BLAZE කුසලානය නැවතත් රැන්ඩල්ස් කන්දට

1758

සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ දී වාර්ෂිකව පැවැත්වෙන සටන් කීපයකි. එහි ප්‍රධාන ස්ථානයක් හිමිවන මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය උරෙන් උර ගැටෙන LE BLAZE කුසලානය සඳහා වන තරගය මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී අද (03) නිමාවට පත්විය. එම තරගය ලකුණු 17-12ක් ලෙස ජයග්‍රහණය කළ කිංග්ස්වුඩ් කණ්ඩායම නැවතත් LE BLAZE කුසලානය තමන් යටතට ගැනීමට සමත් විය.

රාජකීයයන්ගෙන් ඇතුගල්පුරයට රාජකීය සංග්‍රහයක්

2019 සිංගර් අන්තර් පාඨශාලීය ලීග් රග්බි තරගාවලියෙහි පළමු කාණ්ඩය නියෝජනය කරමින් තරග වදින කොළඹ රාජකීය විද්‍යාලය සහ

තරගය ආරම්භ කිරීම වෙස්ලි විද්‍යාලය විසින් සිදු කළ අතර තරගයේ මුල් මිනිත්තුවේ දී ම දඩුවම් පහරක් ඔවුන්ට හිමි විය. ප්‍රවර්තනයක් මගින් ලකුණු රැස්කිරීමට වෙස්ලි ක්‍රීඩකයන් ගත් උත්සාහය ව්‍යර්ථ වූ අතර තරගයේ 6 වැනි මිනිත්තුවේ දී තවත් දඩුවම් පහරක් ඔවුන්ට හිමි විය. එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වූ වෙස්ලි ක්‍රීඩකයෝ ලකුණු ලබාගැනීම ආරම්භ කළහ. (වෙස්ලි 03-00 කිංග්ස්වුඩ්)

තරගයේ 12 වැනි මිනිත්තුවේ දී කිංග්ස්වුඩ් කණ්ඩායමට දඩුවම් පහරක් ලැබුණු අතර scrum අවස්ථාවක් මගින් ලකුණු රැස්කිරීමට ඔවුන් ගත් උත්සාහය වෙස්ලි ඉදිරිපෙළ හමුවේ අසාර්ථක විය. 14 වැනි මිනිත්තුවේ දී ද ලකුණු ලබා ගැනීමට තිබූ පහසු අවස්ථාවක් knock-on වීම නිසා මගහැරී ගියේ අවාසනාවන්ත අයුරිනි.

තරගයේ 16 වැනි මිනිත්තුව වන විට වෙස්ලි සීමා ඉර ආක්‍රමණය කළ කිංග්ස්වුඩ් කණ්ඩායම ප්‍රතිවාදී ඉදිරිපෙළ ක්‍රම ක්‍රමයෙන් බිඳ දැමීමට උත්සාහ කළේය. එහි දී අනතුරුදායක වැළැක්වීමක් නිසා වෙස්ලි ක්‍රීඩකයෙකුට කහ කාඩ්පතක් නිකුත් කළ අතර එහි උපරිම ප්‍රයෝජනය ලබා ගත් කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ තරගයේ 19 වැනි මිනිත්තුවේ දී පළමු උත්සාහ දිනුම වාර්තා කළේය. එහි ප්‍රවර්තනය අසාර්ථක වුවත් ලකුණු දෙකක පරතරයක් ලබා ගැනීමට ඔවුන් සමත් විය. (වෙස්ලි 03-05 කිංග්ස්වුඩ්)

කිංග්ස්වුඩ් ලබා ගත් උත්සාහක දිනුමට සාර්ථක ප්‍රතිචාරයක් දැක්වූ වෙස්ලි ක්‍රීඩකයෝ තරගයේ 22 වැනි මිනිත්තුව වන විට කිංග්ස්වුඩ් සීමා ඉර ආක්‍රමණය කළහ. එහි දී ලැබුණු දඩුවම් පහරක් සාර්ථක කර ගත් වෙස්ලි ක්‍රීඩකයන් ලකුණු තත්ත්වය ලකුණු 6ක් දක්වා ඉහළ නංවා ගත්තේය. (වෙස්ලි 06-05 කිංග්ස්වුඩ්)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

