සුපිරි එංගලන්ත ක්‍රීඩකයා IPL සඳහා නොඉවසිල්ලෙන්

85
Eoin Morgan

මේ දිනවල පැතිර යන COVID-19 වයිරසය නිසා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ වන දිනය පෙනෙන තෙක් මානයකවත් නොමැති වුනත්, එංගලන්ත නායක ඔයින් මෝර්ගන් ඒ පිළිබඳ සුභවාදී බලාපොරොත්තු තබාගෙන සිටිනවා. 

මෝර්ගන් පවසා සිටින්නේ මින් ලැබුණු හොඳම දායාදය නම් ඔහුගේ පළමු දරුවාගේ උපත ඔහුට දැක ගන්නටත්, ඔහු සමඟ රැඳෙන්නටත් ලැබීම බවයි. ඔහු තවදුරටත් පවසා සිටින්නේ තමන් වසර තුනක් ක්‍රීඩා කළ KKR කණ්ඩායම IPL තරගාවලියේ හොඳම කණ්ඩායමක් බවත්, තමන් ඉතා ඉක්මනින් එම කණ්ඩායම සමඟ එකතු වීමට කැමැත්තෙන් සිටින බවත්ය.

ක්‍රිකට් ප්‍රමාද දෝෂයට එංගලන්තයෙන් සැලසුමක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය තවදුරටත් ප්‍රමාද වීම

“මම නැවත කල්කටා වෙත යන්නට ලැබීම පිළිබඳව බොහොම උද්‍යෝගයෙන් සිටින්නේ. මම එහි තරගවාර තුනක් ක්‍රීඩා කළා, මා ඉන් බොහොම සතුටට පත්වුනා.” මෝර්ගන් කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ වෙබ් අඩවියට පවසා  තිබුණා. 

“ඔවුන් ඉන්දියාවේ හොඳම කණ්ඩායමක්, අයිතිකරුවන්ගේ සිට යොවුන් ක්‍රීඩකයින් දක්වා, මම කැමතියි ඔවුන්ගේ සැලසුම් කරණයට, ඔවුන් මුල සිටම ඉන්දියන් ප්‍රිමියර් ලීගය සඳහා සැලසුම් හදනවා, ඔවුන් තරගාවලියේ සාර්ථකම කණ්ඩායමක්, ඒ ඇයි කියලා මනාව පෙනෙනවා. ඔවුන් පවත්වා ගෙන යන අඛණ්ඩ දක්ෂතා හා ක්‍රීඩකයින් අතර තිබෙන විශ්වාසය අතිවිශිෂ්ටයි. එවන් කණ්ඩායම් ආයේ සිටින්නේ මුම්බායි හා චෙන්නායිවල පමණයි. ඔවුන් ක්‍රීඩකයින්ට උපරිම සහය දෙනවා වගේම ඔවුන් දැක්කොත් ඔබට නායකත්ව ගතිගුණ තිබෙනවා කියලා ඔවුන් ඔබට දිය හැකි උපරිම අවස්ථාව ලබා දෙනවා.”

ගෞතම් ගාම්බීර් යටතේ 2012 වසරේ කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සිය මංගල IPL ශූරතාව දිනා ගද්දිත් මෝර්ගන් ද එහි සාමාජිකයෙක්. ඔහු එම අදියරේ දී එකදු තරගයක්වත් ක්‍රීඩා නොකළත් එහි මතකයන් ඔහු සිතේ නොනැසී පවතිනවා.

“2012 හරිම කලබලකාරී තරගාවලියක්, මංගල IPL කුසලානය දින ගනිද්දී කණ්ඩායමේ සිටීමත්, කණ්ඩායම කුසලානය සමඟ කල්කටා වෙත එද්දී අත්දකින්නට ලැබුණු දේත් හරිම විශේෂයි. මට ඉන්නට ලැබුණේ පැය දෙකක් පමණ කෙටි කාලයක් පමණක් වුනත්, මිනිසුන් වීදි පුරා පිරි සිටියා. ඊඩන් ගාර්න්ඩ්ස් පිටිය මිනිසුන්ගෙන් ඉතිරිලා තිබුණා. ක්‍රීඩකයින් සමඟ ප්‍රේක්ෂකයින් ඡායාරූප ගනිද්දී ඔවුන්ගේ සිතේ තිබුණේ පැහැදිලි සතුටක්. ප්‍රේක්ෂකයින්ගේ සහය අතිවිශිෂ්ටයි.”

