට අප්‍රේල් 2 දක්වා

  • දඹුල්ල හා මහනුවර – කටුනායක නිදහස් වෙළඳ කළාප පිටිය
  • කොළඹ හා ගාල්ල – හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය

අප්‍රේල් 8 සිට අප්‍රේල් 11 දක්වා (රෝස පන්දුවෙන් පැවැත්වෙන දිවා/රාත්‍රී තරග)

  • ගාල්ල හා දඹුල්ල – රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණය
  • මහනුවර හා කොළඹ – හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය

අප්‍රේල් 21 සිට අප්‍රේල් 24 දක්වා

  • දඹුල්ල හා කොළඹ – රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණය
  • ගාල්ල හා මහනුවර – හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය    

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<