25 වැනි මිනිත්තුවේ දී කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ පන්දුව වෙස්ලි සීමා ඉර ආසන්නයට ‍රැගෙන ආ නමුත් වෙස්ලි කණ්ඩායම නැවතත් කිංග්ස්වුඩ් අර්ධය වෙත පන්දුව ගෙන ගියහ. තරගයේ 28 වන මිනිත්තුවේ දී ඩ්‍රොප් ගෝලයක් මගින් ලකුණු රැස්කිරීමට වෙස්ලි ක්‍රීඩකයන් උත්සාහ කළ ද එය අසාර්ථක විය. තවත් දඩුවම් පහරක් 32 වැනි මිනිත්තුවේ දී වෙස්ලි කණ්ඩායමට හිමි වූ අතර එය ද සාර්ථක ලකුණු 3ක් බවට පත් කර ගත් ඔවුන් ලකුණු 9-5ක් ලෙස පළමු අර්ධය කළේය.

පළමු අර්ධය: වෙස්ලි විද්‍යාලය 09 – 05 කිංග්ස්වුඩ් විද්‍යාලය

වෙස්ලි ලකුණු පුවරුවට තවත් ලකුණු 3ක් තරගයේ 53 වැනි මිනිත්තුවේ දී එක්වූ අතර එය දඩුවම් පහරක් මගින් වාර්තා විය. (වෙස්ලි 12-05 කිංග්ස්වුඩ්)

මීළඟ මිනිත්තු කීපයේ දී වෙස්ලි සීමා ඉර ආක්‍රමණය කළ කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ ප්‍රබල ප්‍රහාරයක් දියත් කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස 61 වැනි මිනිත්තුවේ දී S. වීරසිංහ විසින් උත්සාහක දිනුමක් වාර්තා කළේ ලකුණු පරතරය ලකුණු දෙකක් දක්වා අඩු කරමිනි. ප්‍රවර්තනය අසාර්ථක වීම නිසා ලකුණු 2ක් එක් කරගැනීමට නොහැකි විය. (වෙස්ලි 12-10 කිංග්ස්වුඩ්)

හැව්ලොක් හදවත් හඬවමින් මහනුවර ශූරතාව දිනයි!

ඉතා උණුසුම් තරගයකට පසු ලකුණු දෙකක පරතරයෙන් 2018/19 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි ශූරතාව අඛණ්ඩව පස්වන

තරගයේ 67 වැනි මිනිත්තුවේ දී වෙස්ලි කණ්ඩායම උත්සාහක දිනුමක් වාර්තා කළ ද කණ්ඩායමේ ක්‍රීඩකයෙක් විසින් කළ වැරැද්දක් නිසා දඩුවම් පහරක් කිංග්ස්වුඩ් කණ්ඩායමට හිමි විය. වෙස්ලි කණ්ඩායම කිංග්ස්වුඩ් මැදපෙළ පසුකර යාමට ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ කිරීමට කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ සමත් වුවද 70 වැනි මිනිත්තුවේ දී දඩුවම් පහරක් වෙස්ලි කණ්ඩායමට ලැබුණි. එය අසාර්ථක වීමත් සමඟම ක්‍රියාත්මක වූ කිංග්ස්වුඩ් කණ්ඩායම 72 වැනි මිනිත්තුවේ දී දක්ෂ උත්සාහක දිනුමක් වාර්තා කළේ වෙස්ලි කණ්ඩායම අසරණ කරමිනි. ප්‍රවර්තනය ද සාර්ථක කර ගත් කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ ලකුණු 5ක පරතරයක් ලබා ගත්හ. (වෙස්ලි 12-17 කිංග්ස්වුඩ්)

තරගයේ නිමාව සටහන් කරන විටත් ලකුණු තත්ත්වය වෙනස් නොවූ අතර වෙස්ලි කණ්ඩායම ලකුණු ලබා ගැනීමට ගත් සියලු උත්සාහයන් අසාර්ථක වීම නිසා 34 වැනි LE BLAZE කුසලානය රැන්ඩල්ස් කන්දට රැගෙන යාමට කිංග්ස්වුඩ් ක්‍රීඩකයන් සමත් වූයේ රැස්ව සිටි විශාල ප්‍රේක්ෂකයන්ගේ ජය ඝෝෂා සමඟිනි.

අවසන් ලකුණු තත්ත්වය: වෙස්ලි විද්‍යාලය 12 (4P) – 17 (3T, 1C) කිංග්ස්වුඩ් විද්‍යාලය

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • වෙස්ලි විද්‍යාලය: එම් සුබායිර් (4P)
  • කිංග්ස්වුඩ් විද්‍යාලය: ඩී ෆාරිඩ් (1T), එස්. වීරසිංහ (2T), ඒ. සෙනවිරත්න (1C)

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<