මෙවර තරගාවලියට මෝර්ගන් පිවිසෙන්නේ ලෝක කුසලානය දිනූ ලොව හොඳම සීමිත පන්දුවාර නායකයෙක් ලෙසයි. එසේ වුනත් ඔහු නයිට් රයිඩර්ස් නායක දිනේෂ් කාර්තික්ගෙන් ඉන්දියාවේ දී නායකත්වය පිළිබඳව උගත හැකි හැමදේම ඉගෙනීමේ බලාපොරොත්තුවෙන් සිටිනවා.

පුජාරාගේ එංගලන්ත ගමන නවතියි

ගෝලීය වසංගතයක් වන COVID-19 හමුවේ ලොව පුරා සියලු ක්‍රීඩා තරග මේ වන

“මම කාර්තික් සමඟ කතා කළා වගේම නත්තලට කලින් මට ඔහුව මුම්බායි හිදී හමුවුනා. ඔහු විශිෂ්ට පුද්ගලයෙක්. දක්ෂ ක්‍රීඩකයෙක්. මම බලාපොරොත්තුවෙන් සිටිනවා හැකි සෑම විටම ඔහුට සහය දෙන්නට. ඒ සමඟම මට අවශ්‍යයි ඔහුගෙන් ඉගෙන ගන්න පුළුවන් හැමදේම ඉගෙන ගන්න. ඉන්දියාවේ දී ක්‍රීඩා කිරීම පිළිබඳව නායකයෙකුට ඉගෙන ගත හැකි දේවල් ගොඩක් තිබෙනවා. මම සෑම විටම ඔහුගේ මනස ක්‍රියාත්මක වෙන ආකාරය බලාගෙන ඉන්නේ. අනෙක් ජාත්‍යන්තර ක්‍රීඩකයින් වගේම මම කළ හැකි හැමදේම කරනවා කණ්ඩායම වෙනුවෙන්. හැමෝම මේ විරාමය ඉවර වෙලා ක්‍රීඩා කරන්න එන්නේ හරිම උනන්දුවෙන්, උද්‍යෝගයෙන්. ඒ නිසා තරගාවලිය හරිම අලංකාර වෙයි.”

මෙවර බ්‍රෙන්ඩන් මැකලම් නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර මෝර්ගන් කිහිප වරක්ම මැකලම්ගේ ක්‍රීඩා විලාසය එංගලන්තය උදාහරණයට ගත බව පවසා තිබුණා.

“මම බොහොම වාසනාවන්තයි ඔහු මගේ හොඳම සගයෙක් කියලා කියන්න. ඉතිහාසය පුරා අපි දෙදෙනාට හොඳින් හඳුනා ගන්නට ලැබුණා. අපි ඉස්සෙල්ලම හමුවුනේ කොල්කටා හිදී. අපි දෙදෙනා එකට ක්‍රීඩා කළා.”

“මම හිතනවා ඔහුගේ දායකත්වය නවසීලන්තයට මෙන්ම මුළු ක්‍රිකට් ලෝකයටම ලැබුණා. එයට 2015 ලෝක කුසලාන තරගාවලිය හොඳ උදාහරණයක්. ඔවුන් ජාතියක බලාපොරොත්තුව තමන් බව ඔප්පු කරමින් ක්‍රීඩා කළා. ඔවුන් ධනාත්මක ක්‍රිකට් ක්‍රීඩා කළා. ඔවුන් ආක්‍රමණශීලී ක්‍රිකට් ක්‍රීඩා කළා. එම ක්‍රීඩාව බැලීමට හරිම ලස්සනයි. එය ඉතා ආකර්ෂණීය වුනා. මම හිතන්නේ මැකලම් තමා නවසිලන්ත කණ්ඩායමේ ඒ  වෙනසට හේතුව. මම හිතනවා ඔවුන් ආකෘති තුනේම වෙනස් ලෙස ක්‍රීඩා කිරීමට හේතුව මැකලම් කියලා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<